'මිනිස්සු ආදරේ කළා වචනයක්වත් නොකියපු මිස්ට බීන්ට! ඒකයි එයාලා දුක්වුණේ මිස්ටර් බීන් දික්කසාද වුණාට!': ‍වචනයක්වත් නොකියා ලෝකයක් හිනැස්සූ, මිස්ටර් බීන් ගැන කවුරුත් නොකිවුව කතා ටිකක් මේ...

MonaraMonara

'මිනිස්සු ආදරේ කළා වචනයක්වත් නොකියපු මිස්ට බීන්ට ! ඒකයි එයාලා දුක්වුණේ මිස්ටර් බීන් දික්කසාද වුණාට!'

වචනයක්වත්' කියන්නෙ නැතුව ලෝකයම හිනස්සපු 'මිස්ටර් බීන්' කියන 'හාස්‍ය රංගන ශිල්පියා' ව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.

'අඩුවෙන්ම' කතා කළා වුණත් ලෝකයේ 'වැඩියෙන්ම' මිනිස්සු හිනාවුණේ 'මිස්ටර් බීන්' ගේ 'ඇක්ෂන්' වලට. අපි 'මිස්ටර් බීන්' කියන නමින් දැන අඳුනනවා වුණත් මේ 'විශිෂ්ටතමයා' නමින් Rowan Atkinson.

ඔහු නිර්මාණ කොපමණකට දායක වෙලා තිබුණා වුණත්, ඔහුගේ 'රහම කතා' ටික තිබුණේ 'මිස්ටර් බීන්' එකේ බැව් රහසක් නෙවෙයි. මෙය කොතරම් ජනප්‍රිය වුණාද කියනව නම් රටවල් 100කට වැඩි සංඛ්‍යාවක ඒ සමයේ මෙම 'කතාමාලාව' විකාශය වෙනවා. (සමහර කතාංග විවිධ භාෂාවන්ගෙන් හඬකැවීම් ද සිදුකර තිබුණා!)

සත්‍ය වශයෙන්ම Rowan Atkinson එහෙම නැත්තම් 'මිස්ටර් බීන්' කියන්නෙ බ්‍රිතාන්‍ය ගොවි පවුලක ඉපදුණු සාමාන්‍ය කොල්ලෙක්. පුංචි කාලේ ඉඳන් 'කට ඇද කරලා' මිනිස්සු හිනස්සන පුරුද්ද එයා ට තිබුණා.

Image: Stuart Wilson/Getty ImagesImage: Stuart Wilson/Getty Images

රෝවන් ඇට්කින්සන් සහ ඔහුගේ හිටපු බිරිඳ සුනේත්‍රා සාස්ත්‍රි 2011 දී Image: Stuart Wilson/Getty Images

Rowan Atkinsonගේ පුද්ගලික ජිවිතේ විවිධ තොරතුරු විටින් විට ඔබටත් 'සමාජ මාධ්‍ය' ඔස්සෙ අහන්න දකින්න ලැබිලා ඇති. ඒ අතරින් ඒ සමයේ 'පුවත්පත් පිටු'වල වැඩි ඉඩකඩක් දීලා තිබුණේ ඔහුගේ 'දික්කසාද' වීමේ පුවතට. 'මිස්ටර් බීන්ට' ආදරේ කරපු රසිකයින්ට පවා ඔහුගේ 'දික්කසාදය' අදහාගත නොහැකි ආකාරයේ දෙයක් වුණා. (ඒක නිකන් හිතාගන්න බැරි දෙයක් වගේ හැඟීමක්!)

Getty ImagesGetty Images

Rowanට පළමු විවාහයෙන් දරුවන් දෙන්නෙක් වගේම දෙවැනි විවාහයෙන් දරුවෙක් ඉන්නවා. Getty Images

2015 අග භාගයේ දී තමයි ඔහුගේ දික්කසාදය සිද්ධ වෙන්නේ. ඉන් අනතුරුව Rowan Atkinson නැවත විවාහ වෙන්‌නෙ ලුයිස් ෆෝඩ් කියන සුන්දර නිළිය එක්ක. (Rowanට පළමු විවාහයෙන් දරුවන් දෙන්නෙක් වගේම දෙවැනි විවාහයෙන් දරුවෙක් ඉන්නවා.)

Rowan Atkinson නොහොත් 'මිස්ටර් බීන්ගේ' අසනීප තත්ත්වයක් ගැනත්, ඔහු මරණාසන්න තත්ත්වයේ ඉන්නවා කියලත් කාලයක් සමාජ මාධ්‍ය ඇතුළේ ලොකු කතාබහක් ඇතිවෙනවා. නමුත්... ඒ කිසිවක් සත්‍ය නොවෙයි.

Getty ImagesGetty Images

'මිස්ටර් බීන්ට' ආදරේ කරපු රසිකයින්ට පවා ඔහුගේ 'දික්කසාදය' අදහාගත නොහැකි ආකාරයේ දෙයක් වුණා. Getty Images

මේ සුපිරිතම නළුවා ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ පමණක් කිහිප වතාවක්ම 'රසිකයින්' විසින් 'මරාදමා' තිබුණා. එම ව්‍යාජ 'ප්‍රවෘත්තිය' ඒ සමයේ ප්‍රසිද්ධ වෙබ් පිටුවල පවා පළව තිබූ අතර, පසුව ඒ සියලු පුවත් ව්‍යාජ ඒවායැයි අනාවරණය කෙරුණා.

ඊට ආසන්නතම සිදුවීම වූයේ 2021 වසරේ දී යි.

මේ වන විටත් Rowan Atkinson මාධ්‍ය තුළ බොහෝ ප්‍රචලිත චරිතයක් වන අතර, මෑතක ඔහු 'විදුලි වාහන' (electric vehicles) පිළිබඳව සිදු කළ ප්‍රකාශයක් බොහෝ පිරිසකගේ අවධානයට යොමු ව තිබුණා.