යළි යළිත් රිද්දවන Stuart Broadගේ සමුගැන්ම: බ්‍රෝඩ්ව තදින් වැළඳගෙන අඬා වැටුණ නායකයා
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ස්ටුවර්ට් බ්‍රෝඩ් (Stuart Christopher John Broad) පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා.
ඒ සිය අවසන් ටෙස්ට් තරගය ද අළු බඳුන ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කරමින්.
බ්‍රෝඩ්ගේ මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් සඳහන් කර නොමැති වුවත්, එය ඔහුගේ පෞද්ගලික කරුණක් මුල් කරගනිමින් සිදු වූවක් බවටත් තොරතුරු වාර්තා වුණා.
මෙවන් පසුබිමක දී බ්‍රෝඩ් සිය අවසන් ටෙස්ට් තරගයේ තමන් යොමු කළ අවසන් පන්දුවෙන් ද කඩුල්ලක් දවාගත් අතර, තමන් පහරදුන් අවසන් පන්දුවට ද දැවැන්ත හයේ පහරක් එල්ල කරමින්, ක්‍රිකට් ලෝලීන්ගේ හදවතෙහි තවදුරටත් සදාතනික මතකයක් බවට පත්වෙමින් ක්‍රිකට් පිටියට සමුදුන්නා.
බ්‍රෝඩ්ගේ ක්‍රිකට් ජීවිතය අළලා නානප්රකාරයේ ඡායාරූප මෙන් ම වීඩියෝ දර්ශන ද තවමත් මුහුණුපොත පුරා වරින්වර සංසරණය වන අයුරු දැකිය හැකියි.
එවන් මොහොතකදියි වත්මන් එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් සිය නිල ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි තම සගයා සම්බන්ධයෙන් ඡායාරූප කිහිපයක් මතකයන් ලෙසට පළ කර තිබුණේ.
මීට දින 04කට පෙර මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එක්කර ඇති ස්ටොක්ස් එහි පළමු ඡායාරූපය සිය සගයා වූ බ්‍රෝඩ්ව තදින් වැළඳ ගනිමින්, අඬමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් එක් කර තිබීම සංවේදී ඡායාරූපයක්.
තම මිතුරා ක්‍රීඩා පිටියෙන් ඉවත් ව යාම ස්ටොක්ස්ට දරාගත නොහැකි ම තැනක දී ඔහු බ්‍රෝඩ්ව තදින් වැළඳගනිමින් සිටින අයුරු එහි දැක්වෙනවා.
දෙවැනි ඡායාරූපයෙන් දෙදෙනා ම පුහුණුවීම් අතරතුර ගත් ඡායාරූපයක් සහ අවසන් අළු බඳුන තරගයේ දී කඩුල්ලක් බ්‍රෝඩ් විසින් ලබාගැනීම සමරමින් සිටින අවස්ථාවක් මතක ලෙස ස්ටොක්ස් පළ කර තිබෙනවා.
බෙන් ස්ටොක්ස් මෙම ඡායාරූප පළ කරමින් සටහන් කර ඇත්තේ මෙවැන්නක්.
''Sad Way To Go 3-1 At Home..'' යනුවෙන් වීම ද විශේෂත්වයක්..
ස්ටොක්ස් හඬා වැටෙන අවස්ථාවේ දී කණ්ඩායමේ සෙස්සන් ඔහුව සැනසීමට උත්සාහ දරන අයුරු ද එම ඡායාරූපයේ දැක්වෙනවා.
Jofra Archer මෙන් ම Bairstow ද එම ඡායාරූපයේ ස්ටොක්ස් අසලින් සිටින අයුරු දැකිය හැකියි.
ස්ටුවර්ට් බ්‍රෝඩ් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු ලැයිස්තුවේ වැඩිම කඩුලුලාභීන් අතර පස්වැන්නා (604) බවට ද පත්ව තිබෙනවා.