''අදට අවුරුදු පහළොවක්... තනා සුන්දර පෙම්ලොවක්...'': හරින්ද්‍ර - පවිත්‍රා කැදැල්ලට වසර පහළොවක්
සාමාන්‍යයෙන් අපි කෙනෙක්ව හඳුනාගන්නෙ රුව දැක්කාමනෙ. හැබැයි හඬ විතරක් අහලා පුද්ගලයාව හඳුනාගන්නවා කියන්නෙ, ඔහු හෝ ඇය ඒ තරමට සිය හඬින් පිරිස වසඟ කරගෙන...
ප්‍රවීණ නිවේදක හරින්ද්‍ර ජයලාල් කියන්නෙත් එවන් චරිතයක්.
මෙරට ප්රවෘත්ති කලාවට නවමු හැඩයක් මුසුකළ ඔහුව නොහඳුනන අයෙක් නැති තරම්. ඔහු එකතු කළ රහ අදටත් එලෙසමයි.
තිරයෙන් අපි දකින චරිතය තරමටම හරින්ද්‍ර ජයලාල් කියන්නෙ සැබවින්ම ආදරණීය අයෙක්... ඊට සාක්ෂියි ඔහුගේ සොඳුරු කැදැල්ල.
හරින්ද්‍ර - පවිත්‍රා කැදැල්ල කියන්නෙම බොහෝදෙනෙක්ගේ ආදරය දිනූවක්.
ඔන්න ඉතින් ඒ සොඳුරු කැදැල්ලට අවුරුදු 15ක්...
දෙන්නම සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිත වන නිසාවෙන්ම, මේ ආව ආදරණීය ගමන ගැන සටහනක් තබන්නත් ඔවුන් අමතක කර තිබුණේ නෑ..
''අදට අපිට 15ක්....
සසර පුරුද්දට දෑගිලි බන්දා
දුක සැප දෙක අපි සම ලෙස වින්දා
එකම හිතින් මේ දුර ආ හින්දා
දෙවියොත් ඔයාට දෙවෙනිද මන්දා....''
ඒත් එක්කම අපූරු සේයා රූ එකතුවකුත් අපිට මේ විදියට දැකගන්න ලැබුණා....