නිවුන් නිළි යුවළටත් වෙට්ටු දැමූ, රටම දන්න "ලසා"ගේ පැටිකිරිය මෙන්න: "ගෑනූ ළමයින්ගේ සිහින කුමාරයා හිරේදී කොළේකුයි පෑනකුයි ඉල්ලලා", නිවුන් නිළි යුවළටත් වෙට්ටු දැමූ, රටම දන්න "ලසා"ගේ පැටිකිරිය මෙන්න
ෆේස්බුක් හරහා තරුණ රංගන ශිල්පිනියක් හා හාද වී ඇයට විවාහ පොරොන්දු ද ලබා දී වංචා කළ පුද්ගලයෙක් ගැන (ෆේස්බුක් පෙම්වතෙක්) ප්‍රවෘත්තියක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා ඔබත් දකින්න ඇති.
මෙම පුද්ගලයා තවත් කණිෂ්ඨ නීතිඥවරියන් දෙදෙනෙකුට ද එවැනිම වූ විවාහ පොරොන්දු ලබා දී අනූ නව ලක්ෂයක මුදලක් වංචා කර ඇති බවයි ජාතික පුවත්පතක් මඟින් අනාවරණය කර තිබුණේ.
රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු තරුණයා නමින් බී.එල්. ලසන්ත ලියනගේ නම් අයෙක්.
සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය "ලසා" නම් ෆේස්බුක් පිටුවේ හිමිකරු ඔහු යි.
සමාජ සුබසාධන කටයුතුවල නියැලෙන බව කියමින් මෙම සැකකරු සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින්, කලාකරුවන් ඇසුරු කරමින් ඔවුන් සමඟ පෙනී සිටින ඡායාරූපද සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
"ලසා" නම් මෙම තරුණයාගේ මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් මුල්වරට සමාජ මාධ්‍ය තුළින් අනාවරණය කරනු ලැබුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි චාන්යා හේරත් විසිනුයි.
ඇය "ලසා" පිළිබඳව සඳහන් කර තිබූ දීර්ඝ ලිපියේ "ලසා" නිසාම අසීරුතාවයට පත්වුණු ජනප්‍රිය නිවුන් රංගන ශිල්පිනියන් දෙදෙනෙක් ගැනද හෙළි කර තිබුණා.
එසේම, තම සැබෑ වයස සඟවමින් තරුණියන් රවටා ඔහු විසින් මුදල් ගැරූ අයුරු දැක්වෙන සාක්ෂි බොහෝමයක් ද ඇය විසින් ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.
සැකකරුට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇති තරුණ නිළියගෙන් "ලසා", ලක්ෂ 65කට අධික මුදලක් වංචා ඇති බවයි හෙළි වී ඇත්තේ.
ඒ සියලු බැංකු වාර්තා ද පොලිසිය මඟින් අධිකරණයට යොමු කර තිබෙනවා.
"ලසා"ගේ ෆේස්බුක් ගිණුම තවමත් පවතින නමුත් එහි මෑතක කිසිදු පළකිරීමක් සිදු කෙරුණේ නැහැ.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා තමා වෙත එල්ල වූ චෝදනා ද "ලසා" තැකීමකට ලක් නොකර අතර, ඒ සම්බන්ධයෙන් කිසිදු "නිදහසට කරුණු කීමක්" ද සිදු කළේ නැහැ.
එවන් තත්ත්වයක් තුළ "ලසා" සිරගතව සිටිනා අයුරු දැක්වෙන මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ පැතිර ගොස් තිබුණා.
සිරගත ව සිටින "ලසා" නම් තරුණයා, රිමාන්ඩ් බන්ධනාගාරයේ දී "කොළයක් සහ පෑනක්" ඉල්ලා සිටි බව ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන සටහනක සඳහන් වනවා.