'සුමනදාස ශාරීරිකව වැටුණා. අද ගෙදර යද්දි දුව වහබීලා හිටියොත් තමුන්වහන්සෙ වගකියන්න කියලා මට කිවුවා': සුමනදාස අබේගුණවර්ධන Left කරපු සන්නාගේ ප්‍රෝගෑම් එකේ, තිරය පිටුපස ඇත්ත මෙන්න

MonaraMonara

'සුමනදාස ශාරීරිකව වැටුණා. අද ගෙදර යද්දි දුව වහබීලා හිටියොත් තමුන්වහන්සෙ වගකියන්න කියලා මට කිවුවා' Sumanadasa Abegunawardene

'සුමනේ' නොහොත් 'සුමනදාස අබේගුණවර්ධන' කියූ සැණින් අපේ මතකයට නැඟෙන්නේ 'රාජකීය දෛවඥයා' කියන 'අතිවිශේෂ' පදය. (ඔව් ඔව් !! මහින්ද මහත්තයාගේ සුවච කීකරු 'උත්තමයා' වෙලා හිටපු කෙනා !!)

නමුත්.... මහින්ද රාජපක්ෂගේ 'පරාජයෙන්' පස්සෙ 'සුමනදාස'ත් අස්ථානගත වෙනවා. (මහින්ද, 'සුමනේව' එළෙවුවා කිවුව කතාවත් ඒ දවස්වල බොහෝම ප්‍රසිද්ධ කතාවක් !)

Google ImagesGoogle Images

මට කොහේවත් වැරැදුණේ නෑ. රජ කෙනෙක් එක්ක වැඩකරනවා කියන එක දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. Google Images

'සුමනේ' කියන්නෙ රූපවාහිනි මාධ්‍ය තුළ වේවා, පුවත්පත් මාධ්‍ය තුළ වේවා බොහෝම කතාබහට ලක්වුණු චරිතයක් වුණා. ඔහු සන්තකයේ තිබුණු 'රාජකීය පට්ටම' නිසාම අතිවිශේෂ 'අනාවැකිකරුවෙක්' විදිහටත්, 'විශ්මිත වැඩකරුවෙක්' විදිහටත් ඔහු මිනිසුන් ඉදිරියේ පෙනී සිටියා. ඉන් එහා නොනැවතී, ලක්ෂ ගණනින් 'හරි හම්බ කරගන්න' ඔහුගේ 'ජෙත්‍යතිෂ අනාවැකි' හරහා ඔහුට පුළුවන්කම ලැබුණා.

මෑතක 'මතුවුණු', සුමනදාස අබේගුණවර්ධන 'මහින්ද' ගැන මෙන්න මෙහෙම කතාවක් කියලා තිබුණා.

'අපේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. මහත්තයත් අවුරුදු දෙකකට කලින් ගියේ. 84 තියන්න ඕනෙ ඡන්දේ 82 තිබ්බා. චන්ද්‍රිකා මැතිනියත් එහෙමයි. සර් ජෝන් කොතලාවල මහත්තයා 57 තියන්න ඕනෙ ඡන්දේ 56 තියපු නිසා තමයි බණ්ඩාරනායක මහත්තයා අගමැති වුණේ. ජපානයේ ෂින්සෝ අබේ මහත්තයා අවුරුදු දෙකකට කලින් ගියා. ලෝකෙ අනිත් රටවලත් එහෙමයි. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. බැසිල් මහත්තයාලගේ, චමල් මහත්තයාලගේ, නාමල්ලාගේ, යෝෂිතලාගේ, ශිරන්තිලාගේ ප්‍රශ්නයක් ඒක. මේ කොහෙවත් යන ප්‍රශ්න මගේ පිටින්නේ ගියේ. මගෙන් ඒ ගැන ඇහුවා. මම ඒ වෙලාවේ කිව්වා, ‘සර් ඔබතුමා අනිවාර්යයෙන් පරාජය වෙනවා. ඒකට හේතුව තමයි ඔබතුමා ළඟ ඉන්න අයගෙන් සහ රජයෙන් මුදල් අවභාවිතාවක් වෙනවා කියන එක මේ රටේ 25%ක ජනතාවක් හඳුනාගෙන තියෙනවා’ කියලා. ‘සර් ඔබතුමාගේ ළමයි මහනුවර දළදා මාලිගාව ඉස්සරහ ගෑනු ළමයිනුත් එක්ක කාර් රේස් ගියා. ඒ නිසා ඔබතුමාගේ ඡන්ද පදනමට බාධාවක් වෙන එක ස්ථිරයි. ඒ වගේම සර් ඒක පොඩි සාපයක් වෙනවා. ඒ නිසා අපිට ජයග්‍රහණය කරන්න බෑ’ කියලා මම කිව්වා. 2015 ජනවාරිවලින් පස්සේ එතුමා පන්සල් ගානේ ගිහින් වොයිස් කට් දෙනකොට කිව්වා නම් ‘මගේ ජ්‍යොතිෂ උපදේශකවරයාත් මගේ පරාජය ගැන අනතුරු ඇඟෙව්වා’ කියලා අදත් ඒගොල්ලෝ බොහොම ජයට ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා අද බොහො ප්‍රපාතයකට වැටිලා ඉන්නේ. ඔවුන් හිතාමතාම රටට හඳුන්වා දෙන්න උත්සාහ කළා මට වැරැදීමක් වෙලයි එතුමා පරාජය වුණේ කියලා. මට කොහේවත් වැරැදුණේ නෑ. රජ කෙනෙක් එක්ක වැඩකරනවා කියන එක දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. හැබැයි මට කොහේවත් වැරදුණේ නෑ. ඒගොල්ලන්ට වැරැදුණා. මම නිවැරැදියි කියන එක ඔච්චර පන්සල්වලට ගිහින් වොයිස් කට් දෙද්දී එතුමා කිව්වා නම් අද එතුමාට ඔහොම වෙන්නේ නෑ. අද ඒ සාපේ තමයි ඒගොල්ලෝ විඳින්නේ කියන එක මම පැහැදිලිව කියනවා. මොකද මම කවදාවත් වැරැදි වැඩක් කරපු කෙනෙක් නෙවෙයි.'

-සුමනදාස අබේගුණවර්ධන (හෙළරහස් යූටියුබ් නාලිකාව)-

Upul Shantha Sannasgala FB PageUpul Shantha Sannasgala FB Page

දේශපාලන හිතවතුන්, කලා තරු එක්කරගෙන පැවැත්වුණූ සුමනදාසගේ 65 වැනි උපන්දින සැමරුමේ ඡායාරූපයක් Upul Shantha Sannasgala FB Page

සුමනදාස අබේගුණවර්ධන මින් ඉහත 'සත්‍යාගාරය' වැඩසටහන තුළින් වඩාත් අවධානය දිනාගත් අතර, එම ආන්දෝලනාත්මක වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ දේශක 'උපුල් ශාන්ත සන්නස්ගල' විසිනු යි.

සාමාන්‍ය සාම්ප්‍රදායික වැඩසටහනකට එහා ගිය ඒ 'වැඩසටහන' ඇතුළේ 'සුමනේ' අන්ත අසරණ වෙන හැටි දකින්න ලැබුණා. ඒ වගේම, ඔහු රටටම පෙන්වූ 'විශ්මකර්ම' සියල්ල 'ව්‍යාජ මවාපෑම්' බව පෙන්වීමට තරම් 'සන්නස්ගල' සූක්ෂම වුණා.

මෑතක ඒ 'වැඩසටහන' ගැනත්, ඒ වැඩසටහන අවසානයේ සිදුවූ 'දෙයක්' ගැනත් සන්නස්ගල ඔහුගේ 'යූටියුබ්' නාලිකාව හරහා හෙළිදරවු කර තිබුණා.

Upul Shantha Sannasgala FB PageUpul Shantha Sannasgala FB Page

තාත්තා කෙනෙක් දැනගන්න ඕනි තමන්ගේ දරුවා නෙවෙයි, රටේම දරුවන් වගකීමක් කියලා.. Upul Shantha Sannasgala FB Page

'සුමනදාස අබේගුණවර්ධව ඉන්ටවීව් කරපු දවසට පහුවදා උදේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා මට කෝල් කරලා කිවුවා, 'මම ගහලා එළව්වේ', කියලා. ඒ ගහපු කතාව ඇත්ත. ඒවාගේ එවුන් රාජකීය ජ්‍යෙතිෂඥයෝ කරපු එකේ පාපකර්මය තමයි අර එෆ්බී එක පුරාම එන දැන්වීම්... නාග කාන්‍යා.. අර වශිය.. මේ වශිය...'

'ප්‍රෝගෑම් එක ඉවරවෙලා... එයා ශාරීරිකව වැටිලා හිටියා. එයා බොහෝම ඉමෝෂනල් හඬකින්, තර්ජනාත්මක හඬකින් මට කිවුවා, 'මම අද ගෙදර යද්දි, මගේ දුව වහ බීලා, බෙල්ලේ වැල දාගෙන මැරිලා ඉදී. තමුන්වහන්සේට මේකට වග කියන්න වෙයි.', මම කිවුවා, 'ප්‍රශ්නයක් නෑ. ඒ වගේම දුවලා පුතාලා විශාල දෙනෙක් මරාදාන්න පාර පෙන්නන ඔයාව ප්‍රශ්න කරලා එහමෙ දෙයක් වෙනවා නම් ඒකට මට කරන්න දෙයක් නෑ. තාත්තා කෙනෙක් දැනගන්න ඕනි තමන්ගේ දරුවා නෙවෙයි, රටේම දරුවන් වගකීමක් කියලා..' (මේ කතාවට එතැන හිටපු කැමරාමන්ලා, එඩිටර්ලා පවා සාක්ෂි!)

'ඒ දරුවා මට සමාවෙන්න, තාත්තා කරපු වැරදිවලට දුව පළි නෑ.. දුවලටත් කොන්දක් තියෙන්න වුවමනයි, තාත්තාලට මේවා කරන්න එපා කියන්න.'