ගුවන් යානයක් පැහැරගත්ත, ලංකා ඉතිහාසයේ පළවැනියා "සේපාල ඒකනායක": දරුදුකට ගුවන් යානයක් පැහැරගත්ත, ලංකා ඉතිහාසයේ පළවැනියා "සේපාල ඒකනායක"

MonaraMonara

දරුදුකට ගුවන් යානයක් පැහැරගත්ත, ලංකා ඉතිහාසයේ පළවැනියා "සේපාල ඒකනායක" Wikipedia

"ගුවන් ගමන් ඉතිහාසයේ පිටුවක් පෙරළා..

සියුම් ලෙසින් වැඩක් කරපු සිංහල කොල්ලා...

අමනුස්සකමයි, දස්සකමයි එකට එක් කළා..

ලක්ෂ 60යි අඹුදරුවෝයි ගත්ත බේරලා..

සේපාල ඒකනායක... සේපාල ඒකානයක.."

ඇන්ටන් ජෝන්ස් කියන බයිලා ගායකයා, "සැබෑ සිද්ධි" කියන කැසට් එකට කියපු ඒ සිංදුව ඔබටත් අහලා පුරුදු ඇති.

"ඇන්ටන් ජෝන්ස්" මේ කියන්නෙ සත්‍ය වශයෙන්ම ලංකා ඉතිහාසයේ ගුවන් යානයක් "තනිවම" පැහැරගත්ත "සිංහල හාදයෙක්" ගැන.

ඔහු නමින් සේපාල ඒකනායක.

1982 දී ඉතාලියේ අලිටාලියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ඔහු විසින් පැහැරගෙන තිබුණා.

ඔහු නිසාම, එවකට සිටි ජනපති ජේ. ආර්. ජයවර්ධනට ව්‍යවස්ථාවට අලුත් වගන්තියකුත් එකතු කරන්න වුණා කියන කතාවත් ප්‍රසිද්ධයි.

(මෙය ලංකා ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සම්පාදනය කරන ලද පළමු නීතිය ලෙස ඉතිහාසයට එක්වනවා.)

WikipediaWikipedia

මේ කියන්නෙ සත්‍ය වශයෙන්ම ලංකා ඉතිහාසයේ ගුවන් යානයක් "තනිවම" පැහැරගත්ත "සිංහල හාදයෙක්" ගැන. Wikipedia

සේපාල උපත ලබන්නෙ මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ග්‍රාමයේ.

අවුරුදු 15 දී ගෙදරට "ආයුබෝවන්" කියලා එළියට බහින සේපාල, 1972 දී ජර්මනිය බලා පිටත් වෙනවා.

ඒ රටේ දී තමයි සේපාලට ඇනා ඇල්ද්‍රොවන්දි මුණ ගැහෙන්නෙ. ඇය ඉතාලි ජාතික කාන්තාවක්.

මේ දෙන්නා 1977 දී විවාහ වෙනවා, 1980 ඔවුන්ගේ පවුලට පුතෙකුත් ඉපැදෙනවා. ඒ කොල්ලට තියන නම තමයි ෆ්‍රී ඒකනායක.

කලක් ගතවීමෙන් පසු සේපාල තමන්ට හිමි වීසා බලපත්‍රය නැති භංගස්ථාන කරගන්නවා. (මේක තමයි ප්‍රශ්නවලට මුල.) වීසා බලපත්‍රය නැවත සාදවා ගන්න ඔහු අදාළ ආයතනවලින් ඉල්ලීම් කළා වුවත්, ඔහුට ඒ වෙනුවෙන් වසර 6ක්වත් බලන් ඉන්න වේවී කියලයි ඉතාලි එම්බසිය දැනුම් දෙන්නෙ.

මෙන්න මේ කියන ඉල්ලීම ඉටු නොවුණු තැන, සේපාල දැඩි තීරණයක් ගන්නවා.

සේපාල, 1982 ජූනි 30 මිතුරන් කිහිපදෙනෙකු එක්ක ඉන්දියාවේ නවදිල්ලි නුවරට එන්නේ ඔහුගේ ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින්.

ඒ ඉතාලියේ අලිටාලියා ගුවන් සේවයට අයත් බෝයින් 747 වර්ගයේ AZ 1790 දරන ගුවන් යානය.

එම ගුවන් යානය එදින ඉතාලියේ සිට නවදිල්ලිය හා බැංකොක් හරහා ජපානය බලා පියාසර කිරීමට නියමිතවයි තිබුණේ.

නවදිල්ලි නුවරදී සේපාල ගුවන් යානයට ගොඩ වුණා.

මේ වන විටත් ගුවන් යානයේ මඟීන් 340ක් ගමන් ගනිමින් සිටියා. යානය ගුවන්ගත වී අඩි 35,000 සීමාව පසු කළ මොහොතේ ඔහු තම සැළැස්ම ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව, ඔහු තම ඉල්ලීම් ඇතුළත් ලිපියක් ගුවන් නියමුවාට භාර දෙනවා.

WikipediaWikipedia

සේපාල ඒකනායක අත්අඩංගුවට පත්වීම Wikipedia

පළවැනි ඉල්ලීම, සිය පුතා සහ බිරිඳ බැංකොක් ගුවන්තොටුපලට ගෙනවිත් දීම.

දෙවැනි ඉල්ලීම, ඩොලර් 300,000ක් තම ගිණුමට කප්පම් මුදල් වශයෙන් බැර කිරීම.

තුන්වැනි ඉල්ලීම, ගුවන් යානය බැංකොක් ගුවන්තොටුපලේ ගොඩබැස්සවූ පසුවත් සියළු දොරවල් වසා තිබිය යුතු වීම හා තම ඉල්ලීම රේඩියෝ මඟින් පමණක් බලධාරීන්ට සන්නිවේදනය කළ යුතුයි.

අවසන් වශයෙන්, මුලා කිරීම් සිදු නොවිය යුතු අතර එසේ වුවහොත් ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ මඟින් යානය පුපුරුවාහරින අතර ඒ සමඟම මොඩෙන නගරයේද පිපිරීමක් සිදුවනු ඇති.

ලිපිය දුටු ගුවන් නියමු ජියාර්ගෝ අමරෝසා වහාම යානය අඩි 25,000 දක්වා පහතට ගනු ලැබුවා.

ඒ හානිය අවම කරගැනීමේ අරමුණින්.

පැය කිහිපයකින් පස්සෙ, සේපාලගේ සියලු ඉල්ලීම් ඉෂ්ඨ සිද්ධ කරන්න බලධාරින් කටයුතු කරනවා.

පැය 30කට පමණ පසු මඟීන් රැගත් ගුවන් යානය බැංකොක් වෙත ලඟාවීමත් සමඟ සේපාල, පොරොන්දු වූ පරිදි සියලු මගීන් මුදාහරිනවා.

එසේ සැළසුමක් සකස් කළා වුණත්, එතනින් එහා කුමක් කරමිද ? කියන එක තමයි සේපාල් ට තිබුණු ලොකුම ගැටලුව.

අවසානයේ සේපාල ලංකාවට රැගෙන එනවා. ඉතාලි රජය ඔහුව භාරදෙන ලෙස ඉල්ලීමක් කළා වුණත්, එය එසේ වූයේ නැහැ.

වසර 5ක සිරදඬුවම් ලැබූ ඔහු අනතුරුව නිදහස ලබනවා.

WikipediaWikipedia

දෙවැනි වර සේපාල ඒකනායක විවාහ වෙන්නෙ ඉංග්‍රීසි ගුරුවරියක් වන යසංගනී මධුපාලි සමඟ. (සේපාලගේ ඉතාලි ජාතික බිරිඳගේ දරුවාද ඡායාරූපයේ සිටියි.) Wikipedia

දෙවැනි වර සේපාල ඒකනායක විවාහ වෙන්නෙ ඉංග්‍රීසි ගුරුවරියක් වන යසංගනී මධුපාලි සමඟිනුයි. (එම විවාහයෙන් ඔවුන්ට පුතෙක් සහ දියණියක් ඉන්නවා.)

සේපාල මෙවැනි අවදානම් කාර්යයකට මුහුණ දෙන්නෙ සිය බිරිඳට සහ පුතාට තිබූ දැඩි ආදරය නිසාමයි.

ඒ නිසාම සේපාලව බොහෝ දෙනෙක් අගය කර තිබුණා වගේම ප්‍රශංසා කොට තිබුණා.

"ඒ සැමට මුල්වුණේ.. පියෙකුට තිබුණු දරු සෙනේ..

ආදරේට ලොවම පරාදයි..

හරිද වැරදිද නොදැනෙ.. ඔහු කළ මේ සටනේ..

සේපාලගේ දිනුම අපූරුයි.."

(ඇන්ටන් ජෝන්ස් ගැයූ "සේපාල ඒකනායක" නම් ගීතය)