සුප්‍රසිද්ධ නළු Johnny Ruffo අවසන් ගමන් යයි: මරණයට හේතුව මොළයේ පිළිකාවක්

MonaraMonara

ඡායාරූප : instagram

ඕස්ට්‍රේලියානු රූපවාහිනී නළුවෙකු සහ ගායකයෙකු වන ජොනී රුෆෝ (Johnny Ruffo) මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 35 හැවිරිදි වියෙහි පසුවූවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුෆෝ, මොළයේ පිළිකා තත්ත්වයක් හේතුවෙන් මියගිය බවයි.

ඔහුගේ පවුලේ පිරිස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ,

"ඔහු අවසානය දක්වා ඔහුට හැකි පමණින් සටන් කළේය..." යනුවෙන්.

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook

රුෆෝ 'X Factor Australia' රියැලිටි වැඩසටහනේ තරඟකරුවෙකු ලෙස මහජන අවධානය දිනාගත් අතර පසුව 'Home and Away' ඔස්සේ වඩාත් ජනප්‍රියත්වයට පත්විය.

2017 වසරේ දී පිළිකාවක් වැළඳී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු ඔහු සිය වෘත්තීය ජීවිතය නවතා දැමු බව සඳහන්.

වසර දෙකක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඔහුගේ පිළිකාව සමනය වුවත් 2023 දී නැවතත් රෝග ලක්ෂණ මතුව තිබෙනවා.

රුෆෝ ඕස්ට්‍රේලියාවේ මොළයේ පිළිකා පිළිබඳ අරමුදල් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් ඔහුගේ සහය ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.

ගෙවුණු වසරේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුෆෝ මෙලෙස සඳහන් කර තිබුණා.

"මගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර තුනක්.

දැන් වසර පහක් ගෙවිලා. එබැවින් මම දැනටමත් ජයග්‍රහණය කරලා.

දැන් මගේ අරමුණ මට පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්නයි....."

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook