''මට සල්ලි එපා. උඹ වෙනුවෙන් ඒක..'' ''ඒ කොල්ලා දැකපු මුල් වෙලාවේ මටත් ඇඬුනා...'': අක්කව සප්‍රයිස් කරන්න තිබුණු මල්ලිගෙ අහිංසක හීනය හැබෑ කළ මනේජ්
අපි හැමෝම තරඟයක් ඇතුළෙ දවස ගාණෙ දුවනවා.
රැකියාවක් ඇතුළෙ අසීමිත කැපවීම් එක්ක වෙහෙසීම් එක්ක කොහොම හරි තම තමන් දකින හීන හැබෑ කරගන්නයි හැමෝම ට්‍රයි කරන්නෙ.
ඒ ඇතුළෙ අපිට පුළුවන් නම් තවත් කෙනෙක්ගෙ මූණට හිනාවක් අරන් එන්න, තවත් කෙනෙක්ගෙ හීනයක් හැබෑ කරන්න,,, එහි වටිනාකම කියලා නිම කරන්න බෑ.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු වීඩියෝවක් ඇස ගැටුණා. ඒක මංගල සාදයක සප්‍රයිස් වීඩියෝවක්.
නමුත් එහි විශේෂත්වයක් තියෙනවා.
මේ කතාව කියන්නෙ ජනප්‍රිය ගායක මනේජ් සංජය.
" අයියේ, මට මගේ අක්කගේ වෙඩින්ග් එක දවසේ එයාව surprise කරන්න ඕන "
" හරි මල්ලි "
" අයියා කීයක් ගන්නවද අයියේ ? "
මම මගේ රැකියාමය මුදල ඒ මල්ලිව දැනුවත් කලා.
" අයියේ , මම cancer ලෙඩෙක් . මට දෙන්න එච්චර සල්ලි නෑ , අක්කට නොකිය අක්කව surprise කරන්න ඕන උනේ. "
ඩයරි එක බැලුවම ඒ දවසේ මම භාරගත්ත එක මංගල සාදයක් විතරයි තිබුනේ ගී ගයන්න. ඒ නිසාම වෙලාව තිබුනා මට මේ මල්ලිගේ වැඩේ කරලා දෙන්න
" මම එන්නම් මල්ලි. "
" අයියේ මගෙ ළඟ තියෙන ගාන මම ඔයාට දෙන්නම් "
" පිස්සුද , මට සල්ලි එපා . උඹ වෙනුවෙන් ඒක "
මේ තමයි ඒ ආදරණීය surprise එක.
ඉතින් මේක බලලා හැමෝම මට කතා කරන්න එපා හොඳේ.
මොකද මේක මගේ රැකියාව නිසා හැම එකක්ම මේ වගේ ඉටු කරන්න මට අමාරුයි.
මේ වීඩියෝ එක දැම්මේ ඒ සහෝදර බැඳීම කොච්චර අපූරුද කියලා පෙන්නන්න
ඔයාට ඉක්මන් සුව ලැබේවා සහෝදරයා
වීඩියෝවත් එක්ක ඊට ප්‍රතිචාර රැසක් ලැබිලා තිබුණා. මේ ඉන් එකක්....
''සල්ලි වලට වඩා දෙයක් මේ ජීවිතේ තියනවා...
අවාසනාවට හුඟක් එවුන්ට ඒක තේරෙන්නෑ....
සාමාන්‍යයෙන් මගේ ඇස් තෙත් වෙන්නෑ ලේසියෙන්...
පලවෙනි තප්පර ගානෙම ඇස් බොඳ වුනා....
මිනිස්සුන්ට අමාරුම දේ මනුස්සයෙක් වෙන එක..... Respect මනෙයා..........''
ඊට මනේජ් මෙවන් ප්‍රති උත්තරයක් දීලා තිබුණා.
''ඒ කොල්ලා දැකපු මුල් වෙලාවේ මටත් ඇඬුනා මචන්.
උඹට බොරු කියන්න ඕන නෑ කොල්ලව අල්ලද්දි ඇඟේ තිබුන ඇටකටු මගෙ අතට අහු උනා. මට ඇඬුනා.
ඒවා නොපෙන්නා තමයි මම සින්ග් කලෙත්.
ඒ කොල්ලා මාර විදියට සතුටු උනා.
ඔය තමයි දවසක මට ඉතිරි වෙන මතක මැරෙද්දි''