'එංගලන්තෙ හිටපු තාත්තාව කොරෝනා අරන් ගියා. අද අම්මත් නොකියම ගිහින්.. මේ කෙල්ල කොහොම දරාගන්නද??': සිය මවගේ 'දේහය' ඉදිරියේ හඬා වැටුණු 'සෙනාලි ෆොන්සේකා'... 'කමක් නෑ අම්මේ... ඔයා දුක් විඳින්න ඕන කෙනෙක් නෙවෙයි!' (වීඩියෝ)

MonaraMonara

'එංගලන්තෙ හිටපු තාත්තාව කොරෝනා අරන් ගියා. අද අම්මත් නොකියම ගිහින්.. මේ කෙල්ල කොහොම දරාගන්නද??' Senali Fonseka - සෙනාලි ෆොන්සේකා

'නාඩගම්කාරයෝ' හි 'සුදුචූටි' ලෙසින් ප්‍රේක්ෂක ආකර්ශනය දිනූ 'ඈ' මාලනී ෆොන්සේකා පවුලේ 'සමීපතමයෙක්' ලෙස ඒ තරම්ම 'ප්‍රේක්ෂක ආදරය' දිනාගන්නට 'පින් කළ ඇත්තියක්' වූවා.

පසුගිය දවසක එපමණක් සොඳුරු වූ 'ඇ' සංවේගයට පත් කෙරූ සිදුවීමක් වුණා. ඒ ඇගේ 'මව්ගේ' අභාවය යි.

මවගේ හදිසි 'නික්ම යාමෙන්' සංවේගයට පත් වූ 'සෙනාලි' ඇගේ ෆේස්බුක් ගිණුමටත් 'සංවේගජනක සටහනක්' එක් කර තිබුණා.

facebookfacebook

සෙනාලි හා ඇගේ මව. facebook

'මගේ අම්මා, මගේ හෙවනැල්ල වගේ හිටපු, මගේ හයියට හිටපු ඔයා, අද මාව තනිකරලා යන්න ගියා... අද මම මේ කවුරු වෙලා හිටියත් ඒ හැමදේම කරේ ඔයාගේ හයිය නිසා, ඔයා මගේ පිටිපස්සෙන් ඉදන් මාව වැටෙන්න දෙන්නැතුව අල්ලන් හිටපු නිසා... කමක් නෑ අම්මේ, ඔයා දුක් විදින්න ඕන කෙනෙක් නෙවෙයි, ඔයා මේ දුකින් මිදුනා කියලා හිත හදාගන්නන්... පුලුවන්නන් අයේ කවදා හරි අපි හමුවෙමූ, කවදා හරි මේ සන්සාර ගමනෙනුත් මිදෙමූ අම්මේ...'

facebookfacebook

ඔයා මේ දුකින් මිදුනා කියලා හිත හදාගන්නන්... facebook

මීට අවුරුදු කිහිපයකට පෙර දී 'සෙනාලි'‌ගේ ආදරණීය පියාණන් ද 'එංගලන්ත' රාජ්‍යයේ දී හදිසියේ නික්ම ගියා. (ඒ කොරෝනා වෛරසය වැළඳීමෙන්...)

'උපාලි ෆොන්සේකා' නම් වූ ඔහු 'මාලනී ෆොන්සේකා' නිළි රාජිනියගේ ආදරණීය සොහොයුරා ද වනවා.

facebookfacebook

ඇගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. facebook

සෙනාලිගේ මවගේ අවසන් කටයුතු ඊයේ දිනයේ 'බොරැල්ල' පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.

එම අවස්ථාවේ වීඩියෝ සහ ඡායාරූප කිහිපයක් ද මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

facebookfacebook

දේහය ඉදිරියේ හඬා වැළපෙන සෙනාලි. facebook

ආදරණීය ඇයට උතුම් නිවන් සුවයම අත්වේවා !!!