'අධික ස්ත්‍රී ලෝලීත්වය නිසා ප්‍රියාන්ව මේ වැඩෙන් හැලුවා! මිනිහා දන්න මැණිකක් නෑ, බොරු නම් කියන්න!': ප්‍රියාන් මැණික්ගේ රෙදිපිළි ප්‍රසිද්ධියේ ගැළවූ, ආන්දෝලනාත්මක හෙළිදරවුව මෙන්න!

MonaraMonara

'අධික ස්ත්‍රී ලෝලීත්වය නිසා ප්‍රියාන්ව මේ වැඩෙන් හැලුවා! මිනිහා දන්න මැණිකක් නෑ, බොරු නම් කියන්න!' Priyan Pushpakumara

'ශලනි තාරකා' ගෙන් පස්සෙ.... 'උමාරා'ගේ 'මහතා'ගෙනුත් පස්සෙ බුකිය ආක්‍රමණය කෙරූ 'උත්තමයා' (ප්‍රියාන් මැණික්)... ඉතින් මේ 'ප්‍රියාන් මැණික්' ගැන එකෝමත් එක කතාවක්. (හැබැයි මේ පළවැනි පාරට නෙවෙයි...)

'ප්‍රියාන් මැණික්' එක්කලා 'කෝන්තර' ඇත්තෝ බොහෝමයක් 'ප්‍රියාන්' අධිවේගයේ කරපු 'නාටකයෙන්' පස්සෙ 'ප්‍රියාන්'ගේ යට ගියාව එළිපහළියට අදින්න ගත්තා. ඒ 'පරණ නරිනාටක' අස්සෙ රන්ජන්ගේ 'හඬපට' අස්සෙත් 'ප්‍රියාන්' හිටියා. (ඒකේ ඇතුළේ කියැවුණේ අපචාර කතාවක්...)

'මම කිසිදු අපචාරයක් නොකෙළමි' කියලා 'බුදු පිළිම' මත අත තියලා දිවුරන්නත් ඒ සමයේ 'ප්‍රියාන් මැණික්' කටයුතු කරලා තිබුණා.

Priyan Manik FB PagePriyan Manik FB Page

ප්‍රියාන් මැණික් කියලා නම දාගෙන හිටියට මිනිහා ඇත්තටම කරන ජෙම් බිස්නස් එකක් තියෙනවද? Priyan Manik FB Page

'ප්‍රියාන්' ගැන ආයෙම වතාවක් 'බුකීවාසීන්' අතර 'කසුකුසුවක්' ඇතිවෙන්නෙ ප්‍රියාන්ගේ ය කියලා ආපු ආන්දෝලනාත්මක 'ඡායාරූප' පෙළක් නිසයි. මේ ඡායාරූප අතරේ ප්‍රියාන් කාන්තාවන් හා කළ 'සංවාද' එහෙමත් තිබුණා. ඒ දෙයින් පස්සෙ ආයෙමත් 'සුපුරුදු පරිදි' ප්‍රියාන් මැණික් 'බුකීවාසීන්ගේ' සතිඅන්ත 'බයිට් එක' බවට පත්වෙනවා.

'ප්‍රියාන් මැණික්' කියන්නෙ අනුන්ගේ දුකේ දී හිත සෑහෙන්න 'උණු වෙන' කෙනෙක්. ඒ නිසාම වෙන්න ඇති 'ප්‍රියාන්' නිරන්තරයෙන් 'සෝශල් මීඩියා' ඇතුළේ එයාගේ 'සංවේදීකම' පෙන්වන්න ගන්නවා. ;

මේ 'සංවේදීකම' එහෙම් පිටින්ම 'ව්‍යාජ මවාපෑමක්' කියන 'ප්‍රියාන්''අප්‍රිය' බුකීවාසීන් ප්‍රියාන්ට දිගින් දිගටම චෝදනා නඟන්නට වුණා. තමන්ගේ 'නම' වෙනුවෙන් 'මිනිස්සුන්ව පාවිච්චි කරනවා' කියන බරපතළතම චෝදනාවත් ප්‍රියාන්ට එල්ල වෙනවා.

Priyan Manik FB PagePriyan Manik FB Page

ප්‍රියාන්ව අදාල ඩියුටියෙන් හලන්න මනි ලොන්ඩරින් ක්ලබ් එකට සිදු වුන ලොකුම හේතුව ? Priyan Manik FB Page

මේ අතරතුර.... ප්‍රියාන් මැණික් ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි 'චාන්‍යා හේරත්' දීර්ඝතම ලිපියක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.

එම සම්පූර්ණ ලිපිය පහතින්...

Priyan Manik FB PagePriyan Manik FB Page

ඉතින් මෙයාලා ලංකාව ඇතුලෙ money laundering වලට ගැලපෙන විදියෙ චරිත ආකෘතියක් හැදුවා.. Priyan Manik FB Page

ප්‍රියාන් මැණික් කියන්නෙ ඇත්තටම කවුද?

ප්‍රියාන් මැණික් කියන්නෙ විරංජිත් තාඹුගලට කලින් ලංකාවෙ money laundering club එක විසින් ( එහෙම රහස් සංවිධානයක් තියෙනවා) මුදල් විශුද්ධිකරණය උදෙසා තෝරාගෙන හිටපු ඒජන්තවරයා..

තාඹුගල වගේම ප්‍රියාන් කියන්නෙත් එයාව අදාල ජොබ් එකට තෝරගන්න කලින් බොහොම සාමාන්‍ය විදියට එදාවේල කාලා යාන්තමට ඔලුව ගහන් ජිවත් වෙච්චි එකෙක්.

මුදල් විශුද්ධිකරණය ඉතාම තදබල ලෙස කරගන්න උවමනා association එකක් තියෙනවා ලංකාවෙ. ඉහල පෙලේ ප්‍රභූන්, ධනවතුන්, දේශපාලකයින් මේකෙ සාමාජිකයින්.

එයාලාගෙ කළු සල්ලි සාමාන්‍ය මුදල් සංසරණයට එවන්න ඔය NGO වැඩ වලට වඩා සාර්ථකම ක්‍රමය කොහෙ හරි ඉන්න නූගත් , අටපාස්වත් නැති , තමුන් කියන දේ සුචච කීකරු බව්වෙක් වගෙ අදහන, ඉතා පහසුවෙන් හසුරුවන්න පුලුවන් චරිතයක් හොයාගෙන ඒ චරිතය makeover එකක් කරලා සිටුවරයෙක් ලෙස දොට්ට දාන එක කියලා එයාලා experiment රාශියක් කරලා හොයාගත්ත දෙයක්..

විශේශයෙන් මේ ලාංකික සමාජෙ ඒ වගෙ නිකම් සල්ලි විසි කර කර යන ,නගේ මලේ කියලා කතා කරන ,මිනිස්සු අතර ගැවසෙන්න පුලුවන් චරිත ඉතා ඉක්මනින් වැලදගන්න බව නොරහසක්.

ඉතින් මෙයාලා ලංකාව ඇතුලෙ money laundering වලට ගැලපෙන විදියෙ චරිත ආකෘතියක් හැදුවා..

මහා ධානපති මහධන සිටුවරයාගෙ භූමිකාව ප්‍රියාන් මැණික් රඟදක්වන්න ගත්තෙ අන්න ඒ අයගෙ නියෝජිතයෙක් විදියට..

හැබයි ප්‍රියාන්ව මේ main platform එකෙන් එක පාරම මුල්ලකට විසි වෙනවා..

හේතුව ඇයි?

හේතුව " පාරෙන් ඉඩ දෙන්න " ලයිව් එකෙන් ඔහෙලට පැහැදිලි වෙන්න ඇති හොදාකාරවම!

ප්‍රියාන් මැණික් කියන්නෙ අර කිව්ව ආකෘතියට ගැලපෙන චරිතයක් වුනාට මිනිහාගෙ උප්පතියෙන් ගෙනා මැටි ස්වභාවය කපටිකමත් එක්ක හරියට සංකළණය කරගන්න බැරිවීම නිසාත් ( තාබුගල තමුන්ගෙ මැටිකම කපටිකම එක්ක මැනේජ් කරගන්න ඊට වඩා සමතෙක්) , රබර් බෝලයක් වගෙ යටගහන්න බැරි අධික ස්ත්‍රී ලෝලීත්වය නිසාත් ප්‍රියාන්ව මේ වැඩෙන් හලන්න සිද්ධ වෙනවා අර තිරය පිටුපස සෙට් එකට..

චරිතයක් ලෙස ඉස්මතු වීගෙන ආපු කාලෙම ප්‍රියාන් මැණික් සිද්ධි කිහිපයක් නිසා ගම කා ගත්ත හැටි කාටත් මතක ඇති. තමුන්ගෙ නොවන සල්ලියක් තමුන්ට පරිහරණය කරන්න ලැබුනාම ඒකට ස්ත්‍රීලෝලිත්වය සමඟ මෝඩකමත් එකතු උනාම ප්‍රියාන් තමුන්ට පැවරුන ඩියුටිය නිසිලෙස ඉටුකරන බවක් පේන්න තිබුන් නෑ.

ප්‍රියාන්ව අදාල ඩියුටියෙන් හලන්න මනි ලොන්ඩරින් ක්ලබ් එකට සිදු වුන ලොකුම හේතුව තමයි තමුන්ට නිර්මාණය කරගන්න උවමනා උන මහා චරිතෙ ප්‍රියාන්ට බර වැඩිබවත් අදාල චරිතේ dignity එක ප්‍රියාන් විසින් කෙලසීමත් යන කාරණා..

ප්‍රියාන්ව සීන් එකෙන් හැලුවට මනිලොන්ඩරින් සර්කල් එකෙන් හලන්න පුලුවන්ද?

බෑ.. ඔහු අදාල සර්කල් එකට වැටිලා ඒකෙ රහස් යම්ප්‍රමාණයක් ගැන දැනුවත් නිසා ඔහුව ඒකෙන් එහෙම හලලා දාන්නත් ඔවුන්ට බැරි උනා. ඒ වගේම ප්‍රියාන් මැණික්ව චැප්ටර් ක්ලෝස් කරලා අනවශ්‍ය අවධානයක් ලබන්නත් අදාල කල්ලියට තවමත් අවශ්‍ය නෑ..

ඒ නිසා ප්‍රියාන් මැනික්ට තවමත් ඔවුන් අත දිග ඇරලා වියදම් කරමින් නඩත්තු කරනවා.

ප්‍රියාන්ව කොණකට කරලා අර රොබෝ මොඩ්ල් එකට ඊගාවට ගෙනාපු සිටුතුමා තමයි තාඹුගල.

ප්‍රියාන් මැණික් කියලා නම දාගෙන හිටියට මිනිහා ඇත්තටම කරන ජෙම් බිස්නස් එකක් තියෙනවද?

අහ් ඒකද?

මැණික් කියන්නෙ ප්‍රියාන්ව චරිතයක් ලෙස එලියට දාන්න use කරපු path එක විතරයි

මිනිහා දන්න මැණිකක් නෑ. රත්නපුරේ කිසිම පාරම්පරික මැණික් කාරයොවත් ප්‍රියාන්ව ඊට කලින් දැකලත් නෑ. දන්නෙත් නෑ. ඌ ෆීල්ඩ් එකට පාත් වෙච්ච විදිය දන්නෙත් නෑ.

ප්‍රියාන් මැණික් බිස්නස් කරපු මිනිහෙකුත් නෑ

තමුන්ට මැණික් වල හසල දැනුම් ඇත්තෙක් බව කියාගත්තට පොරගෙම විඩීයෝ වලින් මැණික් සම්බන්ධ උපාංග, තාක්ශණය, ඒවා භාවිතා කරන විධි ගැන තියෙන ලඳරු ස්වභාවය මැනවින් පේනවා.

ප්‍රියාන් මැනික්ගෙ නමත් විරංජිත් තාඹුගලගෙ නම වගේම බොරු එකක්.. මැනික් වලට ගෙනැල්ලා ප්ලාන්ට් කරපු පොරක්. මැණික් කියන නම දාගත්තා චරිතයක් ලෙස ඉස්මතු වෙන්න..

රත්නපුරෙ අය සාක්ශි ප්‍රියාන් මැණික් කොහොමද එහෙට පාත් උනෙ කියලා?

ඔන්න ඕකයි ප්‍රියාන්ගෙ කතාව..

මේක බොරු කියන්න ප්‍රියාන්ට පුලුවන්! එතකොට ඔන්න පටන් ගන්නවා එකින් එක ඔප්පු කිරීමෙ භාරය! (සම්පූර්ණ උපුටා ගැනීම චාන්‍යා හේරත්ගේ ෆේස්බුක් පිටුවෙන්)

මේ 'ලිපිය' ප්‍රියාන් මැණික්ගේ 'රෙදිපිළි' ගැළවෙන විදිහේ එකක්. ඒ නිසා ප්‍රියාන්ට 'අයිතියක්' තියනවා, මේකට 'පිළිතුරු' දෙන්න. ප්‍රියාන් ඇත්තටම 'පිළිතුරු' දෙයිද ?

විල් සී........