'මේගන් අතුරුදහන් වූ කඩෑෂියන් කෙනෙක්? මේවා කියන්නෙ සාක්ෂි අතේ තියාගෙන!': මේගන්ව අන්ත අසරණ කෙරූ 'ජාත්‍යන්තර මාධ්‍ය' එළියට දැමූ රහසිගත ඡායාරූප මෙන්න! 'දැන් ඉඳලා ඉවරයි!'

MonaraMonara

'මේගන් අතුරුදහන් වූ කඩෑෂියන් කෙනෙක්? මේවා කියන්නෙ සාක්ෂි අතේ තියාගෙන!' Meghan Markle

'හැරී-මේගන්' කියන්නෙ මේ මොහොතෙදිත් ජාත්‍යන්තර මාධ්‍ය ඇහැ යොමා සිටින 'ලෝ ' ජනප්‍රියතම 'යුවළ' කිවුවොත් වැරදි නැහැ. (එහෙම වෙන්නත් හේතූ බොහෝමයක් තියනවා.....)

මීට කාලෙකට කලින්...

'රජ සැප එපාය' කියලා මේ දෙන්නා 'හිරු නොබසින අධිරාජ්‍යයෙන්' සමුගන්නවා. (ඒ නැවත නොඑන බලාපොරොත්තුවෙන්...)

නමුත් ඒ 'සමුගැන්ම' රාජකීයයන් මෙන්ම 'චාල්ස් රජුගෙත්' හිත් වේදනාවට 'හේතු වුණාය' කියන එක රහසක් නෙවෙයි.

Daily MailDaily Mail

මේගන් කුමරිය 'කඩෑෂියන්' කෙනෙක් කියලූ සැකයිලූ. Daily Mail

ඉන් අනතුරුවත් 'සද්ද වහලා' නොහිටපු 'මිස්ටර් හැරී', 'ස්පෙයාර්' වගේ කෘති හරහා දිගින් දිගටම 'රාජකීයයන්' සමතලා කරන්නට වුණා. එයිනුත් නොනැවතී තමන්ගේ 'වෘත්තාන්ත' නෙට්ෆිල්ක්ස් වගේ වෙබ් අඩවිවලට විකුණන්න තරම් ඔවුන් 'අකාරණික' වුණා. (මේ දේවල් නිසා චාල්ස් උතුමාණන්ගේ හිත් නොරිදුණා නම් තමයි පුදුම....)

කොහොම වුණත් නැවත වතාවක් 'හැරී සහ මේගන්' ගැන කතාබහක් ඇතිවෙලා තියනවා. (ඇත්තටම හැරී ගැනම නෙවෙයි...)

මේ මොහොතේ බොහෝ 'වෙබ් අඩවි' අනාවරණය කරන විදිහට (විශේෂයෙන්ම ඩේලිමේල්...) මේගන් කුමරිය 'කඩෑෂියන්' කෙනෙක් කියලූ සැකයිලූ.

Daily MailDaily Mail

'අමරිකාව' අරක්ගෙන ඉන්න, ප්‍රකෝටිපතිනියක් වූ ඈව 'අභිබවා' යන්න මේගන්ට පුළුවන් වේවී ද? Daily Mail

'කිම් කඩෑෂියන්' කියන්නෙ අතිදක්ෂ ව්‍යාපාරිකාවක් මෙන්ම සුරූපී නිරූපන ශිල්පිනියක්. 'අමරිකාව' අරක්ගෙන ඉන්න, ප්‍රකෝටිපතිනියක් වූ ඈව 'අභිබවා' යන්න මේගන්ට පුළුවන් වේවී කියලා 'ඩේලි මේල්' මෑතක 'අනාවැකි' පළ කරලත් තිබුණා.

Daily MailDaily Mail

'මේගන්', කිම් දිහා බලාගෙනම ඈවම 'අනුකරණය' කරනවද? Daily Mail

එහෙම වුණත් මේ 'නවතම ප්‍රවෘත්තිය' අනුව කියැවෙන්නෙ 'මේගන්', කිම් දිහා බලාගෙනම ඈවම 'අනුකරණය' කරමින්, ඇගේ 'විලාසිතා' සොරා ගනිමින් ඉන්නවා කියලයි.

මේ දේ ඔවුන්ගේ 'විලාසිතා සංසන්දනයේදීත්' හෙළිදරවු වෙනවා වගේම, Michael Silver කියන කිම්ගේ කොණ්ඩ මෝස්තරකරුවත් 'මේගන්' විසින් කුලියට මිලදී ගෙන තියනවලූ.

Daily MailDaily Mail

'කිම්'ගේ බොහෝමයක් ඉපැරණි විලාසිතා අනුකරණයේ යෙදෙන 'සසෙක්ස් ආදිපාදවරිය'? Daily Mail

'කිම්'ගේ බොහෝමයක් ඉපැරණි විලාසිතා අනුකරණයේ යෙදෙන 'සසෙක්ස් ආදිපාදවරිය'ගේ 'ඡායාරූප තොගයක්ම' ඩේලි මේල් ඔවුන්ගේ වෙබ් පිටුවට එක් කර තිබුණා. (2014 දී කිම් එක්තරා සම්භාෂණයකට පැළඳූ ගවුම් මෝස්තරයක්, 2021 දී එක්තරා උත්සවයක් සඳහා මේගන් ඒ අයුරින්ම පැළඳ ඉන්නවා...)

Daily MailDaily Mail

ඩේලිමේල් කියන්නා වගේ 'මේගන්' යනු සැඟව සිටි කඩෑශියන් කෙනෙක්වත් ද ? Daily Mail

මෙවැනි එකිනෙකට 'අතිශය සමාන' යැයි කිව හැකි ඡායාරූප පෙළ දුටු විගස 'සනාථ වන' කරුණ නම් සත්‍ය වශයෙන්ම මේගන් ඈව ලුහුබඳින බවයි. (ඇත්තෙන්ම ඩේලිමේල් කියන්නා වගේ 'මේගන්' යනු සැඟව සිටි කඩෑශියන් කෙනෙක්වත් ද ?)

ඩේලි මේල් ඇසුරිනි.