'මගේ අධෝවාතය කුප්පියක් ලක්ෂ 2යි! ගන්නවද? නැත්තම් යටඇඳුම් එහෙමත් තියනවා!': සුරූපිනියගේ 'බොරු බේගල්' අතේ පත්තු වුණාද?

MonaraMonara

'මගේ අධෝවාතය කුප්පියක් ලක්ෂ 2යි! ගන්නවද? නැත්තම් යටඇඳුම් එහෙමත් තියනවා!' Stephanie Matto

ඔයාට පුළුවන් ඔයාගේ 'මුදල් ඉපැයීම' වෙනුවෙන්, ඔයා කැමති විධියේ 'ක්‍රමයක්' පාවිච්චි කරන්න. (ඒකට තහංචි දාන්න වෙන කාට හෝ අයිතියක් නෑ, සත්‍ය වශයෙන්ම ඒක සදාචාරයට පටහැනි නැත්තම් විතරක්!)

ඒ විදිහට සතියකින් අමරිකානු ඩොලර් 50,000ක් හොයපු (ආසන්න වශයෙන් ලක්ෂ 100කට අධික මුදලක්) කෙල්ලෙක් ගැන මේ කතාව මීට කලිනුත් අපි ඔබට කිවුවා.

ඈ ඒ විදිහට 'මුදල් සම්භාරයක්' හොයන්නෙ ඇගේ 'අධෝවාතය' විකුණලා කිවුවොත් ඔබ විශ්වාස කරනවද ? (විශ්වාස කරන්න! ඒක ඇත්තක්!!)

Stephanie Matto Social Media Stephanie Matto Social Media

මේ තියෙන්නෙ ඇය ඇගේ 'අධෝවාතය' විකිණීමට භාවිතා කරපු පෝස්ටුවක් ! Stephanie Matto Social Media

'මේ එක බෝතලයක් රුපියල් ලක්ෂ දෙකකට වැඩියි! මම මේ දේ දිනපතා කළ යුතු ම නිසා ඒකට විශේෂ ආහාර වේලකුත් ගත්තා. බෝංචි, ප්‍රෝටීන්, මෆින්, ප්‍රෝටීන් ශේක්, බිත්තර සහ යෝගට් ආහාරයට ගැනීමෙන් මට පුළුවන් වුණා වාතයේ ගන්ධය වර්ධනය කරගන්න!' (පිළිකුල් නමුත් අහගෙන ඉන්න. ඒක හරි අමුතු කතාවක්!!)

මේ කෙල්ලගේ නම ස්ටෙෆනි මැටෝ. . ස්ටෙෆනි, 'සල්ලි වෙනුවෙන් නොකරන දෙයක් නෑ' කියලයි ගොඩක් අය කියන්නෙ. ඒ කියන්නෙ ඈට ඔිනෑම 'සීමාවක්' පන්නලා යන්න පුළුවන් ඒ වෙනුවෙන්.

'ඉන්ස්ටග්රෑම්' එක ඇතුළෙත් 'සරාගී පළකිරීම්' කරන ස්ටෙෆනි කාලයක් 'හාදකම්' පැවැත්වුණේ 'තරුණියක්' එක්ක. (තව විදිහකින් කිවුවොත් ඒක සමලිංගික සම්බන්ධයක්!)

Stephanie Matto Social Media Stephanie Matto Social Media

ඩොලර් එච්චර ගාණක් ? අධෝවාතය කුප්පි කරලා? අපොයි !! Stephanie Matto Social Media

නමුත් ඒ සම්බන්ධය 'හරි ආකාරව' පවත්වා ගෙන යන්නටවත් ඈට බැරිවුණා. ඒ අතරතුරදී 'අධෝවාතය' වෙනුවෙන් 'කෑමවේල' වෙනස් කරපු 'වරදට' වන්දි ගෙවන්නත් ඇයට සිදුවුණා. (අන්තිමට ඈ නැවතුණේ රෝහලක!)

'අධෝවාතය' විකුණා හරි හම්බ කරගත්ත ඇය දැන් 'සමාජ මාධ්‍ය' ඇතුළේ ඉස්සර තරම්ම 'ජනප්‍රිය' නැහැ කියලා වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කරලා තිබුණා. 'තමාව' ප්‍රවර්ධනය කරගැනීම පිණිස කොයි තරමක් 'විධික්‍රම' භාවිතා කරනවා වුණත් ඒ සියල්ල 'නිශ්ඵල' වීගෙන යනවා කියලයි ඇගේ 'අනුගාමීක' පිරිස් පවා කියන්නෙ.

තවත් අතකින් ඈ 'ඇය' ගැනම 'අධිතක්සේරුවකින්' ව්‍යාජ පුවත් සමාජගත කරන බවටත් මේ වෙනකොට චෝදනාවක් තියනවා. ඒ කියන්නෙ සත්‍ය වශයෙන්ම ඈ 'අධෝවාතය' විකිණුවා කියන කතාව 'විශ්වාස කරන්න බැරි විදිහේ' එකක් කියලයි බොහෝ දෙනෙක් කියන්නෙ. 'දින 90ක් තුළ' සාර්ථකත්වය ලැබුවා කියනවා වුණත්, කාන්තාවකගේ 'අධෝවාතයට' පිස්සු වැටුණු 'තරුණයින්' ඉන්නවද කියන එකත් 'සැකසහිත' බව ඔවුන් කියනවා.

Stephanie Matto Social Media Stephanie Matto Social Media

'මේකි කියන්නෙ බොරු! විකාරද මේකිගේ අධෝවාතයට පිස්සු වැටෙන්න?' Stephanie Matto Social Media

එතකොට ඇත්තටම ඇය මේ සියල්ල සිදු කළේ 'ජනප්‍රියත්වය' වෙනුවෙන් ද ? එතකොට 'ආහාර වේල' නිසා රෝහල්ගත වුණා කිවුවෙත් බොරුවටද ?

ඇය තම 'ව්‍යාපාරයේ' ලාභය ගැන ඔිනෑවට වඩා 'උදම් අනමින්' ව්‍යාපාරය සාර්ථක කරගැනීම පිණිස මේ 'සියලු උපක්‍රම' භාවිතා කළාලූ. මින් එහා ඇය 'අධෝවාතය' ගැන 'බොරු බේගලයක්' කියමින් එය 'ප්‍රවර්ධනය' කිරීමට ක්‍රියා කරමින් සිටින බවටයි ඇතැමුන් චෝදනා කරන්නෙ.

'කරුණාකරලා ඔය ගෑනි ගැන කියවන එක නතර කරන්න. ඒකි මේවා කරන්නෙ අවධානය ගන්න. ඒවට ඉඩ දෙන්න එපා...! ඔය කියන ඒවා පට්ටපල් බොරු... එච්චරයි..'

Stephanie Matto Social Media Stephanie Matto Social Media

මම වැඩියෙන්ම විනෝද වුණේ වාතය විකුණලා තමා !! Stephanie Matto Social Media

වරක් ඇය සඳහන් කර තිබුණේ ඇගේ ශරීරයේ සියලු 'අංග උපාංග' සඳහා සුවිශේෂී 'මිල නියම කිරීම්' ඇති බවයි.

'මගේ බ්‍රෙසියර් (තණපට), යටඇඳුම්, හිසකෙස්, දහඩිය, නාන ජලය පවා මිලදී ගන්න පොර කන පිරිමින් ඉන්නවා. පිරිමින් විතරක් නෙවෙයි, කාන්තාවක් පවා. හැබැයි මම වැඩියෙන්ම විනෝද වුණේ වාතය විකුණලා!'

ඇය කොහොම කියනවා වුණත්, මේ මොහොතේ ඈට හිමියි කියන 'ආකර්ශනය' ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය කියන්නෙ.

මූලාශ්‍ර - thenerdstash.com/yahoo.com/entertainment/screenrant.com