ඉන්දියාවේ කෙල්ලො පිස්සු වට්ටපු, නිළියෝ රඟපාන්න පොරකන, වයසට යන්නෙ නැති 'සුපර් ස්ටාර්', මහේෂ් බාබු !: 'මහේෂ්ව කසාඳ බඳින්න වුවමනා වුණාම මම එකහෙළා තීරණයක් ගත්තා !'

MonaraMonara

'මහේෂ්ව කසාඳ බඳින්න වුවමනා වුණාම මම එකහෙළා තීරණයක් ගත්තා !'

'කොයි තරම් ගුටි කෑවත් වැටෙන්නෙ නැති එකා!!' මහේෂ් බාබුගේ ෆිල්ම් එකක් බලන 'එකෙක්' අනිවාර්යෙන්ම කියන එක. (ඒක ඇත්තටම මහේෂ් බාබුගේ වරදක් නෙවෙයි!!)

නිරන්තරයෙන් 'මැජික් පෙන්වන' ඉන්දියානු සිනමාවේ තවත් 'එකෝමත් එක', 'කතාකාරයෙක්' විතරයි මහේෂ් බාබු. (ඒත් ඒ 'කතාකාරයා' හෙන විශේෂයි!) තෙළිඟු සිනමා පට වලින් ප්‍රේක්ෂකයින් හමුවට ඇවිත් යනවා වුණත්, බොලිවුඩ් සහ කොලිවුඩ් රසිකයින් පවා මේ හාදයාගේ 'පිස්සු හැදෙන හිනාවට' වසඟ වෙලයි ඉන්නෙ.

තෙළිඟු සිනමාවේ 'සුපර් ස්ටාර්' විදිහට කිරුළු පැළඳ සිටින මහේෂ් බාබු තවත් තැනෙක 'ප්‍රින්ස්' විදිහටත් හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි, රජිනි කාන්ත්ගෙන් පස්සෙ වැඩිම 'ආකර්ශනයක්' ලබපු නළුවා විදිහටත් මහේෂ් බාබුව වරක් ඉන්දියානු මාධ්‍ය හඳුන්වා දී තිබුණා.

Google ImagesGoogle Images

මහේෂ් බාබු නළුවෙක් විතරක් ම නෙවෙයි. ඔහු මානුෂිය ක්‍රියාකාරකම්වල යෙදෙන ධානපතියෙක් ද වනවා. Google Images

මහේෂ් ඉපදුනේ 1975 දී. (ඒ තමිල්නාඩුවේ චෙන්නායිවල!) මහේෂ්ව ගොඩක් දෙනෙක් 'රංගන ශිල්පියෙක්' කියලා විතරක් හඳුනගත්තට ඇත්තටම එයාට එයාගෙම වුණු 'චිත්‍රපට නිෂ්පාදන' සමාගමකුත් තියෙනවා.

1979 මහේෂ් 'නීඩා' කියන ෆිල්ම් එකෙන් 'ළමා නළුවෙක්' හැටියට තමයි සිනමාවට එන්නෙ. (ඒක ළමා කාලේ ඔහු කරපු එකම එක 'චරිතයක්' විතරයි!)

'තරුණ මහේෂ්' මුලින්ම ප්‍රේක්ෂකයින් අතරට එන්නෙ 1999 අවුරුද්දේ.

RajakumaruduRajakumarudu

මහේෂ් ජනප්‍රිය බොලිවුඩ් නිළි 'ප්‍රීටි සින්ටා' සමඟ සිදු කළ චිත්‍රපටයත් (Rajakumarudu) අතිසාර්ථක ලෙස තිරගත වෙනවා! Rajakumarudu

මහේෂ් බාබු කියන්නෙත් ඉගැනීමටත් හපන්කම් පෙන්නපු කොල්ලෙක්. ඒ කියන්නෙ එයා වාණිජ අංශයෙන් උපාධිය පවා හිමිකරගෙන තියෙනවා. 'උපාධි'යෙන් පස්සෙ මහේෂ් කෙළින්ම යන්නෙ විශාකාපට්නම්වලට හිටපු එල්. සත්‍යානන්ද කියන අධ්‍යක්ෂකවරයාව මුණ ගැහෙන්න.

මහේෂ් ජනප්‍රිය බොලිවුඩ් නිළි 'ප්‍රීටි සින්ටා' සමඟ සිදු කළ චිත්‍රපටයත් (Rajakumarudu) අතිසාර්ථක ලෙස තිරගත වෙනවා. ඒ වගේම එතැන් පටන් මේ 'අලුත් හාදයා' තරුණ කෙල්ලන්ගේ 'සිහින කුමාරයා' බවට පත්වෙනවා. (ඔහු තෙළිඟු සිනමාවේ 'ප්‍රින්ස්' වෙන්නෙ එතැන ඉඳන්!)

Namrata Shirodkar FB PageNamrata Shirodkar FB Page

ඒ හැමදේටම වඩා මම ඔහුගේ ආසම දේ දන්නවද? ඔහුගේ මානුෂික ගතිගුණවලට. Namrata Shirodkar FB Page

මහේෂ් විවාහ වෙන්නෙ නර්මතා ශිරෝද්කර් එක්ක. ඇය ඔහු සමඟ 'වම්සි' චිත්‍රපටයේ රඟපෑ සහය නිළිය. දෙන්නාගේ විවාහය සිද්ධ වෙන්නෙ 2005 අවුරද්දේ.

'මහේෂ් බාබු නැත්තම් තලපති විජෙත් නෑ' කියලා ගොඩක් වෙලාවට ඉන්දියානු රසිකයන් කියන්න හේතුවක් තියෙනවා.

2006 අවුරුද්දේ තිරගත වෙනවා මහේෂ් බාබු රඟපාන, 'පෝකිරි' කියන තෙළිඟු චිත්‍රපටය. මේ චිත්‍රපටය කොයි තරම් 'විශ්මයජනක පෙරළියක්' කළාද කිවුවොත්, චිත්‍රපටිය නරඹන්න, පළමු දිනයේ ම චෙන්නායි ජයප්‍රදා සිනමා ශාලාවේ ආසන 98.5%ක් සඳහා මුදල් වෙන් කරලා තිබුණා. (එක්සත් ජනපදයේ වැඩිම මුදලක් ඉපැයූ තෙළිඟු චිත්‍රපටය බවට පොකිරි පත්වෙනවා!)

මේකේ ටැමිල් රීමේක් එක කරන්නෙ 'ප්‍රභූ දේවා', (අධ්‍යක්ෂණය) ප්‍රධාන චරිතය 'විජේයි.' විජේයිගේ සිනමා ජීවිතේ වෙනසක් ඇති කරපු චිත්‍රපටියක් තමයි 'පොක්කිරි' කියන්නෙ. ජනප්‍රිය ගීත ගණනාවක් තිබුණු මේ 'දමිළ ප්‍රතිනිර්මාණය', කළ එළි බැසීමත් එක්ක 'විජේයි' ගොඩක් කොල්ලො කෙල්ලන්ගේ 'ආදරණීයයා' බවට පත්වෙනවා. 'පොක්කිරි' චිත්‍රපටය තමිල්නාඩුවේ පමණක් දින 200කට වැඩි සංඛ්‍යාවක් තිරගත වෙනවා. එකල බොක්ස් ඔෆිස් හි තුන්වන වැඩිම ආදායම උපයන්නට ද 'පොක්කිරි' සමත් වෙනවා. (අන්න ඒ නිසයි 'විජෙයිට වාසනාව ගෙනාවේ මහේෂ් බාබු කියලා හැමෝම කියන්නෙ!!)

පොක්කිරි විතරක් නෙවෙයි, විජෙයිගේ 'ගිල්ලි' කියන්නෙත්, මහේෂ් රඟපෑ තෙළිඟු චිත්‍රපටයක 'රීමේක්'එකක්.

මහේෂ් බාබු කියන්නෙ හැමෝම කැමති 'නළුවෙක්' ම නෙවෙයි. මහේෂ් බාබුට 'අකැමැති' පිරිසකුත් ඉන්නවා. (ඔබටත් එහෙම අය මුණගැහිලා ඇති!) එහෙම වුණත්... ඔබ නොදන්නවා ඇති අදටත් මේ නළුවා එක්ක රඟපාන්න ඉන්දීය සිනමාවේ නිළියන් අතර පවා තරඟයක් තියෙනවා. ඒ, ඔහු ඒ තරම් ආකර්ශනීය තරුවක් නිසයි. ඒ වගේම ඔහු සමඟ රංගනයේ යෙදුණොත් එක රැයින් ජනප්‍රියත්වයේ 'හිනිපෙත්තටම' යා හැකි බැව් ඇතැම් නිළියන් විශ්වාස කරනවා.

මහේෂ් බාබු නළුවෙක් විතරක් ම නෙවෙයි. ඔහු මානුෂිය ක්‍රියාකාරකම්වල යෙදෙන ධානපතියෙක් ද වනවා. පුණ්‍යාතන කිහිපයක් ම පවත්වාගෙන යන ඔහු ඒවා හරහා අසරණ දරුවන්ට එහෙම මුදල්මය ආධාර ලබාදෙනවා. (හරියට ඉන්දියාවේ විජෙයි වගේම තමයි!!)

තෙළිඟු සිනමාවේ 'වැඩිම ආදායමක්' ලබන නළුවා වගේම මේ වෙනකන් 'මහේෂ් බාබු'ට සම කළ හැකි 'තරගකරුවෙක්' පවා එහේ නෑ කියලයි කියන්නෙ. ගොඩක් විචාරකයින් පවා කියන්නෙ 'මහේෂ්ව සිනමාවෙන් වට්ටන්න කිසිම එකෙකුට බෑ' කියලයි. තෙළිඟු සිනමාවේ ඔහු තැබූ ඇතැම් වාර්තා වලට සමීප වෙන්නටවත් කිසිවෙකුට මේ වෙනකන් නොහැකි වෙලා තියෙනවා. (ඒ අතරින් ඔහු රංගනයේ යෙදුණු 'බිස්නස්මන්' චිත්‍රපටය විශේෂ තැනක් ගන්නවා!)

Mahesh Babu FB PageMahesh Babu FB Page

නර්මතා වරක් කියලා තිබුණේ මහේෂ් එක්ක ගෙවන 'පවුල් ජීවිතේ' කිව නොහැකි තරමේ 'ප්‍රීතිමත්' එකක් කියලයි. Mahesh Babu FB Page

මහේෂ් බාබු ගොඩක් වෙලාවට 'පවුල් ජීවිතේ'ට මුල් තැන දෙන කෙනෙක්. ඒ නිසාමත් ඔහුට බොහෝ රසිකයින් ප්‍රිය කරනවා.

මහේෂ්ගේ බිරිඳ නර්මතා වරක් කියලා තිබුණේ මහේෂ් එක්ක ගෙවන 'පවුල් ජීවිතේ' කිව නොහැකි තරමේ 'ප්‍රීතිමත්' එකක් කියලයි. මේ දෙන්නාගේ ආදර කතාවේ මුලින්ම 'ආදරය' ප්‍රකාශ කරලා තියෙන්නෙ නර්මතා මයි. පුදුමය කියන්නෙ, ඒ මොහොතේ ම මහේෂ් බාබු ඒකට 'හා' කියලා. (කොල්ලා හිතේ තියන් ඉඳලා!)

නමුත් මුලින් මේ විවාහයට මහේෂ්ගේ පවුලේ අය කැමති වෙලා නැහැ. (ඔව් ! සාම්ප්‍රදායික හේතුවම තමයි, ඇයි නිළියක් බඳින්නෙ කියන අවුල!) කොහොම වුණත් මේ සියලු 'අවුල්' ලිහාගන්න, මහේෂ් ඇගේ සොයුරියගෙනුත් උදවු අරන් තිබුණා.

Namrata Shirodkar FB PageNamrata Shirodkar FB Page

මට මහේෂ්ව කසාද බඳින්න වුවමනා වුණාම මම චිත්‍රපටිවලින් ඉවත් වෙන්න තීරණයක් ගත්තා ! Namrata Shirodkar FB Page

විවාහයෙන් පස්සෙ නර්මතා රංගනයට 'නැවතීමේ තිත' තියෙනවා. ඇය ඒකට හේතු කියලා තිබුණේ මෙහෙමයි.

'මට කවදාවත් ඉහළ වීරවරියක් වෙන්න ආශාවක් තිබුණේ නෑ. මට මහේෂ්ව කසාද බඳින්න වුවමනා වුණාම මම චිත්‍රපටිවලින් ඉවත් වෙන්න තීරණයක් ගත්තා !!'

'කොච්චර කාර්යබහුල වුණත් ඔහු පවුල වෙනුවෙන් කාලය වෙන් කරනවා. ඒ හැමදේටම වඩා මම ඔහුගේ ආසම දේ දන්නවද? ඔහුගේ මානුෂික ගතිගුණවලට. ඔහු සැබෑම මානව හිතවාදියෙක්. ඒ නිසයි මම වැඩිපුරම ඔහුට ආදරේ. ඔහු තමයි මට ජීවිතේ ලැබුණු ලොකුම තෑග්ග..'

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.