'උන් අම්මව කැෂියර් මේසේ යටට එබුවා. මට බිම ඉඳගන්න කිවුවා, උගේ ඇඟ උඩ තව එකෙක් වෙඩි වැදිලා බිම වැටුණා!': බෙලිඅත්තේ දී අමු අමුවේ කළ 'ඝාතන වැල' ගැන නවතම හෙළිදරවුව මෙන්න! 'විනාඩියක් ගියේ නෑ, ගියා!!' (සීසීටීවීවලින් හෙළි වන රහස්)

MonaraMonara

'උන් අම්මව කැෂියර් මේසේ යටට එබුවා. මට බිම ඉඳගන්න කිවුවා, උගේ ඇඟ උඩ තව එකෙක් වෙඩි වැදිලා බිම වැටුණා!' Beliaththa CCTV Story

'අපේ ජනබල පක්ෂයේ' සමන් පෙරේරා ඇතුළු පිරිසකට 'මරු කැඳවමින්' පසුගිය දිනෙක සිදු වූ 'වෙඩි ප්‍රහාරය' මේ වන විටත් සමාජයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතිනවා. (ඒ හා සමානව ඒ පිළිබඳව බොහෝ තොරතුරු ද අනාවරණය වනවා!!)

සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටි කිසිදු 'ගණනක් නොමැතිව' ජීප් රථයෙන් බැස යන 'සැකකරුවෙක්'ගේ 'සීසීටීවී' දර්ශන ද මේ වන විට පොලිසිය වෙත ලැබී තිබෙනවා. (මොහු ගොඩ වී ඇත්තෙ මාතර බස් රථයකට යි...)

මාතර නගරයේ පිහිටි බොහෝමයක් 'සීසීටීවී' කැමරා දර්ශන ද මේ වන විට 'පරීක්ෂා' කෙරෙමින් පවතින බැව් වාර්තා වනවා.

Social MediaSocial Media

මරණ සිදු ව ඇත්තේ හිසට වෙඩි වැදීමෙන් මොළට සිදු වූ හානි හේතුවෙන් බවත්, අනාවරණය වනවා. Social Media

කොස්ගොඩ සුජීද සේරම කළේ???

මෙම 'ඝාතන වැල' මේ වන විට ඩුබායි හි රැඳී සිටින 'කොස්ගොඩ සුජී'ගේ ගිණුමට බැර වී ඇති බැව් 'මොනරා' හරහා මුල්වරට අප පසුගිය දිනෙක අනාවරණය කළා.

මෙම 'ප්‍රහාරය' මනාවට පුහුණු වූ අයෙකු විසින් එල්ල කෙරූ 'වෙඩිල්ලක්' බව ද විමර්ශන නිලධාරින් විසින් සඳහන් කර තිබුණා.

DinaminaDinamina

කැබ් රථයක් වේගයෙන් ඇවිත් නවත්තලා තිබුණ ඩිෆේන්ඩරයේ හැපිලා නැවතුණා. Dinamina

මරණ පරීක්ෂණ වාර්තාවල මොනාද තියෙන්නෙ??

රථයේ රියදුරු ලෙස කටයුතු කළ 'රාජපක්ෂ' නම් අයගේ බෙල්ල ප්‍රදේශයට වෙඩි වැදීමෙන් ඇති වූ 'තුවාලයක්' හේතුවෙන් අභ්‍යන්තර ලේ වහනය නිසා ඔහුගේ මරණය සිදු ව ඇති බවත්, සෙසු සිවු දෙනාගේ ම මරණ සිදු ව ඇත්තේ හිසට වෙඩි වැදීමෙන් මොළට සිදු වූ හානි හේතුවෙන් බවත්, අනාවරණය වනවා.

facebookfacebook

වෙන වෙනම තියාගෙන තියාගෙන ගියා. උණ්ඩ අපතේ නොයන්න ඉලක්කගතව ස්මාර්ට්ව වැඩේ කළා facebook

ඇස් දෙකෙන් දැකපු අය මොකද කියන්නෙ..?

පස් දෙනෙකු ට මරු කැඳවමින් සිදුවූ වෙඩි ප්‍රහාරය 'සියැසින්' දුටු 'ආපන ශාලාව' හිමි (ඔවුන්ව ඝාතනය කර තිබුණේ මෙම ආපනශාලාව ඉදිරිපිට යි..) 'හිමිකරු', 'මව්බිම' පුවත්පතට මෙසේ තොරතුරු කියා තිබුණා.

'මම වැඩට යන්න ඇඳුම් අඳිමින් හිටියා. අම්මා කැෂියර් එක ළඟ හිටියේ. මා අම්මා ළඟට එන විට සුදු පාට ඩිෆෙන්ඩර් රථයක් කඩය ඉස්සරහා නැවත්තුවා. ඉන් බැසගත් තුන් දෙනෙක් කඩය ඇතුළට ඇවිත් කෑමට යමක් ගේන්න කිවුවා, එවිටම කැබ් රථයක් වේගයෙන් ඇවිත් නවත්තලා තිබුණ ඩිෆේන්ඩරයේ හැපිලා නැවතුණා.'

'ඉන් බැහැගත් දෙදෙනෙක් තුවක්කු අරන් වෙඩි තියාගෙන කඩේ පැත්තට ආවා. ඉදිපිට සිටි අය වෙඩි වැදී බිම වැටුණා. ඔහුගේ ඇඟ උඩ තවත් අයෙක් වෙඩි වැදී වැටුණා. කඩය ඇතුළේ හිටපු දෙන්නාටත් වෙඩි තිබ්බා. ඔවුන් අම්මා කැෂියර් මේසේ යටට එබුවා. මට බිම ඉඳගන්න කිවුවා. විනාඩියක් ගියේ නෑ. ඒ අය පිටව ගියා. අවට අය එකතු වුණාට පස්සෙ අම්මත් මමත් නැඟිටලා බැලුවට පස්සෙ කාඩේ ඇතුළේ සහ ඉදිරිපිස ලේ විලක් මැද මිනිස්සු මැරිලා වැටිලා හිටියා. කඩේ ඇතුළේ දෙන්නෙක් වෙඩි වැටිලා හිටියා......'

'පොලිසිය ආවේ පස්සෙ.. මැතිවරණ ප්‍රචාරක කාඩ් පතක් බිමට වැටී තිබී එතැනට පැමිණි කෙනෙක් ඇහිඳගත්තා. රථයේ රියදුරා වෙඩි වැදී මියගොස් ඇති බව පසුව දැනගත්තා....'

නමුත් තවත් තරුණයෙක් කියා තිබුණේ,

'වෙඩි වරුසාවක් නැහැ. හරියටම ඉලක්කය අරන් එක්කෙනාට එක්කෙනාට වෙන වෙනම තියාගෙන තියාගෙන ගියා. උණ්ඩ අපතේ නොයන්න ඉලක්කගතව ස්මාර්ට්ව වැඩේ කළා' යනුවෙනු යි.

DivainaDivaina

ප්‍රවෘත්තිවලට කියනකොට අපි දැනගත්තෙ පුතත් එයාලා එක්ක ඉන්නවා කියලා. Divaina

මේ අතර, ඝාතනයෙන් මිය ගිය රියදුරු, 'බුද්ධික රාජපක්ෂ' ගැන, ඔහුගේ මව විසින් 'ජාතික පුවත්පතක්' වෙත තොරතුරු අනාවරණය කර තිබුණා.

'බෙලිඅත්ත ටවුමේදී සමන් කියන කෙනා වෙඩි තියලා මරලා කියලා ප්‍රවෘත්තිවලට කියනකොට අපි දැනගත්තෙ පුතත් එයාලා එක්ක ඉන්නවා කියලා. මට මුලින්ම කීවේ පුතාගේ කකුලකට වෙඩි වැදිලා මැරිලා' කියලයි...'

LankadeepaLankadeepa

පුතා මහන්සිවෙලා වැඩ කළා. කවුරු හරි අඬ ගැහුවොත් දෙපාරක් බලන්නෙ නැතුව යනවා. Lankadeepa

නිශ්චිත රැකියාවක් නොකෙරූ 'රාජපක්ෂ' නම් වූ මෙම තරුණයා 'සමන් පෙරේරා'ගේ නිවස ආසන්නයේ වෙසෙන අතර, සමන්ගේ පවුලේ සාමාජීකයින් සමඟ ද ඔහු සමීප සම්බන්ධකම් පවත්වා තිබුණා.

මේ හේතුව නිසාම 'සමන්' සිය 'ගමන් බිමන්' සඳහා ද 'බුද්ධික' ව එක් කරගැනීම පුරුද්දක් කරගෙන තිබුණා. (මේ ගමන පිටත්ව යන්නෙද ඒ හැඳුනුම්කම මත යි...)

'පුතා හරිම අහිංසකයෙක්.. හැමෝමත් එක්ක හරිම හිතවත්... ගමේ හැම වැඩකදීම පුතා මහන්සිවෙලා වැඩ කළා. කවුරු හරි අඬ ගැහුවොත් දෙපාරක් බලන්නෙ නැතුව යනවා. ඒ විදිහට තමයි පුතා මේ ගමන ගිහින් තියෙන්නෙ. පුතා මේ ගමන යනවා කියලා අපි කවුරුත් දන් නෑ....'

මූලාශ්‍ර - මව්බිම/දිනමිණ/ලංකාදීප