'දැක්කත් ඇති හිත පිරෙනවා, හිනාවුණත් හිත පිරෙනවා, ළඟින් ගියත් හිත පිරෙනවා!': කොල්ලො ඇස් අලෝගෙන ඉන්න, LPL පිටියේ දිලිහෙන තාරකාව, Ridhima Pathak!
ඈ 'රිදිමා පතාක්' (ridhima pathak).... LPL පිටියේ 'මයිකෆෝනය' අත රැඳුනු 'අතිශය' සුන්දරියක්.
LPL තරග උණුසුම මැද 'ඈ'ත් සමාජ මාධ්‍ය ඇතුළේ 'උණුසුම් මාතෘකාවක්' වෙලා.
ඉතින් මේ කතාව 'ඈ' ගැනයි. වසර ගණනාවක් තිස්සෙ IPL (ඉන්දීය ප්‍රීමියර් ලීගය) ඇතුළෙත් ඇගේ හඬ 'ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට' බොහෝ හුරුපුරුදු එකක් වුණා.
'රිදිමා පතාක්' අද දවසේ ලොවක් දැන අඳුනන (ක්‍රිකට් පිටියේ දිදුලන) 'නිවේදන ශිල්පිනියක්' වුණා වුණත්... ඇය සැබැවින්ම 'ඉංජීනේරු විද්‍යාව' හැදැරූ තරුණියක්.
'මට ඔිනි ම වුණේ කැමරාව ඉස්සරහාට එන්න. නමුත් ඒක වෘත්තියක් කරගන්න මට ධෛර්යක් තිබුණේ නෑ. මම ඉංජිනේරු විද්‍යාව හොඳින් කළා, විශ්ව විද්‍යාලයකට ගියා. අමරිකානු සමාගමකටත් තේරුණා. නමුත් අතරමගදි මම පූනේ වල රේඩියෝ මිර්චි එකට එකතු වුණා. පස්සෙ රූපවාහිනි චැනල් දෙකක වැඩ කළා. අවුරුදු එකහමාරකට පස්සෙ මට තේරුණා මගේ ඉංජිනේරු රැකියාව නෙවෙයි හරිම දේ කියලා... ඒක මාව අසතුටට පත් කළා...'
'ක්‍රිකට්' ගැන ලෝකෙටම කියන ඈ ඇත්තටම 'විශේෂඥයෙක්ද' ?
'නෑ මම තාම ඉගෙන ගන්නවා. ප්‍රවීණයෙක් වෙන එක පහසු කාර්යයක් නෙවෙයි. අපි ජීවිත කාලෙම ඉගෙන ගන්නවා....'
'රිදිමා පතක්'ට කාලයක් ගිහින් වාසනාව ලැබෙනවා 'අතිවිශාල' තරුවක් හා සම්මුඛ වෙන්න...
'ඒ ෂාරුක් ඛාන්... එයා තමයි ලොකුම තරුව මට හමුවුණු. පළමු ක්‍රීඩකයා සර්දාර් සිං සහ අමර්දීප් සිං.. (ඔවුන් හොකී ක්‍රීඩාවේ තරු)...'
රිදිමා පතාක් ආකර්ශනීය තාරකාවක්. (පිටිය මැද ලස්සනම තාරකාව. දිලිසෙනකොට අපේ උනුත් ඇස් කන් පියාගන්නෙ නැති තරම්...) ඒත් ඇත්තටම 'ලස්සනම' නෙවෙයි පැවැත්ම කියන තැන ඈ ඉන්නවා.
'ක්‍රීඩාව කියන්‌නෙ ලස්සනම නෙවෙයි. ක්‍රීඩාව දැනගන්නත් ඔිනි. ලස්සන තිබ්බට වැඩක් නෑ, ක්‍රීඩාව දන්නෙ නැත්තම් මේක පවත්වාගෙන යන්න බැරි වෙනවා. මම හිතන්නේ ක්‍රිකට් විතරක් නෙවෙයි, හොකී, කබඩි, පාපන්දු ක්‍රීඩා ගැන හෝ දන්නා බොහෝ කාන්තාවන් ඉන්දියාවේ නැහැ....'
මූලාශ්‍ර sportskeeda.com