'පෙම්වතියෝ 36යි, හිටපු පෙම්වතියෝ 72යි.. තව ටිකට් 80ක් ඉතිරියි? ඒවා මෙයාලට...': ෂාරුක්ගේ 'ජවාන්' බලන්න ගිය 'අරුම පුදුම රසිකයා'ට වෙච්ච අකරතැබ්බය මෙන්න!

MonaraMonara

'පෙම්වතියෝ 36යි, හිටපු පෙම්වතියෝ 72යි.. තව ටිකට් 80ක් ඉතිරියි? ඒවා මෙයාලට...' Shah Rukh Khan

'කිං ඛාන්'ගේ 'ජවාන්' චිත්‍රපටය මේ වන විටත් සියලු 'බොක්ස් ඔෆිස්' වාර්තා සුනුවිසුනු කර දැමූ 'පුවත' පසුගිය දිනෙක ඉන්දීය මාධ්‍ය තහවුරු කළා.

මේ වන තෙක් 'ඉන්දීය' චිත්‍රපට නාමාවලියේ 'වැඩිම ආදායමක්' වාර්තා කෙරූ චිත්‍රපටයට ලෙසින් වැජඹුනේ 'කේජීඑෆ්' චිත්‍රපටයේ දෙවැන්න යි.

ඒ නමුත් එය ද අභිබවා යන්නට ෂාරුක්ගේ 'ජවාන්'ට හැකිවුණා.

JawanJawan

ෂාරුක් සිය 'රසිකයින්ට' ස්තුති කරමින් 'ට්විටර්' සටහන් තබන්නට‌ත් අමතක කළේ නැහැ. Jawan

මේ වන විට 'ජවාන්ට' හිමි තැන අත්පත් කරගන්නට කිසිවෙකුට හැකි වී නැහැ. (ඒ නමුත් ඉදිරියේ දී සල්මාන් ටයිගර් 3 හරහා ෂාරුක් අභිබවා යනු ඇති බවට රසිකයින් මත පළ කරනවා. එසේම විජේයිගේ 'ලියෝ' ගැනත් රසිකයින් බලාපොරොත්තු ගොඩ ගහගෙන ඉන්නවා.....)

'ජවාන්' දින තුනක් ඇතුළදී අතිවිශාල ලාභයක් 'උපයා' ඇති අතර, ෂාරුක් සිය 'රසිකයින්ට' ස්තුති කරමින් 'ට්විටර්' සටහන් තබන්නට‌ත් අමතක කළේ නැහැ.

මේ අතර, එක් පුද්ගලයෙක් 'ජවාන්' ටිකට්පත් වැලක් සමඟින් සිය 'ඡායාරූපයක්' මුහුණු පොතේ පළ කර තිබුණා.

JawanJawan

'ෂාරුක්' මේ අරුම පුදුම රසිකයාට 'ස්තුති' කළ බැව් ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. Jawan

ඔහු සඳහන් කර තිබුණේ, ඔහු තම පෙම්වතියන් 36 දෙනෙකුට, හිටපු පෙම්වතියන් 72කට සහ මිතුරන් 80 දෙනෙකුට 'ජවාන්' නැරඹීම සඳහා ටිකට්පත් මිලදී ගත් බවයි.

'ෂාරුක්' මේ අරුම පුදුම රසිකයාට 'ස්තුති' කළ බැව් ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

JawanJawan

දමිළ සිනමාවේ 'ලේඩි සුපර් ස්ටාර්', 'නයන්තරා' ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවනවා. Jawan

ෂාරුක්ගේ මේ නවතම 'ක්‍රියාදාමයේ' විජෙයි සේදුපති 'ප්‍රතිවාදියා' ලෙස රංගනයේ යෙදෙන අතර, දමිළ සිනමාවේ 'ලේඩි සුපර් ස්ටාර්', 'නයන්තරා' ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවනවා.

තොරතුරු ඉන්දීය මාධ්‍ය