'මං ඉද්දි එයාට මා එක්ක ඉන්න බැරිනම් යන්න ඕනි! මං එයාගේ ඇඟේ බලෙන් එල්ලෙන් නෑ. හැබැයි එකක්....': අමායා තුන්වැනි විවාහයකටත් සුදානම්? වෙච්ච දේ කියයි! 'මනාලියක් වෙන්න බැරිවුණා. ඒක මගේ අවාසනාව!'

MonaraMonara

'මං ඉද්දි එයාට මා එක්ක ඉන්න බැරිනම් යන්න ඕනි! මං එයාගේ ඇඟේ බලෙන් එල්ලෙන් නෑ. හැබැයි එකක්....' Amaya Adikari

'අමායා අධිකාරි'.... ඈ 'අතුල අධිකාරි'ගේ ආදරණීය බිරිඳ වෙලා හිටියා වුණත්, බොහෝම ඉක්මණින් ඒ 'විවාහය'ත් නවතින්න ගන්නවා. ඉන් එහා ඒකට 'හේතු' හොයන්න බොහෝමයක් 'උන්' වෙහෙසුණා.

නමුත්... කිසිදු 'හිත් අමනාපකමක්' නැතිවම 'අමායා සහ අතුල' අදටත් කල් ගෙවනවා. මුණ ගැහෙනවා. අමායා වතාවක් කියලා තිබුණේ, 'මම අතුල අයියාගෙන් දුවෙක් ඉල්ලුවා' කියලා යි. ඒ විදිහේ 'අඹාපු' රූපයක් දැන් අමායාට අයිති වෙලා තියනවා.

පසුගිය දවසක (කවීගේ වෙඩින් එක දවසේ) ලස්සන ඡායාරූප කිහිපයකුත් අමායා ඇගේ 'ඉන්ස්ටග්රෑම්' ගිණුමට එකතු කරලා තිබුණා.

Instagram Instagram

අවුරුද්දක් දෙකක් ඉදී.... ආයෙම අරක තමයි වෙන්නෙ. Instagram

මේ අතරතුර 'අමායා අධිකාරි', 'ගීත්' යූටියුබ් නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් 'තුන්වැනි' විවාහයක් ගැන අහපු ප්‍රශ්නයකට හරි අපූරු පිළිතුරක් දීලා තිබුණා.

ඔබේ ජීවිතේ දවසක ඔබට නැතිවුණොත්? හර්ෂ දෙවැනි පාර කසාද බඳිනවට ඔබ කැමතිද?

'මම කැමතියි... කැමතියි කියන්නෙ මම හිතන් නෑ කසාදේ කියන එක සක්සස් වෙනවා කියලා. හිතමුකෝ... අවුරුද්දක් දෙකක් ඉදී.... ආයෙම අරක තමයි වෙන්නෙ. එයාට පුළුවන් අවස්ථාවක් අරන් බලන්න.. කිසි ප්‍රශ්නයක් නෑ. මම ඉදිද්දි හරි එයාට මගෙත් එක්ක ඉන්න බැරිනම්, එයාට වෙන්වෙලා යන්න ඔිනි නම් මම එයාගේ ඇඟේ බලෙන් එල්ලෙන් නෑ.. එයාට ආදරේ කරන කෙනෙක් හම්බුණොත් එයාට පුළුවන් බඳින්න. හැබැයි දරුවන්ට තඹ දොයිතුවක දෙයක් වෙන්න බෑ....'

Instagram Instagram

මම බලන්නෙ දරුවෝ ගැන. මට පුළුවන් තනියම මගේ ජීවිතේ ගෙනියන්න. Instagram

Instagram Instagram

මට ඒ අවස්ථාව හම්බෙලා නෑ... ඒක මගේ අවාසනාව ඇත්තටම.. Instagram

අමායා තුන්වැනි විවාහයකට යයිද?

'මම ආයෙ නම් බඳින් නෑ. මම බලන්නෙ දරුවෝ ගැන. මට පුළුවන් තනියම මගේ ජීවිතේ ගෙනියන්න. හැබැයි මගේ ආසාවක් තියනවා, මම කවදාවත් බැඳලා මනාලියක් වෙලා වෙඩින් එකක් අරන් නෑ. මට ඒ අවස්ථාව හම්බෙලා නෑ... ඒක මගේ අවාසනාව ඇත්තටම... ඉතින් බලමු....'