'අද ඔබ නලුවෙක් සහ මැරුණු මිනිසෙක්! කියන්න අකැමැති වුණත්, ඒ ගුණ අමතක කරන්නෙපා!': නිදහස් වෙලා ඇවිත් හරියටම අවුරුද්දයි! රන්ජන්ට මුල අමතක වුණාද? 'දුකයි ඔබ වෙනුවෙන් කතා කළාට!'

MonaraMonara

'අද ඔබ නලුවෙක් සහ මැරුණු මිනිසෙක්! කියන්න අකැමැති වුණත්, ඒ ගුණ අමතක කරන්නෙපා!' Ranjan Ramanayake

'එදා තමයි මම මුලින්ම දැක්කේ රන්ජන් විග් එකක් දානවා කියලා. නළුවෙක්නේ. නඩත්තු කරන්න අමාරුයිනේ හිරේදී...' (මේ රන්ජන් 'රසිකාවියක්' නිසා සිරගත වුණු මොහොතක, රන්ජන්ව බලන්න ගිය 'සන්නස්ගල' කියපු කතාවක්...)

රන්ජන් 'විග් එකක්' දානවා කියන කතාව (කොටින්ම රන්ජන්ට 'තට්ට හිසක්' තියනවා කියලා) 'කිහිප වතාවක්'ම 'මැති ඇමතිගොල්ල' විසින්ම ප්‍රසිද්ධ මාධ්‍ය හරහා හෙළිදරවු කරලා තිබුණා.

'ජොන්ස්ටන් ප්‍රනාන්දු'ත් වතාවක්, 'බොරු කොණ්ඩයක් දාපු, ඇඟ පුම්බන් ඉන්න, මොළේ නැති එකෙක්' කියලා රන්ජන්ගේ 'මූණටම' අපහාස කරලත්, රන්ජන් බොහෝම 'සැහැල්ලුවෙන්' ඒක අහන් හිටියා.

Ranjan Ramanayake FB PageRanjan Ramanayake FB Page

අවුරුද්දයි, මාස හතයි,දවස් දාහතරක්,මම හිරේ දුක් වින්දා, Ranjan Ramanayake FB Page

හැබැයි, රන්ජන් 'කට කැවුවත් ඇත්ත කියනවා මල්ලි' කියලා කියන්නෙත් 'ඇත්තටම' තමයි.

තමන්ගේ කොණ්ඩෙ 'බොරු කොණ්ඩයක්' කියලත්, ඉන් එහා සිනමාව ඇතුළේ කාලයක් හිටියේ එහෙම කියලත්... රන්ජන් 'යූටියුබ් නාලිකාවක' සාකච්ඡාවකට එකතු වෙමින් කියලා තිබුණා. රන්ජන් බොහෝමයක් තැන් වල ඔිනෑවට වඩා 'කතා පවත්වන්න' ගිහින් විහින් අමාරුවේ වැටුණා කියන එකත් බොරුවක් නෙවෙයි. ඒ නිසාම රන්ජන්ට බොහෝමයක් 'අකරතැබ්බ'වලට මූණ පාන්නටත් සිදු වුණා. 'හඬපට' වලින් පටන් අරන්, පතුරු යනකන්.... රන්ජන්ට අපහාස කරන්න 'විවිධ පාර්ශව' කටයුතු කෙරුවා.

රන්ජන් 'සිරගත කරන' තීන්දුව ලබාදෙන්නේ 2021 ජනවාරි මාසයේ දී. ඒ වෙනකොටත් තමන් ට අනිවාර්යෙන්ම 'කූරු ගනින්නට' සිද්ධ වෙන බව රන්ජන් දැනන් හිටියා.

ඉන් පස්සෙ...

රන්ජන් වෙනුවෙන් බොහෝ දෙනෙක් 'සටනට' ආවා. (තවත් පාර්ශව නිහඬ වුණා, හරියට එදා විජය කුමාරතුංගව හිරේ දැම්ම වෙලාවේ නිහඬ වුණා වගේම...)

රන්ජන් වෙනුවෙන් කිසිම 'එකෙක්' කතා නොකරන තැන, මොන තරම් 'තරහා පිරිමහන' විරුද්ධ පාක්ෂිකයෙක් වුණත් 'ගීතා කුමාරසිංහත්' ඔහු වෙනුවෙන් හිටගත්තා.

රන්ජන් එක්ක කිහිප වතාවක්ම 'ගැටුම්' ඇති කරගත්ත 'අර්ජුන කමලනාත්' පවා රන්ජන් වෙනුවෙන්, රන්ජන්ව 'නිදහස් කරලා දෙන්න' කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා.

Ranjan Ramanayake FB PageRanjan Ramanayake FB Page

කෙළින්ම ස්තුති කරන එකයි නියම මනුස්සකම. Ranjan Ramanayake FB Page

රන්ජන් පසුගිය 26 වැනිදා 'වසරක සිරගත මතක' ගැන කියමින්, ඔහුගේ 'ෆේස්බුක්' ගිණුම‌ට සටහනක් එක් කොට තිබුණා.

'මීට හරියටම අවුරුද්දකට කලින්,මෙහෙම දුක් විඳපු මාව,හිරෙන් නිදහස් කර ගන්න,වචනයකින් හරි උදවු කරපු,ඔයාලා හැමෝටම ගොඩක් පිං.අවුරුද්දයි, මාස හතයි,දවස් දාහතරක්,මම හිරේ දුක් වින්දා,උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි..' (රන්ජන් රාමනායකගේ ෆේස්බුක් සටහන)

නමුත්...

රන්ජන්ගේ 'පෝස්ටුවට' ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනෙක් කියලා තිබුණේ 'රන්ජන්', මුල අමතක කරලා කියලයි.

Ranjan Ramanayake FB PageRanjan Ramanayake FB Page

ඔබට ගරු කරේ දේශපාලන තක්කඩියො වෙනුවෙන් අබීතව හඩක් නගපු නිසා.... Ranjan Ramanayake FB Page

'මම ඔබ වෙනුවෙන් fb එකේ ලිව්වා. ඔබ වෙනුවෙන් කතාකරා....ව්ශේශයෙන්ම හඩ පට එලියට ආපු කාලෙ හැමෝම ඔබට ගහද්දි ඔබව ආරක්ෂා කරන්න උත්සහා ගත්ත අතලොස්සගෙන් කෙනෙක් නාදුනන මමත්...........ඒත් අද මම ඒ ගත්ත මහන්සියට දුක් වෙනවා......හේතුව ඔබ හිරේ ඉන්නෙ දැනුයි. ඔබ දැනුයි සිරකාරයෙක් විදියට ඉන්නෙ. සමාජය ඔබට ගරු කරේ ඔබ නලුවෙක් නිසා නෙවෙයි. ඔබට වැඩිය කඩවසම් තරුන නලුවො අද කොචචර ඉන්නවද.......ඔබට ගරු කරේ දේශපාලන තක්කඩියො වෙනුවෙන් අබීතව හඩක් නගපු නිසා....දුක් විදින මිනිස්සු වෙනුවෙන් හඩක් නගපු නිසා......ඒත් අද ඔබ නලුවෙක් සහ මරුනු මිනිසෙක්........... රටක්ම මියැදෙමින් තියෙද්දි මරුනු මිනිසෙකුට හැර මෙලෙස ඇස් කන් වසා ආතල් එකේ සිටිය හැකිද....???????'

'මේ රටේ බහුතරයක් මිනිස්සු පාට පක්ශ භේදයකින් තොරව රන්ජන් රාමනායක කියන චරිතය වෙනුවෙන් කතා කලා.. මොන පැත්තකින් හරි අද ඒ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරනවා දකින එක ඇත්තටම ලොකු සතුටක්... හැමදාමත් අහිංසක මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න..'

Dr Bhagya FB PageDr Bhagya FB Page

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සටන් වැදුණු 'ඩොක්ටර් භාග්‍යා', රන්ජන් නිදහස ලැබූ දා රන්ජන් සමඟ. Dr Bhagya FB Page

කොහොම වුණත් රන්ජන් දැන් බොහෝම 'සාමාකාමී' චරිතයක්. ඉදිරියට 'කාලයා' මොන 'විප්ලවය' කරනවා වුණත්... රන්ජන්, තමන් ගැන ගන්න 'තීන්දුව, තීරණය' ගැන දන්නේ ඔහුම මිස වෙන කවුද ?