'කෝනාර? ඩිලාන්? රැට්ටා? අවුල්ද? කුඩාරම් ඇතුළේ සෙක්* කළාද? කරපු අය මම කියන්නම්, මෙන්න සාක්ෂි..': මිරිහානේ ගෙදරදී හොරෙන් පන්නපු 'කෙනා' ගැනත්, ඉරාජ් හෙළි කරයි

MonaraMonara

'කෝනාර? ඩිලාන්? රැට්ටා? අවුල්ද? කුඩාරම් ඇතුළේ සෙක්* කළාද? කරපු අය මම කියන්නම්, මෙන්න සාක්ෂි..' Iraj

'ඉරාජ් උතුමාණන්' කියන්නෙ නිරන්තරයෙන් මෙහේ 'වැඩ සිටිනා' 'උතුමෙකු' නිසාත් වැඩි 'ගුණ වරුණා' අනවශ්‍ය නිසාත් මේ කතාව බොහෝම ඉක්මණින් ඔබට කියනවා.

ඒ කතාව 'ඉරාජ්' කියන කෛරාටිකයාට අයිති එකක් නෙවෙයි. (ඒ නමුත් ඉරාජ්ට ඒ විදිහට කියන්න හේතු දාහක් වුණත් තියනවා.)

'ඉරාජ්' සංගීත වැඩකරුවෙක් බැව් විවාදයක් නැහැ. ඒ නමුත් 'ඉරාජ්'ගේ දේශපාලන 'ආගමනය' බොහෝ දෙනෙක්ට නුරුස්සන දෙයක් වුණා. (ඒ සැණින් ඉරාජ්ව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු හිටියා.)

Iraj facebookIraj facebook

පොහොට්ටුවේ බූරු මැති ඇමතිවරු හිතන් ඉන්නවා, රනිල් බේරුවා කියලා... Iraj facebook

තව පැත්තකින් ඉරාජ්ව 'රාජපක්ෂවාදීයෙක්' විදිහටත් බොහෝ දෙනෙක් හංවඩු ගහලා තිබුණා. හිටපු ජනාධිපති 'ගෝඨාභය' වෙනුවෙන් සමාජ මාධ්‍ය ඇතුළේ 'අතිවිශාල විප්ලවයක්' කළා වුණත් ඒ 'විප්ලවය' වෙනුවෙන් දායකත්වය දුන්නු පිරිස්ම පෙරළා 'ඉරාජ්ට' වැරෙන් පහර දෙන්න ගත්තා.

අනතුරුව කලාකරුවන් පවා 'ඉරාජ්' හා වේදිකාවට ගොඩ වෙන එක ප්‍රතික්ෂේප කරන 'තත්ත්වයක්' ආවා.

ඒ නමුත් ඒ සියලු 'අවලාද' වලටත් 'චෝදනා'වලටත් ඉරාජ් ළඟ උත්තර තිබුණා.

ඡායාරූප සමාජ මාධ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කළේ කැම්පේන් එකක්. ඒක කියන්න මගේ ළඟ සාක්ෂි තියනවා. ඡායාරූප සමාජ මාධ්‍ය

දැන් නැවත වතාවක් 'ප්‍රසංග වේදිකාව' ඇතුළේ දකින්න ලැබෙන ඔහු මෑතක 'කාලි' යූටියුබ් නාලිකාව සමඟින් සම්මුඛ සාකච්ඡාවක් සිදු කර තිබුණා.

ඒ අවස්ථාවේ 'අරගලය' ගැනත්, මිරිහානේ 'උද්ඝෝෂණය' ගැනත් ඉරාජ් කිවුවේ මෙහෙම කතාවක්...

'මිරිහානේ ගෙදර ගහපු පළවැනි දවසේ ඇතුළේ තවත් කෙනෙක් හිටියා. ඒ රනිල් වික්‍රමසිංහ... ගෝඨාභය එක්ක සාකච්ඡාවක් කර කර හිටියේ.. මිනිස්සු ටික එනකොට එයාව එළියට ගත්තෙ. අරගලය කළේ කවුද? අරගලය කළේ රනිල්ගේ අය.. ඔය දැන් සල්ලි දුන්න අය කියන්නෙ... පොහොට්ටුවේ බූරු මැති ඇමතිවරු හිතන් ඉන්නවා, රනිල් බේරුවා කියලා....'

සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් වන රැට්‍ටා, ඩිලාන් සහ කෝනාර ගැනත් ඉරාජ්ට බොහෝම දිග කතාවක් තිබුණා කියන්න.

'සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කළේ කැම්පේන් එකක්. ඒක කියන්න මගේ ළඟ සාක්ෂි තියනවා. ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් ඔිවා දැනන් නෙවෙයි ඔතනට ගියේ. කෝණාර එක්ක නම් කොහොමත් තරහාක් නෑ. කෝනාර එක්ක අරගලය කාලෙත් කතා කළානේ. රැට්ටා එක්ක නම් තරහාක් නෑ. මම එයා එක්ක වැඩ කරලත් තියනවා. මම දකින්නෙ රැට්ටා ඉත්තෙක් වුණා කියලා විතරයි. කැම්පේන් කළාද සල්ලි ගත්තද කියන්න මම දන් නෑ. නමුත් මම හිතනවා කෝනාර වුණත් එළියේ වුණ දේ දැනන් හිටියේ නෑ..'

Ratta Ratta

මම එයා එක්ක වැඩ කරලත් තියනවා. මම දකින්නෙ රැට්ටා ඉත්තෙක් වුණා කියලා විතරයි. Ratta

ඇත්තටම කුඩාරම් ඇතුළේ 'ලිංගික දේවල්' වුණාද?

'කුඩාරම් ඇතුළේ ලිංගික දේවල් වුණා කියලානේ කියන්නෙ. ඒවා වුණේ එතැනම නෙවෙයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට එතැන හෝටෙල් දීලා තිබුණා. ඒ ගිය කට්ටියගෙන් අහන්න එතැන වෙච්ච දේවල්.. හැබැයි අරගලේ ඉවර වෙච්ච ගමන්ම ඒ අයට අයිතිකාරයෝ යන්න කිවුවා. අරගලේ හිටපු ගොඩක් අය අපි එක්ක දැන් වැඩ කරනවානේ. අපිට කිවුවා ඉතින් ගත්ත ආතල්... වගකීමෙන් කියන්නෙ ඈ...'