Happy Birthday Sonu !: සුපිරි නළු සෝනුට 47යි - සුපිරි ගායක සෝනුට 50යි

MonaraMonara

Sonu Sood & Sonu Nigam

සුපිරි නළු Sonu Sood අද ඔහුගේ 47 වැනි උපන්දිනය සමරද්දී සුපිරි ගායක Sonu Nigam සමරනු ලබන්නේ ඔහුගේ 50 වැනි උපන් දිනයයි.

හින්දි, තෙළිඟු, දෙමළ සහ කන්නඩ චිත්‍රපටවල ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වන Sonu Sood, ඉන්දියානු නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක්, නිරූපණ ශිල්පියෙක්, මානව හිතවාදී සහ දානපතියෙක්.

Images - The Indian ExpressImages - The Indian Express

Images - The Indian Express

2009 දී ඔහු හොඳම දුෂ්ඨයා සඳහා වන අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත නන්දි සම්මානය සහ තෙළිඟු බ්ලොක්බස්ටර් අරුන්දතී චිත්‍රපටයේ හොඳම සහය නළුවා සඳහා වන ෆිල්ම්ෆෙයාර් සම්මානය දිනා ගත්තා.

Images - Alchetron.comImages - Alchetron.com

Images - Alchetron.com

2010 දී, Dabangg හි ඔහුගේ රංගනය වෙනුවෙන් ඍණාත්මක චරිතයක හොඳම නළුවා සඳහා වන Apsara සම්මානය සහ ඍණාත්මක චරිතයක හොඳම රංගනය සඳහා IIFA සම්මානය ද Sonu Soodට හිමිවුණා.

ඔහු ජුලායි හි ඔහුගේ භූමිකාව වෙනුවෙන් සෘණාත්මක චරිතයක (තෙළිඟු) හොඳම නළුවා සඳහා SIIMA සම්මානය හිමිකර ගනු ලැබුවේ 2012 වසරේදීයි.

Yuva (2004), Athadu (2005), Aashiq Banaya Aapne (2005), Ashok (2006), Jodhaa Akbar (2008), Kandireega (2011), Dookudu (2011), Shootout at Wadala (2013), R... Rajkumar (2013), Happy New Year (2014), Devi (2016), Kung Fu Yoga (2017), Simmba (2018) සහ Kurukshetra (2019) Soodගේ ජනප්‍රිය නිර්මාණයි.

Images - Eros NowImages - Eros Now

Images - Eros Now

Images - Moviegalleri.netImages - Moviegalleri.net

Images - Moviegalleri.net

Images - The Indian ExpressImages - The Indian Express

Images - The Indian Express

ඔහු ඇපලෝ ටයර් සහ එයාර්ටෙල් සඳහා වෙළඳ දැන්වීම් සඳහා ද පෙනී සිටියේය.

2020 සැප්තැම්බර් මාසයේදී, COVID-19 වසංගතය අතරතුර ඔහුගේ මානුෂීය කටයුතු වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් සූඩ්ව ‛SDG විශේෂ මානුෂීය ක්‍රියාකාරී සම්මානය සඳහා ද තෝරා ගනු ලැබුවා.

Images - Fenil and BollywoodImages - Fenil and Bollywood

Images - Fenil and Bollywood

මේ අතර ඉන්දියානු පසුබිම් ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, හඬකැවීම් ශිල්පියෙක් මෙන්ම නළුවෙකු ද වන Sonu Nigam අද සිය 50 වැනි උපන්දිනය සමරනවා.

ඔහු හින්දි සහ කන්නඩ සිනමාවේ හොඳම, ජනප්‍රියම සහ සාර්ථක පසුබිම් ගායකයෙකු ලෙසයි ප්‍රසිද්ධ වන්නේ.

Images - NDTVImages - NDTV

Images - NDTV

එමෙන්ම කලා ක්ෂේත්‍රයේ Sonuගේ දායකත්වය වෙනුවෙන් 2022 දී, සිව්වැනි ඉහළම සිවිල් ගෞරවය වන “පද්ම ශ්‍රී සම්මානයෙන්” ඉන්දීය රජයේ ගෞරවයට ද පාත්‍ර වුණා.

Images - Hindustan TimesImages - Hindustan Times

Images - Hindustan Times

Sonu ප්‍රධාන වශයෙන් හින්දි සහ කන්නඩ භාෂා චිත්‍රපටවල ගායනා කරන නමුත් බෙංගාලි, මරාති, තෙළිඟු, දෙමළ, ඔඩියා, භෝජ්පූරි, ගුජරාටි, මලයාලම්, නේපාලි, තුලු, චට්ටිස්ගාර්හි සහ අනෙකුත් ඉන්දියානු භාෂාවලින් ද සිය ගායන දක්ෂතා පෙන්වා තිබෙනවා.

Sonu Nigam චිත්‍රපට නොවන ඇල්බම ගණනාවක් නිකුත් කර ඇති අතර සමහර හින්දි චිත්‍රපටවලට සිය රංගන දායකත්වය ද ලබා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු "නූතන රෆි" නොහොත් “Modern Rafi” ලෙස හැඳින්වෙනවා.

Images - Telegraph IndiaImages - Telegraph India

Images - Telegraph India

Images - Khaleej TimesImages - Khaleej Times

Images - Khaleej Times