'හරි ලෝබ හිතුණා එයාව නැති කරගන්න, මම හිස්තැනක් තියන්නම්. ඒ රිලේශන්ෂිප් එකට...': කේ. සුජීවාගේ ගෙදර ඉන්න 'චූටිපුතා' අංජලීගේ පෙම්වතා ද? අන්තිමේ දී ඇත්ත එළියට!
'ඉඟිමරන තරු රෑන' කියන එකම එක ගීතයෙන් 'ප්‍රසංග වේදිකාව' හෙල්ලූ 'කේ. සුජීවා' ඉන් අනතුරුව 'ප්‍රසංග වේදිකාවට' නැතුවම බැරි 'ශිල්පිනියක්' වෙනවා. (ඒක මේ මොහොතෙත් එහෙමයි...)
'පුද්ගලික කයි කතන්දර' නිසාම ඈ විටින් විට සමාජ මාධ්‍ය ඇතුළතත් කතාබහට ලක්වුණු 'චරිතයක්' වුණා. (විශේෂයෙන්ම පළමු හා දෙවැනි විවාහවලින් පස්සෙදිත්...)
ඒ නමුත් ඇය 'අම්මා කෙනෙක්' විදිහට 'ලොකු මහත් වෙච්ච' දූ පැටවු දෙන්නෙක් එක්ක බොහෝම 'හිත හයියෙන්' මේ 'සැඩ කුණාටු'වලටත් මුහුණ දෙන්න ගන්නවා.
සමහර දාක 'ජනප්‍රියයි' හෝ 'ප්‍රසිද්ධයි' කියලා හරි 'සෝශල් මීඩියා' ඇතුළේ 'පතුරු හැරියා' වුණත් ඒවායින් පවා 'උපරිම ප්‍රයෝජනය' ගන්න ඈ හා ඇගේ දරුවන් බොහෝම දක්ෂයි.
මේ කතාව ඇගේ 'දරුවන්' ගැනම කතාවක්. ඒ හිතූ හැටියේ ඈ එක්කලා දකින්න ලැබුණු 'පිරිමි දරුවා' ගැන කතාවක්.
මේ 'අලුත් පුත්‍රයා' නොහොත් 'පිරිමි දරුවා' ප්‍රේක්ෂකයින්ට ලොකු 'කුතුහලයක්' ඇති කළා හා සමානව අනෙක් අතර 'සැක සංකා' මතු කරන්නටත් වුණා. ඒ 'අංජලීගේ පෙම්වතා' වෙන්නත් ඇති කියලත් 'අනුමාන කිරීම්' තිබුණා.
කෙනාහොම වුණත්,
ඒ 'චූටි පුතාගේ' ආගමනය ගැන, 'කේ. සුජීවා' ම පසුගිය දවසක 'යූටියුබ්' වැඩසටහනකට එක්වෙමින් අදහස් පළ කරලා තිබුණා.
'මට ඇත්තටම පුතෙක් නෑ. ඒ වුණාට පුතෙක් නැති එක ගැනත් මම සතුටින් හිටියේ. කෙල්ලො දෙන්නා කොහොමත් මූඩ් දෙකක්. මේ පුතා අංජලීගේ යාලුවෝ ලිස්ට් එකේ හිටපු එක්කෙනෙක්. වාහනවලට ලොකුවට ආස කෙනෙක් පුතා..... මෙයාටත් (අංජලී) වාහන පිස්සුවක්නේ තියෙන්නෙ. මේ පුතාට ගෙදරින් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. කොල්ලාව ගෙදරින් එළවලා දානවා. ලීගලි හැමදේම අරගෙන එළියට දාන්නෙ. එතකොට මෙයා හොස්ටල් ඉඳලා තියෙන්නෙ. මෙයා ලෙඩ වෙනවා. මම පස්සෙ ගෙදර ගෙන්න ගත්තා. මාසයක්ම අසනීපෙන් හිටියේ.'
'මාස දෙක තුනක් යනකොට මට හිතුණා, මේ දරුවා ඉන්න එක මට ලොකු ශක්තියක් කියලා. මම කරපු වැඩ කොටසක් තියනවනේ. ඒකෙන් භාගයක්ම එයා කරන්න ගන්නවා. මම කියලා නෙවෙයි. මට හරි ලෝබ හිතුණා පුතාව නැති කරගන්න. මම සම්පූර්ණයෙන්ම එයාගේ වගකීම ගත්තා. එයා ගිය ජොබ් එකත් නතර කළා. එයා ඒ ජොබ් එක කරද්ද කිළිටි වෙලා ගෙදර එන්නෙ. මම ඒකට කැමති වුණේ නෑ. මගේ එකවුන්ට් බිස්නස් සේරම හැන්ඩ්ල් කරන්නෙ එයා.'
ඇත්තටම 'චූටි පුතා' කියන්නෙ අංජලීගේ 'පෙම්වතා' නෙවෙයිද? නැත්තම් 'අංජලී' ඒ ගැන නොකියා ඉන්න 'හේතු' තියනවද? ඒකට ත් 'සුජීවා' ළඟ උත්තරයක් තිබුණා.
'ඒක මම හිස්තැනක් තියන්නම්. ඒ රිලේශන්ෂිප් එකට... කවදහරි මේ දරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් පිරිමි ළමයෙක් ගෙදර ගෙනාවොත් මම අකැමැත්තෙන් හරි පුතා විදිහට ඒ මනුස්සයා භාරගන්න වෙනවා... ඒ කියන්නෙ ඉතින්... හරි නැතත් කරන්න දෙයක් නෑනේ..'
'චූටි පුතා' ගැන අන්තිම වතාවට 'අංජලීත්' මේ විදිහට කියලා තිබුණා. (ඒක පහළින්...)
'මම හිතපු විදිහේ ගතිගුණ, කොලිටිස්... එයා ළඟ තියනවා. මම හිතුවේ නෑ, මෙහෙම අය ඉන්නවා කියලා. මාර පර්ෆෙරක්ට් එයා...'