'අපි හරි ආදරෙන් එකම ගෙදරක ඉන්නේ. අතුල පහළ තට්ටුවේ. අපි උඩ.. 'අමායා' මගේ ඇත්ත නම නෙවි': චිරන්ත එක්කත් තරහා නෑ! අතුල එක්කත් අවුලක් නෑ! 'ඇත්ත නම අහන්න එපා!'

MonaraMonara

'අපි හරි ආදරෙන් එකම ගෙදරක ඉන්නේ. අතුල පහළ තට්ටුවේ. අපි උඩ.. 'අමායා' මගේ ඇත්ත නම නෙවි' Amaya Adikari

ඈ 'අමායා අධිකාරි..' (කාලයක් තිස්සෙම ඈව හඳුන්වා දුන්නෙ අතුල අධිකාරිගේ බිරින්ඳෑ විදිහට...)

අමායා ඒ සමයේ 'රූපවාහිනි විසිත්ත කාමරයේ' වගේම, ඉන් එහා අන්තර්ජාලයේ 'සැඩකුණාටු' ඇති කරන 'වීඩියෝ පට'වල පවා නිරන්තරයෙන් දකින්න ලැබුණු කෙනෙක්.

එහෙම වුණත් ඈ හිටි හැටියේ ම 'අස්ථානගත' වෙනවා. (ඒකට ඈට දාහක් හේතු තියෙන්නත් ඇති...)

Amaya Adikari Instagram Amaya Adikari Instagram

හර්ෂ එක්ක තරහා වෙන්න ඕන. එහෙනම් චිරන්ත එක්කත් තරහා වෙන්න ඕන. එහෙම දෙයක් නෑ. Amaya Adikari Instagram

'අතුල' හා ඇගේ විවාහය 'දෙදරා ගිය ප්‍රවෘත්තිය' ඈ විසින් ම මාධ්‍යයට පවා හෙළිදරවු කර තිබුණා. ඒ සමයේ ඈ විවිධ 'යූටියුබ්' නාලිකා හරහාත් 'අතුලගෙත් සමිතාගෙත්' ඇතැම් ක්‍රියාවන් 'අනුමත' නොකරන බැව් කියා තිබුණා.

'අමායා' බොහෝම 'විවෘත' චරිතයක්. (ඒ කියන්නෙ ඇය බොහෝම ගුප්තයි කියන එක නෙවෙයි.) ඈ ඇගේ 'පුද්ගලික කෝන්තර' වුණත් වුවමනාවට වඩා 'සමාජ මාධ්‍ය' ඇතුළේ 'උලුප්පන' කෙනෙක් නෙවෙයි.

Amaya Adikari Instagram Amaya Adikari Instagram

ධනංජය මට කිවුවා, ආර්ටිස්ට් නේම් එක මට ගැළපෙනවා කියලා. එහෙමයි නම වැටුණේ... Amaya Adikari Instagram

අතුල හා 'දික්කසාද' වීමෙන් අනතුරුව ඈ විවාහ වෙන්නෙ 'හර්ෂ' එක්ක. ඒ වගේම ඈ හා 'සමිතා'ගේ පවුලේ අය අතරත් කිසිදු 'විරසකයක්' නොමැති බැව් ඔවුන්ගේ මුහුණු පොත්වල 'පළකිරීම්'වලින් තහවුරු වුණා.

Amaya Adikari Instagram Amaya Adikari Instagram

අතුල හරිම ආදරේ කැරැක්ටර් එකක් හර්ෂ කියන්නේ. එයා ආසම කටහඬක් තියෙන්නේ හර්ෂට. Amaya Adikari Instagram

'අපි වෙන් වෙලා නැහැ. තවමත් අපි හරි ආදරෙන් එකම ගෙදරක ඉන්නේ. අතුල පහළ තට්ටුවේ. අපි උඩ තට්ටුවේ. මම එයාගේ හොඳම යාළුවා. එයා මගේ හොඳම යාළුවා. මං හිතන්නේ කාලයක් ආදරය කරපු කෙනෙක් එක්ක ප්‍රශ්න බෙදාගෙන යාළුවෙක් විදිහට ආශ්‍රය කළාම ජීවිත කාලෙම වුණත් ඉන්න පුළුවන් ඒ තේරුම් ගැනීමත් එක්ක. අපි වෙන්වේවි කියලා හිතන්නත් බෑ. හදවත්වලින්, මනසින් වෙන්වීම ගැන හිතන්නත් බැහැ. ඒක යාළුකමක් විදිහට හරි එක දිගට පවත්වගෙන එන එක ගැන සතුටුයි. හදවත්වලින් අපි තාමත් යාළුවෝ. එහෙම ඉන්න එක පහසුයි. ඇත්තටම වෛරක්කාරයො බිහිකර ගන්නවට වඩා. ඒවා ඉතින් බලාගෙන ඉන්න බෑ මිනිස්සුන්ට. අපි ප්‍රසිද්ධ නිසා අපි ගැන හොයනවා වැඩියි. අපි ඒවා අහගෙන ඉන්නවා. වෙලාවකට හිනාත් යනවා. අතුලයි, හර්ෂයි කොහොමත් ඉස්සර ඉඳන්ම දන්නවා. අතුල හරිම ආදරේ කැරැක්ටර් එකක් හර්ෂ කියන්නේ. එයා ආසම කටහඬක් තියෙන්නේ හර්ෂට. ඇත්තටම අතුලයි හර්ෂ එක්ක තරහා වෙන්න ඕන. එහෙනම් චිරන්ත එක්කත් තරහා වෙන්න ඕන. එහෙම දෙයක් නෑ. වෙන්වුණාට පස්සේ කා එක්ක ජීවත් වුණත්, ඒ මනුස්සයත් එක්ක කතාබහ කරලා හොඳින් ඉන්න ලැබෙනව කියන්නේ කොච්චර දෙයක්ද? ඒ මනුස්සයගේ හදවත විශාලයි. එහෙම අයත් එක්ක ජීවත් වෙන්න පහසුයි.' (නාමලී ගමගේ - සිළුමිණ පුවත්පත)

පසුගිය දවසක 'අමායා' ඇගේ 'නම' ගැනත් හෙළිදරවුවක් කළා. (ඒ ඇත්තටම ඇයට 'නම' දාපු කෙනා ගැන. ඒ වෙන කවුරුත් නෙවෙයි, ධනංජය සිරිවර්ධන..)

'මගේ ඇත්ත නම් අමාායා නෙවෙයි. ඇත්ත නම අහන්න එපා! මට අමායා කියලා නමක් නෑ. අමායා කියල නම දැම්මේ ධනංජය. ධනංජයගේ ග්‍රාමා එකේ චරිතයක් තිබුණා (චතුරිකා පීරිස් කරපු) අතුල අයියා එක්ක වැඩකදි අපි හම්බෙලා ධනංජය මට කිවුවා, ආර්ටිස්ට් නේම් එක මට ගැළපෙනවා කියලා. එහෙමයි නම වැටුණේ... එදා ඉඳන් මම අමායා...' (ධනංජය සිරිවර්ධනගේ මුහුණු පොතෙන්...)