"ඔහු මුහුණු දෙකක් පෙන්වන දෙබිඩි චරිතයක්!!" - ඩයනාට දිවුරා පොරොන්දු වූ, පෝල් මෙතෙක් නොකී රහස ?: "ඔහු මුහුණු දෙකක් පෙන්වන දෙබිඩි චරිතයක්!!" - ඩයනා වෙනුවෙන් වසර 10ක් සේවය කළ පෝල් ගැන, හැරී කුමරු අධිකරණයේ දී කියූ කතාව මෙන්න

MonaraMonara

"ඔහු මුහුණු දෙකක් පෙන්වන දෙබිඩි චරිතයක්!!" Daily Mail

ජාත්‍යන්තර මාධ්‍ය නිරන්තරයෙන් ඇහැ යොමා සිටින, 'හැරී සහ මේගන්' යුවළ නැවත වතාවක් කතාබහට ලක්වුණේ Mirror Group Newspapers ආයතනයට එරෙහි ඔහු පැවරූ 'නඩු කටයුත්තක්' නිසයි.

හැරී කුමරු මේ නඩු විභාගයේ දී ආන්දෝලනාත්මක කරුණු රැසක් ම හෙළිදරවු කළ අතර, Chelsy Davy සමඟ පැවති පෙම් සම්බන්ධතාවය 'බිඳ වැටීමටත්' මාධ්‍ය සෘජුව වගකිව යුතු බවට ඔහු චෝදනා නැඟුවා.

එසේම Mirror Group Newspapers, සියදුරකතන සංවාදවලට හොරෙන් ඇහුම්කන් දුන් බව ද හැරී කුමරු අධිකරණය හමුවේ කියා සිටියා. (නමුත් මීට අවැසි සාක්ෂි සපයා දීමට ඔහු අසමත් වුණා.)

Daily MailDaily Mail

'නඩු කටයුත්ත' අතරතුර පෝල් බර්රල් (Paul Burrell) ගැනද හැරී කුමරු සඳහනක් කළා. Daily Mail

කෙසේ හෝ වේවා මෙම නඩු කටයුත්ත මැද තවත් රහසිගත තොරතුරු රැසක් එළියට ආ අතර, හැරීගේ ඉපැරණි පෙම්වතිය වන Chelsy Davyගේ ඡායාරූප පෙළක් ද 'ඩේලි මේල්' වෙබ් අඩවියේ පළකොට තිබුණා.

එපමණක් නොව 'නඩු කටයුත්ත' අතරතුර පෝල් බර්රල් (Paul Burrell) ගැනද හැරී කුමරු සඳහනක් කළා.

"ඔහු මුහුණු දෙකක් පෙන්වන දෙබිඩි චරිතයක්!!"

පෝල් බර්රල් 1997 ඩයනා මිය යන තෙක් ම ඇය වෙනුවෙන් වසර 10ක් සේවය කළ අයෙකු වනවා.

UK Press (Getty Images)UK Press (Getty Images)

පෝල් බර්රල් 1997 ඩයනා මිය යන තෙක් ම ඇය වෙනුවෙන් වසර 10ක් සේවය කළ අයෙක්.. UK Press (Getty Images)

ඩයනාගේ මරණයෙන් පසු පෝල් රාජකීයයන් හමුව නොමැති අතර, නමුදු එක් අවස්ථාවක (හැරී - මේගන්ගේ විවාහයට පෙර) පමණක් රහසිගත හමුවක් කෙන්සිංටන් මාළිඟායේ පවත්වා තිබුණා.

පෝල් 2001 වර්ෂයේ දී A Royal Duty නමින් පොතක් එළිදැක්වූ අතර, මෙම කෘතිය සම්පූර්ණ 'විවෘත පාවාදීමක්' බවට රාජකීයයන් ඔහුට චෝදනා නඟ තිබුණා.

Google ImagesGoogle Images

පෝල් විසින් එළිදැක්වූ A Royal Duty නම් ආන්දෝලනයට ලක් වූ කෘතිය Google Images

පසු කලෙක (2001 වර්ෂයේ දීම) පෝල් අත්අඩංගුවට පත් වූ අතර, කෙන්සිංටන් මාළිඟය සතු භාණ්ඩ රැසක් ඔහු විසින් සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වුණා.

ඩයනාගේ අත්සන් සහිත ඡායාරූප ඇතුළු බොහෝ පුද්ගලික දේ එහිදී සොයා ගනු ලැබුවා.

AP ImagesAP Images

ඩයනා කුමරියගේ පැරණි ලන්ඩන් නිවසෙන් ද පවුම් මිලියන 5ක් වටිනා භාණ්ඩ ඔහු විසින් සොරාගත් බවට දචෝදනා ගොනු කෙරුණා. AP Images

ඩයනා කුමරියගේ පැරණි ලන්ඩන් නිවසෙන් ද පවුම් මිලියන 5ක් වටිනා භාණ්ඩ ඔහු විසින් සොරාගත් බවට දචෝදනා ගොනු කෙරුණා.

පෝල් එක් අවස්ථාවකදී හැරී කුමරු ට රූපවාහිනි හරහා ප්‍රහාර එල්ල කළ බවයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරන්නෙ.

ඩේලිමේල් ඇසුරිනි.

(ප.ලි. A Royal Duty කෘතියේ අවසානයේ විස්තර කර ඇති පරිදි පෝල් 'කිසිදා හෙළිනොකරන' ඩයනා වෙතට දිවුරුම් දුන් රහස් රැසක් ඇති අතර, ඒ රහස් මේ වන තෙක් ඔහු විසින් හෙළි කර නැහැ!)