''එයා හිතාගෙන හිටියෙ මාව බැඳලා කියලා..'' ''දවස් තුනක් අපේ ගේට් එක ගාව, කන්නෙ බොන්නෙත් නැතුව...'': නොකා නොබී ශලා එනකල් මඟ රැකගෙන උන්නේ කවුද ? ''පිස්සුවෙන් වගේ.. එයා නිකන් මායාවක හිටියෙ..''

MonaraMonara

ඡායාරූප : facebook

ජනප්‍රිය චරිතයක් වුණාම ප්‍රතිචාර වැහි වැහැලා.

සමහර රසික ප්‍රතිචාර කොච්චර බලපෑමක් කරනවද කියලා කිව්වොත්, ඇතැම් වෙලාවට ඒවා තරමක කරදරකාරී ස්වභාවකුත් ගන්නවා.

හැබැයි ඉතින් රසිකයින්ගේ ප්‍රතිචාර, ඔවුන්ගේ ආදරය වටින නිසාම ''තරු චරිත'' ලේසියෙන් කෙනෙක්ගෙ හිත රිදවන්නෙ නෑ.

මේ කතාව අපි කිව්වෙ, පහුගිය දවසක "RR Show" වැඩසටහන එක්ක එක්කාසු වුණු ජනප්‍රිය නිළි ශලනි තාරකා කිව්ව කතාවක් එක්ක.

facebookfacebook

facebook

මේ ඇයට ලැබුණු සුවිශේෂී රසික ප්‍රතිචාර කිහිපයක්...

''එක ෆෑන් කෙනෙක් හිටියා, එයාගෙ මනසෙ තියෙන්නෙ එයා මාව බැඳලා කියලා.

එයා කෝල් ගන්නවා, මට සමහර වෙලාවට වදයක් ඒක ඇත්තටම.

එතකොට මම ඒලෙවල් කරනවා.

ඒ කාලෙ තාක්ෂණයත් මෙච්චර දියුණු නෑනෙ. එතකොට පාවිච්චි කරන්නෙ මුල්ම ස්මාර්ට් ෆෝන් ටික.

ෆේස්බුක් එහෙම ආපු මුල් කාලෙ.

ඉතින් මෙයා මට කතා කරලා ගෙදෙට්ට හොයන් එනවා. තෑගි ගෙදර තියලා යනවා.

සමහර වෙලාවට මම ගෙදර නැහැ.

නමුත් පිස්සුවෙන් වගේ... එයා නිකන් මායාවක හිටියෙ කසාද බැඳලා ඉන්නෙ වගේ...

ඊට පස්සෙ ඒක දරුණුවටම ප්‍රශ්නයක් වෙලා, ඒගොල්ලන්ගෙ ගෙවල්වලටත් කතා කරලා.... ඒ ළමයා අසනීප වෙනවනෙ නැත්නම්.

අපේ ගෙදරින් ඒ ගෙවල්වලටත් කතා කරලා පොඩ්ඩක් හරි ගියා...''

''එතකොට තව එක්කෙනෙක් හිටියා, අනුරාධපුර පැත්තෙ ඉදන් වගේ ඇවිත්.

මීගමුවෙ පාර අයිනෙ ගෙදර තිබ්බෙ.

මම ගොඩක් වෙලාවට කොළඹ ඉන්නෙ. මොකද මම ශූටිං යන නිසා මට ලේසි.

නිතරම කොළඹ තමයි ඉන්න වෙන්නෙ.

මෙයා මගෙ පත්තරවල ගිය ඒවා ගොඩක් එකතු කරගෙන දවස් තුනක් අපේ ගේට් එක ගාව ඉඳලා තියෙනවා, කන්නෙ බොන්නෙත් නැතුව මම එනකල්.

එතකොට එහා පැත්තෙ බේකරි එකක් තියෙන්නෙ. ඒගොල්ලො තමයි කන්න එහෙම දීලා තියෙන්නෙ.

අන්තිමට බස් එකේ යන්නවත් සල්ලි නෑලු එයාට.

මුල්ම කාලෙ වෙච්ච දෙයක් ඔය.. ඒ වගේ කීපයක් තියෙනවා...''

facebookfacebook

facebook