'චාපාව නිදහස් කරන්න!! මේක ලිවුවේ මම, අයිතිය තියෙන්නෙ මට.. අලුත් වර්ෂන් කරන්න දීලත් නෑ!': ඉන්ද්‍රචාපා ලියනගේ 'අහන් ඉන්න' ගීතය හොරකම් කළාද? විකෘති කළාද? (දඬුකඳේ ගහන්න කලින්....)

MonaraMonara

'චාපාව නිදහස් කරන්න!! මේක ලිවුවේ මම, අයිතිය තියෙන්නෙ මට.. අලුත් වර්ෂන් කරන්න දීලත් නෑ!' Indrachapa Liyanage

'අහන් ඉන්න.. අහගෙන ඉන්න..

මගේ හිත, මොනවද මුමුණනවා.!' (මේ ගීතය ඇහෙන්නෙ මීට කාලෙකට කලින්.. 'ගීතය'ට හදවතින්ම ලෙන්ගතු වෙච්ච උන් ඒක මහා ඉක්මණකින් වැළඳගන්නවා.)

ගීතය ගැයුවේ 'මේඛලා ගමගේ'. දෙවැනි 'වර්ෂන් එක' කියන්නෙ 'ඉන්ද්‍රචාපා ලියනගේ'.

සෝශල් මීඩියා 'ජනප්‍රිය' නොවුණු කාලයකත් මේ ගීත 'දෙක' ගැන 'සංවාද මණ්ඩප' මීටත් වඩා ඇතිවුණා.

ඡායාරූපය අන්තර්ජාලයෙන්ඡායාරූපය අන්තර්ජාලයෙන්

ඉන්ද්‍රචාපා ලියනගේ සහ මේඛලා ගමගේ විසින් ඔය සින්දුව ගායනය කරනවා වර්ශන්ස් දෙකක් විදිහට ඡායාරූපය අන්තර්ජාලයෙන්

ඒ නමුත්...

ආයෙම වතාවක් මේ ගීතය කරළියට ඇවිත්. (ඒ වගේම ගීතයේ 'අයිතිය' ගැනත් 'මුල් නිර්මාණය' ගැනත් කතාබහක් ඇතිවෙන්න අරන්...)

එතකොට මේ ගීතය ඇත්තටම අයිති කාටද ? චාපා ගීතය විකෘති කළාද? මේඛලාගෙන් හොරකම් කළාද?

Indrachapa Liyanage FB PageIndrachapa Liyanage FB Page

සමහරු චාපාගෙ වර්ශන් එක විතරක් සහ සමහරු මේඛලාගේ වර්ශන් එකට කැමතියි!! Indrachapa Liyanage FB Page

'අහන් ඉන්න අහගෙන ඉන්න ගීතය පද රචනා කළේ සෝමලතා හේරත් මැණිකේ, සංගීතය රුවන් වල්පොල ඉන්ද්‍රචාපා ලියනගේ සහ මේඛලා ගමගේ විසින් ඔය සින්දුව ගායනය කරනවා වර්ශන්ස් දෙකක් විදිහට . ඔය වර්ශන්ස් දෙකම බොහෝ දෙනෙක් හරි කැමැත්තෙන් වැළඳගන්නා අතර සමහරු චාපාගෙ වර්ශන් එක විතරක් සහ සමහරු මේඛලාගේ වර්ශන් එකට කැමතියි වගේම වර්ශන්ස් දෙකටම කැමති මම වගේ අයත් ඉන්නවා. අවුල තියෙන්නේ අරකට වඩා මේක හොඳයි මේකට වඩා අරක හොඳයි කියලා ශාණර දෙකක් සංසන්දනය කරන්න හදන අයගේ මිසක් ඔය වර්ශන් දෙකේ නෙවෙයි, ඔය ප්‍රශ්නෙ මතු වෙන්නෙ අදක ඊයෙක නෙවෙයි අලුත් ගායකයෙක්ගෙ සින්දුවක් අහන වෙලාවට ඒ සින්දුව කොච්චර ලස්සන උනත් සහ ඒ ගායකයා කොච්චර දක්ශ උනත් ඒ මනුස්සයාව ජෝතිපාල එක්ක සංසන්දනය කරන වැඩිහිටි පරම්පරාවක්නෙ අපිට ඉන්නෙ! ඉස්කෝලෙ උනත් ඉගැන්නුවෙ ඉන්දියානු සංගීතය විතරයි අඩුම තරමෙ Main genres ටික ගැනවත් යම් අවබෝධයක් ලබාදෙන්න ඕනි ඉස්කෝලෙදි. තමන් කැමති එක හොඳයි අනිත් ඒවා හොඳ නෑ වගේ එකක් ඔලුවට එන්නෙ ඔය හේතු ටික නිසා වෙන්න පුළුවන්.. මම අහන Genres වගේම අහන්නෙ නැති Genres තියෙනවා හැබැයි මම දන්නවා මම අහන්නෙ නැති උනාට ඒ Genres නියමයි!' (Isuru Meneripitiyaගේ ෆේස්බුක් සටහනක්...)

ඡායාරූප සමාජ මාධ්‍යඡායාරූප සමාජ මාධ්‍ය

අවධානය යොමු කළ හැමෝටම ස්තුතියි... චාපාව නිදහස් කරන්න, මේ ඔහුගේ අයිතිය... ඡායාරූප සමාජ මාධ්‍ය

ඒ වගේම 'ගීතය' ලියපු 'සෝමලතා හේරත් මැණිකේ' මහත්මියත් ෆේස්බුක් එකට 'කමෙන්ටුවක්' එකතු කරලා තිබුණා.

'ගීතය සඳහා අවධානය යොමු කළ හැමෝටම ස්තුතියි... චාපාව නිදහස් කරන්න, මේ ඔහුගේ අයිතිය...' (සෝමලතා හේරත් මැණිකේ තැබූ ෆේස්බුක් සටහනක්...)