සිංදු කියන දොස්තරගේ ඔබ මෙතෙක් නොදුටු සොඳුරු කැදැල්ල: ප්‍රදීප් රංගනගේ දෝණි 4 වන උපන්දිනය සමරයි

MonaraMonara

ඡායාරූප : facebook

මෙරට රියැලිටි වේදිකාවකින් බිහි වුණු අතිශය ජනප්‍රිය තරුවක් තමයි, ගායන ශිල්පි ප්‍රදීප් රංගන.

වෛද්‍යවරයෙක් වන ඔහු වඩාත් කතාබහට ලක්වුණේ ''සිංදු කියන දොස්තර'' හැටියට.

ප්‍රදීප්ගේ ''පෙම් සිහිනේ'' ඔහුගේ වඩාත් ජනප්‍රිය වුණු නිර්මාණය කිව්වොත් හරි.

නිර්මාණ කටයුතුවලින් රසිකයින් හමුවට එන ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු නිතර නිතර අපට අහන්න දකින්න නොලැබෙන තරම්.

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook

ඔන්න ඉතින් ඔහුට ආදරේ කරන ඔබ වෙනුවෙන්ම ලස්සන සේයා රූ එකතුවක් අපි අරන් ආවා.

ගෙවුණු දවසක ඔහු සිය දියණියගේ සිව්වන උපන්දිනය වෙනුවෙන් තැබූ සටහනක් එක්ක, ආදරණීය කැදැල්ලේ සොඳුරු ඡායාරූප කිහිපයක් ද ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ මෙහෙමයි.

''දුවේ,

ඔබ අපේ ජීවිතවලට ආ දිනයේ සිට ජීවිතය සම්බන්ධව අප ඉගෙන ගත් දේ බොහොමයි.

අපි එක් වී යන මේ ගමනේ තව ඉගෙනගන්නට ඇති දේ ද බොහොමයි.

අප ජීවිතය ගැන උගත් පාඩම් තුළින් යහපත් මිනිසෙකු ලෙස ජීවත් වන්නේ කෙසේද යන්න ඔබට කියා දෙන්නට ඇති දේ ද බොහොමයි.

Today she turned 4....''

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook