"RGV ගැන මට දුකයි! සිනමාවේ වීරයන් හදපු මේ යකා නිළියන්ගේ යටිපතුල් ලෙවකමින් මොකද්ද මේ කරන විකාරේ?": අප්සරා රාණි යටඇඳුම පිටින් ඇවිත් ගිය RGVගේ අලුත්ම ඔෆිස් එක..

MonaraMonara

"RGV ගැන මට දුකයි! සිනමාවේ වීරයන් හදපු මේ යකා නිළියන්ගේ යටිපතුල් ලෙවකමින් මොකද්ද මේ කරන විකාරේ?" Ram Gopal Varma Twitter

RGV, එහෙම නැත්තම් රාම් ගෝපාල් වර්මා...... (මේ කතාව මේ කියන හාදයා ගැන!!)

Ram Gopal Varma Ki Aag, Sarkar වගේ ජනප්‍රියතම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කළ මේ 'සුවිශේෂී නිර්මාණකරුවා'ගේ 'ආන්දෝලනාත්මක ඡායාරූප' සහ වීඩියෝ කිහිපයක් පසුගිය සමයේ වඩා වැඩි අවධානයකට ලක්වුණා.

Ram Gopal Varma TwitterRam Gopal Varma Twitter

"අනාගතයේ දී ස්පා එකක් හරි සම්බාහන චිකිත්සාවක් හරි ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවද ?" Ram Gopal Varma Twitter

ඒ ඔහු නිළියක් වන අශු රෙඩ්ඩිගේ දෙපා සිපගනිමින් ඉන්න වීඩියෝවක්. අධ්‍යක්ෂකවරයා ඇගේ අවසරය මත ඇගේ 'ඇඟිලි' උරා බොන අයුරුත් මෙම වීඩියෝවේ දකින්න ලැබුණා.

ඇයි ඔහු මෙහෙම හැසිරෙන්නෙ ?

RGV කියන්නෙ විශිෂ්ට නිර්මාණ කිහිපයක්ම සිදු කළ කෙනෙක් වුණත්, දැන් ඔහු 'වැඩිහිටි පරම්පරාවේ' නිර්මාණ කරමින්, අඩනිරුවත් සහ නිරුවත් දර්ශන වෙතට මුල් තැන දෙමින් 'ආන්දෝලනාත්මක නිර්මාණකරණයක' යෙදෙනවා. ඒ විතරක් ද ? තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම ඇතුළෙත් 'වැඩිහිටියන්ට පමණක් සුදුසු' විදිහට හැසිරෙන ඔහුට 'මානසික ලෙඩක්වත්ද?' කියලත් ගොඩක් දෙනෙක් කියනවා.

RGV මේ මොහොතෙත් ඔහුගේ 'ආගමනය' තුළ වූ සුවිශේෂි නිර්මාණකරුවා ව 'වළදමා' දැන් නිරුවත, අඩනිරුවත සහ සමලිංගිකත්වය හුවා දැක්වෙන B grade ඝනයේ නිර්මාණ සිදු කරමින්, නවක සරාගී නිළියන් තිරය ඉදිරියේ නිරුවත් කරමින් සිටිනවා.

Ram Gopal Varma TwitterRam Gopal Varma Twitter

Dangerous කියන 'සමලිංගිකත්වය' නිරූපණය කෙරෙන ඔහුගේ 'ආන්දෝලනාත්මක' නිර්මාණයේ පෝස්ටරයක් ! Ram Gopal Varma Twitter

Dangerous කියන 'සමලිංගිකත්වය' නිරූපණය කෙරෙන ඔහුගේ 'ආන්දෝලනාත්මක' නිර්මාණයේ 'පූර්ව ප්‍රචාරක පටය' මීට කලකට පෙර දී අන්තර්ජාලයට නිකුත් කෙරුණු අතර, එය ඉන්දියානු 'සිනමා ක්ෂේත්‍රය' තුළ සුවිශේෂි කතාබහක් ඇති කළා. (වැඩියෙන්ම 'විවේචනය'ට ලක්වුණා කිවුවොත් වැරදි නැහැ!)

අධ්‍යක්ෂකවරයා, නවක නිළියකගේ ඇඟිලි 'උරා බොමින්', යටිපතුල් ලෙවකමින් සිදු කරන අනවශ්‍ය ප්‍රචාරණය බොහෝ රසිකයින්ගේ කෝපයට හේතු වී තිබුණා.

"RGV ගැන මට දුකයි. ඔහු ඉන්දියානු සිනමාවේ ඉහළම අධ්‍යක්ෂකවරයෙක් විදිහට හිටිය කෙනෙක්. ක්ෂේත්‍රයේ සියලු ම වීරයන්ව හැදුවේ ඔහු. ඒත් දැන් ඔහු නවක නිළියන්ගේ යටිපතුල් ලෙව කමින් මොකද්ද මේ කරන විකාරේ ?" යනුවෙන් අයෙක් අදහස් දක්වා තිබුණා.

"අනාගතයේ දී ස්පා එකක් හරි සම්බාහන චිකිත්සාවක් හරි ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවද ?"

Ram Gopal Varma TwitterRam Gopal Varma Twitter

RGV හයිද්‍රාබාද් හි ඔහුගේ නවතම කාර්යාලයේ දී ! Ram Gopal Varma Twitter

මීට දින කිහිපයකට කලින් RGV හයිද්‍රාබාද් හි ඔහුගේ නවතම කාර්යාලයක් විවෘත කර තිබෙනවා.

RGV Den නමින් විවෘත වූ මේ 'නවතම කාර්යාලය'ට රංගන ශිල්පිනි අප්සරා රාණිද පැමිණ සිටි බැව් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. (මේ වන විට මෙම නවතම කාර්යාලයට පැමිණි අප්සරා සුදු කමිසයකින් සහ යට ඇඳුමකින් සැරසී සිටින එක්තරා ඡායාරූපයක් කතාබහට ලක්වෙමින් තියෙනවා !)

Ram Gopal Varma TwitterRam Gopal Varma Twitter

අප්සරා සුදු කමිසයකින් සහ යට ඇඳුමකින් සැරසී සිටින එක්තරා ඡායාරූපයක් කතාබහට ලක්වෙමින් තියෙනවා ! Ram Gopal Varma Twitter

RGV බොහෝ පිරිසකගේ 'විවේචනයට' ලක්වනවා වුණත්, තවත් පිරිසකගේ 'ප්‍රියතමයා' බැව් රහසක් නෙවෙයි. 'අවර ඝනයේ' යැයි කියමින් 'පතුරු හරින' ඔහුගේ ආන්දෝලනාත්මක නිර්මාණ නැරඹීම වෙනුවෙන් ම වූ රසික පිරිසක් ඔහු ට ඉන්නවා.

Ram Gopal Varma TwitterRam Gopal Varma Twitter

මේ නවතම කාර්යාලය තුළ අසැබි සහ ඔහුගේ සියලු චිත්‍රපටවල පෝස්ටර් ආදිය ද දැකගත හැකියි. Ram Gopal Varma Twitter

RGVගේ මේ නවතම කාර්යාලය තුළ අසැබි සහ ඔහුගේ සියලු චිත්‍රපටවල පෝස්ටර් මෙන්ම ඔහුගේ ප්‍රියතම අයිතම් වන පාෂාණ සහ කඳු ආදියත් දැක ගත හැකිවීම විශේෂ යි.

මූලාශ්‍ර: Pinkvilla/news18

Ram Gopal Varma TwitterRam Gopal Varma Twitter

RGV බොහෝ පිරිසකගේ 'විවේචනයට' ලක්වනවා වුණත්, තවත් පිරිසකගේ 'ප්‍රියතමයා' බැව් රහසක් නෙවෙයි. Ram Gopal Varma Twitter