රන් ජාවාරම් කර යූටියුබ් එකත් නැති කරගත්ත ජෙරොම්ගේ ගුරාගේ පැටිකිරිය: "මේවා ඔක්කොම බොරු !", රන් ජාවාරම් කරලා, යූටියුබ් නාලිකාවත් නැති කරගත්ත, හැමෝම හොයන ජෙරොම්ගේ ගුරාගේ පැටිකිරිය මෙන්න
රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ,ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පැවැත් වූ ලෝකප්‍රසිද්ධ පාස්ටර් වරයෙකු බව කියන Uebert Anjel නැමැත්තා මහාපරිමාණ රන් ජාවාරමකට සම්බන්ධ බව පසුගිය දිනෙක අපි "මොණරා" හරහා අනාවරණය කළා.
Uebert Anjel, ජොරොම් දෙදෙනා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සමඟ පෙනී සිටින ඡායාරූපයක් ද දැඩි කතාබහට ලක්වූ අතර, තමන් එවැනි ඡායාරූපයකට පෙනී සිටි නමුත්, ඒ ඔවුන්ගේ ආරාධනාවක් මත පමණක් බවයි මහින්ද රාජපක්ෂ කරුණු පැහැදිළි කිරීමක් කර තිබුණේ.
කෙසේ වෙතත්, මේ වන විටත් ජෙරොම් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිව තිබෙන මොහොතක, ජොරොම්ට වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බොහෝ පාර්ශව පැමිණිලි ගණනාවක් සිදු කර තිබෙනවා.
තමන් "ඉරුදින" (එනම් හෙට දින) දිවයිනට පැමිණෙන බවයි, සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ සටහනක් තබමින් ජෙරොම් සඳහන් කර ඇත්තෙ.
මේ අතර, රන් ජාවාරමකට සම්බන්ධ බව කියන Uebert Anjel හෙවත් "ජෙරොම්ගේ ගුරා" ගැන තවත් තොරතුරු රැසක් අප වෙත ලැබී තිබෙනවා.
නවතම තොරතුරු මඟින් සඳහන් වනුයේ, Uebert Anjelගේ යූටියුබ් නාලිකාවද තහනමකට ලක්ව ඇති බවයි.
මේ වන විට ෆේස්බුක් සමාජ ජාලයේ භාවිතා නොකරන වෙනත් නාලිකාවක් (Plus නමින්) ඔහු රහසේ ම පවත්වාගෙන යන බවයි නවතම තොරතුරු වාර්තා වන්නෙ.
පසුගිය දිනවල මෙම නාලිකාව මඟින් පමණක් වීඩියෝ පට 100කට අධික සංඛ්‍යාවක් ඔහු මුදාහැර තිබෙනවා.
නමුත් ඔහුගේ ප්‍රධාන ගිණුම මේ වන විට තහනම් කොට ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන දැනුම් දීමක් ද ඔහු වෙත සිදු කර ඇති බව සඳහන්.
පසුගිය මස Uebert Anjel විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණේ, තමන් වෙත එල්ල වන චෝදනා සියල්ල සාවද්‍ය ඒවා බවයි.
සිය නීතිඥවරයා මාර්ගයෙන් ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබුණා.
මේ අතර, Uebert Anjelගේ ඡායාරූප පෙළක් ද අල්ජසීරා වෙතින් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා.