'සෝම හාමුදුරුවෝ කවදාවත් ගිරිය කඩාගෙන කෑ මොර දීලා නෑ. පාරවල් ගානේ පෙළපාලි ගියේ නෑ!': 'ඒත් උන්වහන්සේගේ බණ අහපු මිථ්‍යා දෘෂ්ඨිකයෝ වෙව්ලුම් කන්න ගත්තා, දේශපාලකයෝ හීනෙන් බයවුණා!'

MonaraMonara

'සෝම හාමුදුරුවෝ කවදාවත් ගිරිය කඩාගෙන කෑ මොර දීලා නෑ. පාරවල් ගානේ පෙළපාලි ගියේ නෑ!' Soma Thero

'සෝම හාමුදුරුවන්ගේ මරණය ස්වභාවික මරණයක්ද ? එහෙම නෙවෙයි නම් ඒක ඝාතනයක්ද?' (මේ ප්‍රශ්නය තවමත්... 'අභිරහසක්' මිසක... ඉන් එහා 'විසඳුම්' සොයා ගත නොහැකි 'පැටලුම් නූල් බෝලයක්'ද වනවා....)

මේක බොහෝම 'සංවේගජනක' කාරණායක්. ඒ ගැන 'කතාන්දර' වුවමනා තරම් ඔබත් කියවා ඇති. අසා ඇති. (ඒ ඇසූ පිරූ තැන්වල 'අබිරහස්' යැයි කියන ඡායාරූප එහෙමත් ඇහැ ගැටිලා ඇති...)

'සෝම හාමුදුරුවෝ' විතරක්ම නෙවෙයි 'බුද්ධ ශාසනය' වෙනුවෙන් 'හඬ නැඟූ' බොහෝ 'හිමිවරුන්' යම් අද්භූත 'බලවේගයක්' විසින් හෝ 'ඝාතනය' කරන්නට යෙදුණු බවට අදටත් 'සමාජය' සැක සංකා මතු කරනවා.

ඡායාරූප අන්තර්ජාලයෙන්ඡායාරූප අන්තර්ජාලයෙන්

බොහෝම ලස්සන තරුණයෝ ටිකක් උන්වහන්සේ නිර්මාණය කළා... ඡායාරූප අන්තර්ජාලයෙන්

'සෝම හිමියන්' කියන්නෙ ලාංකේය සමාජයේ 'සළකුණක්'... උනවහන්සේ ඒ විදිහට 'නොමැකෙන නාමයක්' බවට පත් වෙන්න හේතු බොහෝමයක් තියනවා. එයිනුත්..... උන්වහන්සේ 'තදබල' ලෙස 'මිථ්‍යා මතයන්' වලට පහර දීමට පටන් ගත් 'තැත' බොහෝ දෙනෙකුට ඉවසුම් නොදෙන්නට වුණා. (කොටින්ම ඒ මිථ්‍යා මත හරහා බඩවියත රැකගත උනුන්ට....)

'දේව සංකල්ප' හෝ වේවා 'බෞද්ධ සමාජය' මුළුමුනින්ම 'මිථ්‍යාවට' නිරාවරණය වීම උන්වහන්සේ හෙළා දුටුවා. එසේම එවැනි දේ 'ප්‍රසිද්ධියේ' කියා පාන්නටත් උන්වහන්සේ පසුබට වුණේ නැහැ.

'සෝම හිමි' සහ 'ඥානසාර හිමි' සංසන්දය කරන තැන්හි ඇතැම් පිරිස් ඊට 'කදිම පිළිතුරු' දී තිබුණා.

ඡායාරූප අන්තර්ජාලයෙන්ඡායාරූප අන්තර්ජාලයෙන්

ඒ වෙනුවට උන්වහන්සේ කළේ නිවුනු හඬින් බණ පදයක් කියපු එක. ඡායාරූප අන්තර්ජාලයෙන්

'සෝම හාමුදුරුවෝ කවදාවත් මහා සද්දෙන් ගිරිය කඩාගෙන කෑ මොර දීලා නෑ. පාරවල් ගානේ පෙළපාලි ගියේ නෑ.. ආගමික කල්ලි මැද්දට පැනලා ගහ මරා ගත්තෙ නෑ. ඒ වෙනුවට උන්වහන්සේ කළේ නිවුනු හඬින් බණ පදයක් කියපු එක. සෝම හාමුදුරුවන්ගේ බණ අහපු මිථ්‍යා දෘෂ්ඨිය පැල කරන උන් වෙව්ලුම් කන්න ගත්තා. දේශපාලකයෝ රෑට හීනෙන් බයවෙන්න ගත්තා... බොහෝම ලස්සන තරුණයෝ ටිකක් උන්වහන්සේ නිර්මාණය කළා....'

'සෝම හාමුදුරුවෝ' ලාංකීය සමාජය තුළ එවැනි 'විප්ලව කාර්යයක්' කළා වුණත්, අනතුරුව උන්වහන්සේගේ 'මරණය' පවා 'භාවිත කරමින්' ඇතැම් දේශපාලන පාර්ශව කරළියට පැමිණෙන්නට වුණා.

Soma Himi - Dayan Witharana Soma Himi - Dayan Witharana

සත්තකින්ම සෝම හිමි ඝාතනය කළේ අද්භූත බලවේගයක්ද ? Soma Himi - Dayan Witharana

එසේ 'සෝම හිමිගේ මරණය සාධාරණීකරණය' කරනු පිණිස ආ 'බලවේග' කිසිවක් අද වනතුරු සිය 'බඩවිත' ගැන සිතුවා මිස, දේශපාලන 'බල තණ්හාවෙන්' උදම් ඇනුවා මිස, සෝම හිමිගේ 'මරණයේ සාධාරණය' වෙනුවෙන් මේ මොහොතත් මුනිවතින් හිඳිනවා.

'වික්ටර් අයිවන්' කර්තෘවරයා 'සෝම හිමියන්ගේ අබිරහස් මරණය' ගැන 'පන්සලේ විප්ලවය' නමින් කෘතියක් එළිදැක්වූ අතර, එම කෘතිය මඟිනුත් ඔහු පෙන්වා දුන්නේ 'සෝම හිමි'ගේ මරණය 'පිටුපස' කිසිදු 'අද්භූත බලවේගයක්' නොමැති බවත්, ඒ 'අද්භූත බලවේගය' සමාජය විසින් ඇති කරනු ලැබූ බවයි.

කෙසේ වෙතත්, බොහෝ පාර්ශව අදටත් විශ්වාස කරන්නෙ, 'සෝම හිමි'ගේ මරණය යම් කිසි 'ආගමික කල්ලියක්' විසින් සිදු කෙරූ 'ඝාතනයක්' බවයි.