'නංගි ඇයි එන් නැත්තේ? ලැජ්ජ වෙන්න එපා! මම ඔයාව - - කරන්නෙ නෑ, ඇයි Boyfriend බයද? ලස්සන - - නේ!': චිත්‍රාල් සෝමපාල ආයෙම වතාවක් බාල්දියක් පෙරළ ගන්නද හදන්නෙ ? මෙන්න හැමෝම හොයන වීඩියෝ එක!

MonaraMonara

'නංගි ඇයි එන් නැත්තේ? ලැජ්ජ වෙන්න එපා! මම ඔයාව - - කරන්නෙ නෑ, ඇයි Boyfriend බයද? ලස්සන - - නේ!' Chitral Chity Somapala

'චිත්‍රාල් සෝමපාල' නිතරම කිව්ව කතාව, 'රැල්ල දැක්කත් රැල්ල පාගන්න යන්නෙ නෑ' කියන එක. (ඒ කියන්නෙ ඒ මනුස්සයෝ කවදාවත් රැල්ල යන 'පිහිනපු' හාදයෙක් නෙවෙයි!)

චිත්‍රාල්ගේ නිර්මාණ ඇතුළෙත් චිත්‍රාල්ටම අනන්‍ය වෙච්ච 'හඬක්' තිබුණා. ඉන් එහා 'වෙනසක්' තිබුණා. ඒක ආඝ්‍රාහණය කරන එක 'සෑහෙන' අමාරු වුණත් 'චිත්‍රාල්'ටම ප්‍රිය කරපු 'රසික සමාගමක්' හිටියා. උනුන් චිත්‍රාල්ව තදින් වැළඳගත්තා.

හැබැයි.... සුනිල් පෙරේරාට වගේම 'චිත්‍රාල්ටත්' මේ 'සිස්ටම්' එකේ සමහරක් තැන් දිරවන්නෙ නැතුව ගියා. සුනිල් පෙරේරා ඒක සෑහෙන්න 'පාලනය' කළා වුණත්, චිත්‍රාල්ට සුනිල් තරම්ම තමන්ව 'පාලනය' කරගන්න බැරිවුණා.

Chitral Chity SomapalaChitral Chity Somapala

චිත්‍රාල් කියන්නෙ 'සැර ප්‍රකාශ' නිසාම බුකියේ අවධානය නිරන්තරයෙන් නතුකරගන්න චරිතයක්. Chitral Chity Somapala

සමාජ මාධ්‍ය ඇතුළේ 'චිත්‍රාල්' එළිපිට කියන්න ගන්න අතිශය දරුණු 'ප්‍රකාශන' එහෙම් පිටින්ම අනිත් එකාලට 'දිරවන්නෙ' නැතුව ගියේ ඒ හේතුව නිසයි.

2019 අවුරුද්දේ චිත්‍රාල් සංගීත ප්‍රසංගයක දී 'ලොකු අවුලක්' ඇතිකරගත්තා ඔබට අමතක නැතුව ඇති. ගීත ගායනය අතරතුර 'ගෝඨාභය මොකෙද්ද' කියලා කිවුව 'වරදට' චිත්‍රාල්ව දඬුකඳේ ගහන්න, බොහෝ ප්‍රේක්ෂකයින් කටයුතු කර තිබුණා. ඒ අවස්ථාවේ 'හූ' හඬ දෙමින් රැස්ව සිටි පිරිස ඔහුට විරෝධය දක්වන 'වීඩියෝ පටත්' සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.

නමුත්, චිත්‍රාල් 'පරුෂ වචන' කියන හෝ 'ගෝඨාභය' (ඒ සමයේ ජනපති) නමට අපහාස කරන අයුරු දැක්වෙන දර්ශන 'වීඩියෝ පටවල' දකින්නට ලැබුණේ නෑ. එසේම 'චිත්‍රාල් ජනාධිපතිට අපහාස කරපු කතාව බොරුවක්' බැව් අදාළ පෞද්ගලික බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුණා.

වරක් 'රටේ නැති සතෙක් ජාතික කොඩියේ දාගෙන ඉන්නවා' යැයි ඔහු කළ 'සැර ප්‍රකාශයකටත්' බොහෝ දෙනෙක් විරෝධය පළ කර තිබුණා.

කොහොම වුණත්, 'විරෝධ' සහ 'අපහාස' මැද, ගෝඨාභයගේ පසුබැසීමත් එක්ක නැවත වතාවක් චිත්‍රාල් ජයග්‍රාහී 'සටහනක්' සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා ඔබට අමතක නැතුව ඇති.

Chitral Chity SomapalaChitral Chity Somapala

සෝශල් මීඩියා ඇතුළේ චිත්‍රාල්ට නොසෑහෙන්න අපහාස විඳින්නත් සිද්ධ වුණා. Chitral Chity Somapala

'බොහෝම ස්තුතියි මට සහ මගේ දෙමව්පියන්ටත් කුනුහරුප කියපු, මඩ ගහපු කට්ටියට, මම සෑහෙන්ඩ ගරුකරනවා අද ඔගොල්ලන්ගේ ඇස් ඇරීම සහ මොලේ පැදිච්ච එක ගැන, තෙරුවන් සරණයි ඔබ සැමට.'

චිත්‍රාල් කියන්නෙ චිත්‍රාල් කියන විදිහට 'කට කෑවත්' කියන්න තියෙන දේ කියන කෙනෙක්. එහෙම වුණත් ඒ දේ නිසාම 'චිත්‍රාල්ට' නොසෑහෙන්න අපහාස එහෙමත් විඳින්න වුණා. 'සෝශල් මීඩියා' ඇතුළෙත් 'චිත්‍රාල්''ආච්චි අම්මා කෙනෙක්' කරන්න බොහෝ පරිශීලකයින් කටයුතු කරලා තිබුණා.

Chitral Chity SomapalaChitral Chity Somapala

චිත්‍රාල් සෝමපාල, අමල් පෙරේරා සහ මේරියන්ස් නායක නලින් සමඟ. Chitral Chity Somapala

මේ සියලු දේ මැද, නැවත වතාවක් 'චිත්‍රාල්' ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ චිත්‍රාල් ප්‍රසංගයකදී 'කියූ කෙරුම්' කිහිපයක් ගැන. (ඒක මේක ඇතුළේ 'වයිරල්' වෙන්න වැඩි වෙලාවක් ගිහින් තිබුණේ නෑ!)

මේ මොහොතේ හැමෝම කතා කරන ඒ වීඩියෝ එකේ තිබුණේ මොනාද කියලා පහළින් ඔබටත් බලන්න පුළුවන් !!