සංක දිනෙත් එක්ක සිංහල බසින් ගී ගැයූ ලොවක් ආදරේ කරන උදිත් නාරායන්: "වරක් දැක්කොත් ඈ... රැයෙත් නින්දක් නෑ... සුපෙම් සක්මන් පෑ... සුරම්‍ය සඳක්ය ඈ...''
ලංකාව සහ ඉන්දියාව කියන්නෙ හුදෙක් අසල්වැසි රටවල් දෙකක් විතරක් ම නෙවෙයි, නිතර කලාත්මක ගනුදෙනු සිදුකරන අසල්වැසියන් දෙන්නෙක්.
ඒ බව හොඳටම පැහැදිලියි පහුගිය කාලයේ අපේ මැණිකෙ ඉන්දියාවෙන් පටන් අරන් ලෝකයේම කතාබහක් ඇති කරපු ආකාරයෙන්.
ලංකාව සහ ඉන්දියාව අතර ඇති මේ නිර්මාණාත්මක ගනුදෙනුව එහෙමත් නැත්නම් කලාත්මක ගනුදෙනුව ගැන ආයෙමත් අපිට ලස්සන කතාවක් අහන්න ලැබුණා.
මේ කතාවේ කතා නායකයින් වන්නේ ලෝකයක් ආදරය කරන සොඳුරු හඬ උදිත් නාරායන් සහ සංගීත අධ්යක්ෂවරයෙක් ලෙස මෙරට රසික ආදරය නොමදව දිනූ සංක දිනෙත්.
ඒ අනුව සංකගේ අලුත් ගීත නිර්මාණය "වරක් දැක්කොත්'' මේ වෙද්දි එළියට ඇවිත් තියෙනවා.
විශේෂත්වය වන්නේ උදිත් නාරායන් - සංක දිනෙත් සුසංයෝගයෙන් එළියට ආව මේ නිර්මාණයේ, උදිත් නාරායන් විසින් සිංහල භාෂාවෙන් ගායනයේ යෙදීම.
ජාත්‍යන්තරයම අහන හඬක් අපේ භාෂාවෙන් කරන මේ සංගීත කාර්යය සැබවින්ම අපිට අභිමානයක්. ඒ වගේම නිර්මාණකරුවෙක් හැටියට සංක ලැබූ ජයග්‍රහණයක්.
මේ ගීතයත් එක්ක අපූරු රූප රචනාවක් ද නිකුත් කර තිබෙනවා.
මෙහි සංගීත නිර්මාණය සංක දිනෙත් වන අතර ගේය පද රචනා කර ඇත්තේ Masshe Uddin Qureshi සහ ශෙහාන් ගලහිටියාව විසින්.