'රෝසා බස් එකකින් සෙනඟ අරන් ඇවිල්ලා මට ඌ ගැහුවා! මම අලුත් සිකාට ඒ දවස්වල කමෙන්ට් බලන්නත් එපා කිවුවා!': ඇත්තටම 'පර‍ණ සිකා' ව අයින් කළේ මොන හේතුවකටද? 'ලකා' දැන් කියන අදහන්න බැරි කතාව! 'පොල් කාවයියා කියලා බැන්නෙ...'

MonaraMonara

'රෝසා බස් එකකින් සෙනඟ අරන් ඇවිල්ලා මට ඌ ගැහුවා! මම අලුත් සිකාට ඒ දවස්වල කමෙන්ට් බලන්නත් එපා කිවුවා!' Lakmal Weerasiri

'යූටියුබ්' මාධ්‍ය ඔස්සෙ බොහෝමයක් 'උන්'ට සමීප වුණූ 'ලකයි-සිකයි' කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිත නෙවෙයි. 'ලකයි-සිකයි' බොහෝම ඈත කාලයක ඉඳන් මේ 'විප්ලව' කාර්යය සිදු කළා වුණත්, හිටි හැටියේ 'සිකා' අස්ථානගත වෙනවා.

'සිකාගේ අස්ථානගත වීම' ගැන ඒ සමයේ සමාජ මාධ්‍ය ඔස්සෙත් විවිධ ආකාරයේ 'කතන්දර' පැතිර යන්නට වුණා.

ඒ නමුත් ඒ ගැන කිසිදු 'පැහැදිලි කිරීමක්' නොකර ඉන්න 'ලකා' නොහොත් 'ලක්මාල් වීරසිරි' වග බලා ගත්තා.

පසුගිය දවසක 'මොනරා' සමඟ සම්මුඛ වුණු 'ලකා', ඒ ගැන 'මුල්ම වතාවට' මේ විදිහේ කතාවක් කිවුවා.

SiluminaSilumina

පොල් කාවයියා කියලා සිකාට බැන්නෙ කට්ටිය.. මම සිකාට කමෙන්ට් බලන්නත් එපා කිවුවා.. Silumina

ලකයි සිකයි මුලින්ම සිකා හැටියට හිටියේ දුමින්ද හර්ෂණ... සිකාගේ චරිතයට පස්සෙ ශාන් අරෝෂ ආවා. පස්සෙ රසිකයන්ගෙන් විරෝධයක් එනවා, සිකාව අයින් කිරීම ගැන. පස්සෙ අපි වෙනසක් කරන්න ගත්තා. දිග වීඩියෝ කරන්න ගත්තා.... ශාන් මේ වෙනකොට ගොඩක් සාර්ථක වෙලා තියනවා. ඒක ලොකු සතුටක්...'

'සිකා ආපුම කාලේ.. ඇත්තටම බයයිනේ ඉතින්. තව කෙනෙක් කරපු චරිතයක් කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ. ඒ අස්සෙ බැනුම් අහනවා. පොල් කාවයියා කියලා සිකාට බැන්නෙ කට්ටිය.. මම සිකාට කමෙන්ට් බලන්නත් එපා කිවුවා....'

facebookfacebook

අපේ නිර්මාණ ඇතුළේ අපි පරිස්සම් වෙනවා. නමුත්.... වෙන කෙනෙක්ගේ දේකට අපිට වගකියන්න බෑ. facebook

මෑතක දී 'මෝඩාභිමානය' ප්‍රසංගය නරඹන්න ගිහිල්ලත් 'ලකා සහ සිකා'ට අකරතැබ්බයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා.

ඒ ගැනත් 'ලකා' අපිත් එක්ක මේ විදිහේ කතාවක් කිවුවා.

'අප්‍රේල් 1 වැනිදා අපිට ආරාධනවක් ලැබුණා. අප්‍රේල් 1 වැනිදා ම තමයි මෙල්බර්න් ෂෝ එක තියෙන්න තිබ්බේ. කොහොම හරි මෙල්බර්න් ‌ෂෝ එක කල් ගියා. ඒ නිසා ඒකට අපි ගියා. ඒක ඇත්තටම අපි බලාපොරොත්තු වුණේවත් නැති කාරණාවක්. තම තමන් තමන්ගේ දේවල්වලට වග කියන්න එපැයි. මම ඒක ගැන ගොඩක් විවේචනය කරන්න යන් නෑ. හැබැයි දෙයක්... අපහාසය, උපහාසය වෙන වෙනම අපි අඳුනගන්න ඔිනි. මොකද විහිලුවට පුළුවන් තව කෙනෙක් රිද්දන්නත්. අපේ නිර්මාණ ඇතුළේ අපි පරිස්සම් වෙනවා. නමුත්.... වෙන කෙනෙක්ගේ දේකට අපිට වගකියන්න බෑ. අපි සජීවිව බලන්න ගිය එකනේ අවුල. හැබැයි යූටියුබ් දාපු එක කීයක් බැලුවද? ඒගොල්ලොත් දැනගෙන බැලුවා නෙවෙයිනේ..'

'ඉදිරිපත් කිරීම කරපු ශිල්පිනියත් ඒ ගැන දැනගන්න ඔිනි. ඊළඟ කාරණාව.... ඒක පබ්ලිශ් කරපු ආයතනය. ඒගොල්ලො දැනගන්න ඔිනි මේක දානවද නැද්ද කියලා. කොහෙවත් ඉන්න අපි තමයි අහුවුණේ.... අහක යන පොල්ලක් තමයි අපිට වැදුනේ...'

facebookfacebook

සමාජයට පවා පෙණුනු ප්‍රශ්න නම් වුණා. අදටත් එයා මට ලොකු හයියක්.. facebook

'හාස්‍ය රහ' අඩුවක් නැතුව බෙදන 'ලකා'ට ඒ හැම වැඩකටම ඔහුගේ 'බිරිඳ'ත් ලොකු හයියක් වෙනවා. ඒ 'ආදර කතාවත්' අපිට කියන්න ලකා අමතක කළේ නැහැ.

'මම කසාද බැන්ඳෙත් අවුරුදු 19දී, අම්මලා තාත්තාලට හොරෙන්... මම හිතනවා, මම හොඳම තෝරාගැනීම කළේ කියලා. සමාජයට පවා පෙණුනු ප්‍රශ්න නම් වුණා. අදටත් එයා මට ලොකු හයියක්...'

'අමුතුම ගුටි කෑම් මම කාලා තියනවා. එක පාරක් බිරිඳත් එක්ක යාලුවෙච්ච වෙලාවේ එයාට ට්‍රයි කරපු කොල්ලෙක් රෝස බස් එකකින් සෙනඟ අරන් ඇවිල්ලා මට ගැහුවා. ඒක තමයි කාපු හොඳම කෑම... එදා ගුටි කෑවා ඉතින්.. වීරයෙක් වෙන්න ගියා නම් මම නෑ අද...'