'මේ දෙන්නා එදා මගේ උරහිසට වෙලා අඬනවා. ඒක ලොකු පීඩනයක්.. සති දෙකක් විතර ඒ වේදනාව තිබුණා!': ඒශාන් ඩයස්වත් නොකියපු 'වේදනාවක කතාව' ඒශාන්ගේ අම්මාම කියයි! 'කලුම කලු පුතෙක්..'

MonaraMonara

'මේ දෙන්නා එදා මගේ උරහිසට වෙලා අඬනවා. ඒක ලොකු පීඩනයක්.. සති දෙකක් විතර ඒ වේදනාව තිබුණා!' Eshan Dias

'ඒශාන් ඩයස්' ගැන ලියන පළවැනි කතාව මේක නෙවෙයි. (විශ්වාසයි! ඔබ මේ කියවන පළවැනි පාරත් නොවෙන්න ඇති...)

'ඒශාන්' ගැන 'සෝශල් මීඩියා'වල හුඟක් උන් ට 'ප්‍රශ්න කෝන්තර' තිබුණා. එතනින් වඩාත්ම 'අවධානය' යොමු වුණු ප්‍රශ්නය, ඒශාන්ගේ 'ලිංගික අනන්‍යතාවය' මොකද්ද කියන එක...?

'ඒශාන්' බොහෝම සාමාන්‍ය 'යූටියුබ්කාරයෙක්'. ඒත් ඒශාන්ගේ 'සාරි ඇඳපු, ගවුම් ඇඳපූ' වීඩියෝ පට, වෙනදට වඩා වැඩියෙන් අන්තර්ජාලයේ කතාබහට ලක්වුණා. (ඒශාන්ට ඒ ගමන එන්න ලේසි පහසු වුණාත් නෙවෙයි...)

Eshan Dias FB PageEshan Dias FB Page

'මම සාරි අඳිනවා කියන එක අම්මට සාමාන්‍යයි...' Eshan Dias FB Page

නමුත් අවසානයේ දී 'භාගයක් උන්' ඒශාන්ව ප්‍රතික්ෂේප කරද්දි 'භාගයක් උන්' ඒශාන්ව වැළඳගත්තා. ඒශාන්ට ඒ නිසාම 'ඉස්සරහට' යන එක 'සුවපහසුවක්' වුණා.

'මම සාරි අඳිනවා කියන එක අම්මට සාමාන්‍යයි...' ඒශාන් එහෙම කියලා තිබුණේ 'සන්නස්ගල සර්' එක්ක 'යූටියුබ්' එකේ කරපු සාකච්ඡාවකදී.

ඇත්තටම ඒශාන්ගේ අම්මාට 'ඒශාන්' ට බනිනකොට දුක හිතිලා නැද්ද? (ඒශාන්ගේ අම්මා ඒකට දුන්නෙ මෙහෙම උත්තරයක්...)

Eshan Dias FB PageEshan Dias FB Page

අද බලන සුදු නෙවෙයි හෙට... දවස් හතක් යනකොට කලුම කලු පුතෙක්... Eshan Dias FB Page

'මෙයා ඇවිල්ලා පෙන්නනවා කමෙන්ට්. මුල් කාලේ නම් ටිකක් දුක හිතුණා. මම කිවුවා, ඔිවා ගණන් ගන්න එපා කියලා. ඔයාට ගෙදරින් සපෝට් එක තියෙනවා නම් වෙන දේවල් වැඩක් නෑ. නංගි, තාත්තා, ආච්චි හැමෝම එයාගේ හයියට හිටියා....'

'මෙයා ඉපදුණාම රෝස මල වගේ සුදුයි. අද බලන සුදු නෙවෙයි හෙට... දවස් හතක් යනකොට කලුම කලු පුතෙක්...'

Eshan Dias FB PageEshan Dias FB Page

මේ ළමයි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මැරුණොත් මම මැරෙනවද? බෑනේ.... Eshan Dias FB Page

ඒශාන් ගියොත් (මැරුනොත්) ලයිෆ් එකට ෆේස් කරන්න පුළුවන්ද?

ඔතනදිත් මගේ හිත කතා කරයි. එක්තරා ලොකු පීඩනයක් ආවා, ඒක අවස්ථාවක. මෙයාලත් (දුවයි පුතයි) මගේ උරහිසේ අඬනවා. විසඳන ප්‍රශ්නයට වඩා මට හරි දුකක් තිබුණා. ඒ වේදනාව සති දෙකක් විතර... මම කේතලේ තිබ්බා ලිපේ. මට එවෙලේ කල්පනා වුණා, මේ ළමයි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් මැරුණොත් මම මැරෙනවද? බෑනේ.... මම එක ළමෙක්ව බලන්න එපැයි. මට පිස්සු නම් හැදෙයි, මැරෙන එකක් නෑ.......'