''ජීවිතයේ නව ඇරඹුමක්…'' ගෙවින් - උමාලි කතාවේ ඇත්ත නැත්ත !: උමාලි පළමුවරට හඬ අවදි කරයි !!

MonaraMonara

කලා නිර්මාණ ප්‍රවර්ධන කාර්යයේදී යොදාගන්නා ඇතැම් ප්‍රයෝග තරමක් සැර වැඩියි !

එහෙම කියන්න හේතුව ඒවා 'ඇත්තක්' ලෙස ගන්නා පිරිසකුත් ඒ වටා එක්කාසු වීම.

ඊට කදිම උදාහරණයක් තමයි ගෙවුණු දවසක ගෙවින් - උමාලි සම්බන්ධව ඇති වුණේ.

හැමෝම හිතුවා ගෙවින් - උමාලි දෙන්නත් එක්ක ප්‍රේම චාරිකාවක් පටන් අරන් බව.

බොහෝ අය සුබපැතුම් එක්කාසු කර තිබුණා වගේම වයස් පරතරය වැනි කාරණා මත එය විවේචනය කරන්නත් පිරිසක් කටයුතු කර තිබුණා.

කොහොම නමුත් මේ නම් නිර්මාණ ප්‍රවර්ධන කටයුත්තක් ම බව සැක කළ බොහෝදෙනා, අළුත් වැඩේ එළියට එනකල් බලාගෙන උන්නා.

කවුරුත් වැරදි නෑ !

''ජීවිතයේ නව ඇරඹුමක්…

ආදරයට කල නොහැක්කක් නොමැත…'' කියලා මෙහෙම ඡායාරූපයක් සමාජගත කළාම කවුද සැක නොකරන්නේ නේද

MonaraMonara

ගෙවින් සහ උමාලි දෙන්නම මේ පෝස්ටුව පළකර තිබීමත් විශේෂ කාරණයක් වුණා.

හැලහැප්පීම් මැද ගෙවුණු උමාලිගේ අතීතයේ සමහර තැන් නිසාම ඇයට ආදරේ කරන කවුරුත් හරි විමසිලිමත් ඇයගේ ප්‍රේමයේ නවාතැන ගැන දැනගන්න.

ඒ වගේම නව පරපුරේ නැඟී එන කඩවසම් තරුවක් නිසාම ගෙවින්ගේ හිත නතර වන තැන ගැනත් කවුරුත් උනන්දුයි.

ඔන්න ඔය හේතු කාරණා තමයි මේ පොටෝව සහ සටහන මෙච්චර දුරක් අරන් ගියේ.

කොහොම නමුත් හැමෝගෙම හිත්වල කුතුහලය බිඳිමින් “මිණිනේත්‍රනී” එළියට ඇවිත්.

ඔව්... ගෙවින්ගේ කුළුඳුල් ගීතය.

''ස්වප්න යායම කලම්බනා

සෞම්‍යවන්තිය නිවර්තනා

නිවුනා මනසින් ඈ මතක් වෙලා

මාගෙ ලෝකය විමර්ශනා

දිව්‍ය ප්‍රේමය උපද්දනා

පුදමී නටුවෙන් මා මලක් නෙලා

වෙලී මිහිදුම් මාරුතේ

පියා සලා යමු මාවතේ

මේ සෘතුවයි ආදරේ''

MonaraMonara

මෙහි රූප රචනය හැඩ කරන්නේ ගෙවින් - උමාලි යුවළ විසින්.

ඇත්තම තමයි,

''ජීවිතයේ නව ඇරඹුමක්…ආදරයට කල නොහැක්කක් නොමැත…'' මේක හරි ලස්සන ආදර කතාවක්.

ගෙවින්ගේ යූටියුබ් නාලිකාව පැත්තට ගියොත් ඔබටත් හැකියි මේ ආදර කතාව රසවිඳින්න.

MonaraMonara

මේකත් කියන්න ඕනි, තවමත් ගෙවින් - උමාලි කතාව ආදර කතාවක් බවට විශ්වාස කළ පිරිස් උත්සාහය අතැර නැති හැඩයි.

''ඒක ඒ දෙන්නගෙ ආදරේට කළ එකක් වෙන්නත් පුළුවන් අපෙක්ෂා භංගත්වයට පත් වෙන්න හොඳ නෑ''

MonaraMonara