''හිරුණිකා කැමැති නෑ මම දේශපාලනයට එනවට... ඡන්දෙ ඉල්ලනවා කිව්වත් බනිනවා...'': කලකට පසු හඬ අවදි කරන හිරාන් යට්ටෝවිට

MonaraMonara

ඡායාරූප : facebook

''මගේ බිරිඳ හිරුණිකා කාර්යබහුල චරිතයක්.

ඒ කාර්යබහුලත්වයත් එක්ක මමත් කාර්යබහුල වුණොත් අපිට පවුල් ජීවිතයක් ගත කරන්න හරි අමාරුයි.

ඒ වගේම මම රඟපානවාට නෝනගෙත් අකැමැත්තක් තිබුණා.

මොකද නළු නිළියො එක්කනේ වැඩ කරන්නේ. ''

නිතර දකින්න නොලැබුණාට මොකද ලේසියෙන් අමතක වන චරිතයක් එහෙම නෙවෙයි, හිරාන් යට්ටෝවිට.

ඔහු ඉතාමත් දක්ෂ නිරූපණ ශිල්පියෙක්.

ඒ වගේම තමයි හිරාන් දක්ෂ රංගන ශිල්පියෙක්.

දක්ෂතාවය, හැකියාව සහ සිය ආකර්ෂණීය පෙනුම එක්ක කලා ක්ෂේත්‍රයේ නම රැන්ඳූ ඔහු දේශපාලනයටත් නෑකම් කියන චරිතයක්.

ඒ ඔහු මෙරට දේශපාලන භූමිකාව තුළ ප්‍රබල කාන්තා නියෝජනයක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය සැමියා වීම නිසාවෙන්.

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook

විවාහයත් එක්ක හිරාන්ව දකින්න ලැබුණෙම නැති තරම්.

''කලාව කියන්නෙ මම ආශාවෙන් කරපු දෙයක්.

නිරූපණයෙන් මම ලංකාවෙ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේ පවා තරග කරල තියෙනවා.

ඊට පස්සෙ මම සිනමාවටත් ආවා. විවාහයෙන් පස්සෙ මගේ කලා කටයුතු නැති වුණා.

ඒ කියන්නෙ අවුරුදු හතක්.

එක්වරම මම මේ දේවල්වලින් ඈත් වෙන්නේ මගේ විවාහයත් එක්කයි.

මගේ බිරිඳ හිරුණිකා කාර්යබහුල චරිතයක්.

ඒ කාර්යබහුලත්වයත් එක්ක මමත් කාර්යබහුල වුණොත් අපිට පවුල් ජීවිතයක් ගත කරන්න හරි අමාරුයි.

ඒ වගේම මම රඟපානවාට නෝනගෙත් අකැමැත්තක් තිබුණා.

මොකද නළු නිළියො එක්කනේ වැඩ කරන්නේ. ''

MonaraMonara

ඔහු මේ කැප කිරීම කරලා තිබුණේ සිය පවුල වෙනුවෙන්. පවුල කියන්නෙ කාගෙත් අංක එක...

''....මට දුකක් නැහැ.

මම ඉවත් වුණේ දරුවො තුන්දෙනා වෙනුවෙන් වැඩිපුර කාලය කැප කරන්න.

මම කොහොමත් වැඩිය කාර්යබහුල වෙන්න අකැමැති චරිතයක්.

මම කැමැතියි නිදහසේ ඉන්න...''

''මේ වෙනකොට මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා.

ලොකු පුතා එවින්. දුවල දෙන්නගෙන් දෙවැනියා දිනංගා, තුන්වැනියා රොනායා.

පුතා පාසල් යනවා. දුවල දෙන්න මොන්ටිසෝරි යනවා.

අපිට එහෙමට කියලම ලොකු කාර්යබහුලත්වයක් නැහැ.

ඇත්තම කිව්වොත් කාර්යාල සේවයට යන අය අපිට වඩා කාර්යබහුල වන අවස්ථා තිබෙනවා...''

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook

හිරාන් කියන්නේ මෙරට නිරූපණ කලාව තුළ දැවැන්ත පෞරුෂයක් ගොඩනඟා ගත් අතිශය ජනප්‍රිය චරිතයක්. හිරාන් කියන නළුවට වඩා හිරාන් කියන නිරූපණ ශිල්පියා කාටත් හුරුපුරුදුයි...

''නිරූපණ ක්‍ෂේත්‍රයේ දැන් අපි ප්‍රවීණයෝ විදිහට තමයි ගණන් ගන්නේ.

මට රඟපෑමෙන් තමයි ඉදිරියට යන්න ඕනෑ.

මම ටෙලි නාට්‍ය තුනකට විතරයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.

අනික අපි නිරූපණ ක්‍ෂේත්‍රයෙන් නමක් හදාගත්තු අයනේ.

ඒක ඉතින් එක්වරම වට්ට ගන්න බැහැ. ඒක හින්දා චරිත තෝරගන්නකොට හරි පරිස්සම්.

මම නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉන්නකොට වෙළෙඳ දැන්වීම් විශාල ප්‍රමාණයකට සහභාගි වුණා.

ඒ හරහා මට කැමරාවට තිබුණ බය නැති වුණා...''

ඡායාරූප : facebookඡායාරූප : facebook

ඡායාරූප : facebook

මෙරට දේශපාලන චරිත අතර හිරුණිකා කියන්නෙ වැඩිපුරම කතාබහට ලක්වන චරිතයක්. ඒ වගේම විවේචන ,මඩ ප්‍රහාර එල්ල වන චරිතයක් කිව්වොත් හරි...

''ඒකටත් අපි දෙන්නම පුරුදු වෙලා තියෙන්නේ.

අපි දෙන්නම එකතු වෙලා තමයි අපේ පවුලේ තීරණ ගන්නේ.

ඉතින් අපි ඔය දේවල් ගැන වැඩිය හිතන්නෙ නැහැ.

මගේ නෝනට, මට වඩා ලොකු ගමනක් තියෙනවා.''

හිරුණිකා වගේම දවසක හිරානුත් දේශපාලනයට ඒවිද ?? ඔහුට ආදරේ කරන කාටත් ඒ කුකුස ඇති අනිවාර්යයෙන්ම...

''...නැහැ. ආරාධනා ඇවිත් තිබෙනවා.

මගේ සීයත් දේශපාලනය කරපු චරිතයක්.

මගේ මාමත් දැනට දේශපාලනයේ නිරත වෙනවා.

මගේ නෝනත් දේශපාලනය කරනවා.

ඉතින් මමත් කළොත් ඕක කැඳ හැළියක් බවට පත්වෙන්න පුළුවන්.

විශේෂයෙන් මට වඩා හිරුණිකා කැමැති නැහැ මම දේශපාලනයට එනවට.

එයා කියල තියෙන්නේ මම මේක කරනවා,

ඔයා ඔයාගේ වෘත්තිය කරන්න කියලයි.

ඡන්දය ඉල්ලනවා කියලා විහිළුවට කිව්වත් බනිනවා...''

(උපුටා ගැනීම් මීවිත - මහේෂ් එදිරිසිංහ)