''හස්බන්ඩ් මාව සීමා කරලා නෑ. එයා කියන්නෙ ලස්සනට අඳින්න කියලා...'': හස්බන්ඩ් ගැන ශලා කියන කතාව

MonaraMonara

ඡායාරූප : facebook

ශලනි තාරකා කියන්නෙ මෙරට කලා ක්ෂේත්‍රය තුළ නිතර කතාබහට ලක්වන තාරකාවක්.

ගෙවුණු කාලයේ ඇය ගැන වඩාත් කතා කරන්න හේතු කාරණා සකසලා තිබුණේ සිය විවාහ උත්සවය.

අති උත්කර්ෂවත් අන්දමින් පැවති එය මෑත කාලයේ දක්නට ලැබුණු ආකර්ෂණීයම විවාහ මංගල්‍යයක් වුණා කිව්වොත් හරි.

ඊට පස්සෙත් ශලාට ආදරය කරන කවුරුත් ඇයගේ ආදරණීය පවුල් ජීවිතය ගැන තොරතුරු හොයන්න අමතක කළේ නෑ.

මොකද ශලා කියන්නෙ ඒ තරමට රසික හදවත්වල උඩින්ම වැජඹෙන තාරකාවක්.

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook

විවාහයත් එක්ක අපි දකිනවා ගොඩක් ගැහැනු ළමයි තමන් කරන විලාසිතාවන් පවා වෙනස් කරනවා. නමුත් ශලා නම් තාමත් ඒ විදියමයි.

දැන් දැන් ඇය ඉස්සරටත් වඩා ලස්සනට ෆැෂන් කරනවා වගේ.

ISHANISHAN

ISHAN

ඔන්න ඉතින් පහුගිය දවසක රැෆෙලාගේ තරු කැලැන්ඩරය එළිදැක්වීමේ අවස්ථාවට එක්කාසු වෙමිනුත් ඈ ඒ ගැන මෙන්න මේ විදියට ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් හමුවේ කතා කරලා තිබුණා.

''ෆැෂන් කියන්නෙ එක එක්කෙනාගෙ කැමැත්ත.

සමහර ගෑනු ළමයි ඉන්නවා ෆැෂන් කරන්න කැමතියි,

නමුත් එයාගෙ හස්බන්ඩ් හරි බෝයි ෆ්‍රෙන්ඩ් හරි කැමති නැති නිසා එයාට කැමති විදියට තමයි ගොඩක් අය ෆැෂන් කරන්නෙ.

හැබැයි මට එහෙම නෑ මගෙ හස්බන්ඩ්ගෙන්. යාළුවෙලා හිටපු කාලෙත් නෑ. බැන්දට පස්සෙත් නෑ.

එයා හැම වෙලාවෙම කියන්නෙ ලස්සනට අඳින්න කියලා.

මම හැම වෙලාවෙම ට්‍රයි කරනවා මට ගැළපෙන මගේ ශරීරයට ගැළපෙන තැනට ගැළපෙන දේවල් කරන්න.

මම හැම වෙලාවෙම ට්‍රයි කරනවා ට්‍රෙන්ඩ් එකක් එක්ක යන්න.

අපි ලංකාවේ ජීවත් වුණාට ලෝකෙම යන ට්‍රෙන්ඩ්ස් එක්ක අපි ඉස්සරහට යන්න ඕනි...''