'මින් එහා ජීවත් වෙන් නැති කතාවක් කිවුවේ, මම කාමරේ සේරම දොරවල් වහලා දෙවියන්ගෙන් ඉල්ලුවා!': චම්පා කල්හාරිට 'අමතක' නැති මතක.. 'මගේ දරුපැටියා තමයි කැතකුණු අතගෑවේ!'

MonaraMonara

'මින් එහා ජීවත් වෙන් නැති කතාවක් කිවුවේ, මම කාමරේ සේරම දොරවල් වහලා දෙවියන්ගෙන් ඉල්ලුවා!' Champa Kalhari

'මල් යායේ සමනල්ලූ පාලු වී ගිහින්... ඉස්කෝලේ අන්තිම දවසයි අපේ....' (ඒ අතිශය ජනප්‍රිය ගීතයේ හිමිකාරිය මතකද? මතක් කරන්නද?......)

'ඈ' චම්පා කල්හාරි...

'ජීවිතේට අරුණ උදාවේ... යොවුන් හැඟුම් දෝරේ ගලාවී.....'

'චම්පා කල්හාරි' කියන මේ 'විශ්මිත ගායිකාව' හිටි හැටියේ මේ අඩවියෙන් 'අස්ථානගත' වෙනවා. (ඒ 2018 අවුරුද්දේ...) ජීවිතේ 'අන්ත දුක් විඳින' ඈ අනතුරුව බොහෝම හෙමින් නැවත වතාවක් 'ප්‍රසංග වේදිකාවට' ගොඩ වෙනවා. ඈ එනකන් මඟ බලපු 'හැමෝම' ආයෙම වතාවක් ඈව බදා වැළඳගන්නවා.

Champa Kalhari FB PageChampa Kalhari FB Page

මාස 8ක් ඇඳ උඩමයි හිටියේ. මගේ දරු පැටියා මගේ වැඩත් කළා. මගේ කැතකුණු අතගෑවා. Champa Kalhari FB Page

'චම්පා' ටත් 'අතීත කතාවක්' තියනවා. ඒත් හිතාමතාම හරි ඒ කතාව 'හංඟනවා'...

ඒත් ඈ 'එක්තැන් වුණා'ට පස්සෙ ඇගේ කතාව මාධ්‍ය ඉදිරියේ කියලා තිබුණා. (ඒකත් තද වේදනාවකින්...)

'කවුරුත් හඳහන් විශ්වාස කරන් නැතුව ඇති. නමුත්.... මම හිතන්නෙ ගතානුගතික මානසිකත්වයක් තියෙන කෙනෙක්. ඉන්දියානු සංස්කෘතියත් එක්ක මුහු වෙච්ච කෙනෙක්නේ. ඒක මගේ හැටියක්. මම අදටත් යමක් කරන්න කලින් වෙලාව බලනවා. පන්සලකට, කෝවිලට යන වෙලාවල් තියෙනවා. 2019 මැයි මාසේ පහුකරන්න බෑ කියලා ජ්‍යෙතීර්වේදීන් කිහිප දෙනෙක් කිව්වා. එක්කෙනෙක් කිව්වා නංගි, දැන් ඉතින් දරු පැටියා ගැන හිතන්න, මං හිතුවා මින් එහාට ජීවත් වෙන් නැති එකක් තමයි මේ කියන්නෙ කියලා.'

Champa Kalhari FB PageChampa Kalhari FB Page

මම පඩිපෙළින් බැස්සා. ඔක්කොම පඩි බැහලා අන්තිම පඩි හතරේ දි ලිස්සලා වැටිලා Champa Kalhari FB Page

'චම්පා' ඒ දින වකවානු මේ මොහොතෙත් අමතක නැහැ. (ඒක ඒ තරම්ම වුණූ තදබල වේදනාවක්...)

'මැයි මාසේ 27 මගේ පුතාගේ උපන්දිනේ.. 14 වැනි එක. එදා මම නැදෑයන්ට එන්න කිව්වා. එදා පාටි එකට මගේ නැන්දලා මාමලගේ ඔක්කොමලා ආවා. 28 මම හීනෙන් දැක්කා කොණ්ඩෙ ගැළවිලා යනවා. මම 29 වැනිදා පුතාව පන්තියට ගිහින් දාලා හවස 5ට ගන්න තියෙන්නෙ. මම ඒ දවස්වල ඒ ගෙදර කුලියට හිටියේ. දොරවල් ඔක්කොම වහලා දන්න දෙවිවරුවරුන්ට කිව්වා, මට මොන දේ වුණත් මගේ දරුපැටියට මුකුත් වෙන්න එපා කියලා. එහෙම කියලා මම පඩිපෙළින් බැස්සා. ඔක්කොම පඩි බැහලා අන්තිම පඩි හතරේ දි ලිස්සලා වැටිලා.'

'කකුල කැඩුණා කියලා මට දැණුනා. පහුවෙනිදා මගේ කසීන් බ්‍රදර් ආවා. කෑලි කුරු කුරු වෙන්න කැඩිලා. හැමෝටම පුදුමයක් වුණා... මාස 8ක් ඇඳ උඩමයි හිටියේ. මගේ දරු පැටියා මගේ වැඩත් කළා. මගේ කැතකුණු අතගෑවා. අදටත් හැමදේටම මං දරුවට කතා කරනවා. මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. මම එදත් කිව්වා, අම්මි මෙහෙම තත්ත්වයක ඉන්නෙ. අපි කොහොම හරි ගොඩ එමු. උදව් කරගමු කියලා. එයා ඒ වෙලාවේ උපරිම සහයෝගයක් දැක්වුවා. මම හරි සතුටු වෙනවා මගේ දරුවා ඒ වගේ තත්ත්වයකට හදාගත්තු එක ගැන...'

Champa Kalhari FB PageChampa Kalhari FB Page

මම 29 වැනිදා පුතාව පන්තියට ගිහින් දාලා හවස 5ට ගන්න තියෙන්නෙ. Champa Kalhari FB Page

චම්පා අද ආයෙම වතාවක් 'ප්‍රසංග වේදිකාවේ' සමනල්ලු ගැන ගයනවා. නිතරම නෑහෙනවා වුණත් 'ඉදහිට' හරි ඇහෙන්න ගන්න ඇගේ 'හඬ' බොහෝමයක් උනුන් ආසාවනේ අහන් ඉන්නවා.