"මගේ හොඳම යාලුවෙක් එයාගේ කොල්ලා එක්ක breakup වුණා, ඌ මට පො --- කිවුවා කියලා. ඇත්ත මං පවු කරලා ඇති !": ඒශාන්, 'සෝශල් මීඩියා' ඇතුළේ නිර්භිත 'සාරි අඳින්නීය' බවට පත්වුණා ! ඒකත් මං බලා ඉද්දිම !!

MonaraMonara

"මගේ හොදම යාලුවෙක් එයාගේ කොල්ලා එක්ක break up වුණා,ඌ මට පො --- කිවුවා කියලා!"

එදා 138 බස් එකේ මට මුණගැහුණු කෙනෙක්. (එයා කාන්තාවක් ද පිරිමියෙක් ද කියලා තෝරගන්න බැරිව මම මොහොතකට අතරමං වුණා!!)

ඈ ළඟින් කිසිම කෙනෙක් වාඩි වුණේ නෑ. වාඩි වුණු කෙනත් 'මුහුණ' පුංචි කෙරුවා. ඊටපස්සෙ මොනාහරි අමතක වුණා වගේ එතැනින් අස්ථානගත වුණා. දැන් ඈ තනියම...

ඉතින් මම ඈ ළඟ ඉඳගත්තා. ඈ මට හිනාවුණා. (මම ඈට 'ඈ' කියන්නම්! ඈ ගැන හරියටම නොදන්න නිසා !!)

'ඔයාටත් අප්පිරියයිද අපිව?' ඈ ඇහුවා. (ඒ වෙලාවෙත් ඇගේ ඇස් අඬන්න බලාගෙන !!)

'අර මොකටද අප්පිරියා වෙන්නෙ?' මම හිනාවෙලා ඇහුවා.

'මිනිස්සු එහෙම කරනවා. අපි වෙනස් හින්දා!!'

'කවුද කියන්නෙ ඔයා වෙනස් කියලා. ඔය ඉන්නෙ ලස්සනට..!!'

Eshan Dias FB PageEshan Dias FB Page

මට 'ඒශාන් ඩයස්' ව මුණ ගැහුණෙත් ෆෝස්බුක් එකෙන්. ඒ ඒශාන් දැන් වගේ 'ජනප්‍රිය' හෝ 'ප්‍රසිද්ධ' නැති කාලෙක. Eshan Dias FB Page

ඈ ආයෙමත් මුකුත් නොකියා හිටියා. මම 'සැම්සුන් ගැලක්සියේ' ඒ මේ අත පිහිනුවා. ඉතින් එතනින් එහා... මට ඈව 'ආගන්තුක' හෝ 'අමුතු කෙනෙක්' වුණෙත් නැහැ. මට ඈ දිහා එහෙම බලන්න වුවමනා වුණෙත් නෑ.

අන්තිමට එක බස් හෝල්ටුවකින් ඈ බැහැලා යන්න කලින් 'තැන්ක්යූ' කියනවා විතරක් මට ඇහුණා.

ඒ කිවුව 'වෙනස' ඇහැට සනීප නොදෙන වෙනසක් වුණත්, ඉන් එහා එහෙව් 'වෙනස් වරිගේ' මිනිස්සු කොළඹ රටේ ඉන්න විත්තිය මම දැනකියාගත්තා.

මම හරි පුදුම වුණා පිරිමියෙක් වෙලත් 'ගෑනූ ඇඳුමක්' අඳින්න උන් ගත්ත 'නිර්භීත තීරණය' ගැන. 'පවුකාර ආත්ම' කියලා දහස් වාරයක් කියද්දිත් උන් නෑහුණා වගේ ඉන්න එක ගැන.

මට 'ඒශාන් ඩයස්' ව මුණ ගැහුණෙත් ෆෝස්බුක් එකෙන්. ඒ ඒශාන් දැන් වගේ 'ජනප්‍රිය' හෝ 'ප්‍රසිද්ධ' නැති කාලෙක.

Eshan Dias FB PageEshan Dias FB Page

'ඒශාන් ඩයස්' කියන්නෙ 'ගැහැනු චරිත කරන' පිරිමියෙක් කියන එක මගේ ඔලුවේ තිබ්බා. Eshan Dias FB Page

ඒශාන් දවසක් දාලා තිබුණු පින්තූරයක් දැකලා මම ඒශාන්ට කතා කළා. (ඒශාන්ගේ 'අප්ලෝඩ්' කරපු ඒ පින්තූරේ එයා හිටියේ අඬන මූණකින්. ඒ මූණ විරූපි වෙලාද ? මරණීය වේදනාවක් අත්විඳලද? කියන්න බැරි තරම් !!)

ඒශාන්ගේ 'හිත සනසන්නවත්' කවුරුත් හිටියේ නෑ. ඒ වෙනුවට ෆේස්බුක් එකේ ඉන්න 'නන්නාඳුනන' මිනිස්සුන්ට ඒශාන් දුක කියන්න ගත්තා.

ඒශාන්ට 'පහරදීමක්' වෙලා තිබුණා. ඒක ශාරීරිකව එයාට රිදෙන්න ගත්තා. ඒත් වැඩියෙන්ම එයාට රිදිලා තිබුණේ ඒ මිනිස්සු කියපු 'වචන'වලට.

එදා මම ඒශාන්ගෙන් දැක්කෙ '138' දැක්ක කෙනාට සමාන කෙනෙක්. ඒත් 'ඒශාන් ඩයස්' කියන්නෙ 'ගැහැනු චරිත කරන' පිරිමියෙක් කියන එක මගේ ඔලුවේ තිබ්බා.

හැබැයි ඒශාන් ඒ 'මතයත්' ටිකෙන් ටික කැඩුවා. අන්තිමට මම දැකපු ඒශාන් 'සෝශල් මීඩියා' ඇතුළේ නිර්භිත 'සාරි අඳින්නීය' බවට පත්වුණා.

Eshan Dias FB PageEshan Dias FB Page

අරගලය ඇතුළෙත් 'කලුපාට සාරියක්' ඇඳගෙන ඒශාන් කරපු 'කොමඩි'වලට මම හිනාවුණා. Eshan Dias FB Page

අරගලය ඇතුළෙත් 'කලුපාට සාරියක්' ඇඳගෙන ඒශාන් කරපු 'කොමඩි'වලට මම හිනාවුණා.

ඒශාන් මොහොතකට මේ කරන්නෙ මොන විදිහේ 'විප්ලවයක්'ද කියලා හිතාගන්නවත් බැරුව මම ඒශාන්ගේ දිහා කාලයක් තිස්සෙ බලන් හිටියා. (ආයෙම මට ඒශාන්ට 'කමෙන්ට්' එකක්වත් දාන්න බැරිවුණා!!)

"පිරිමියෙක් වෙලා ඉපදෙන්න හුගාක් පිං කරන්න ඕනේ. තොපිලා වගේ එවුන් පිරිමි කමට අවනම්බුවක්. ගල් ගහලා මරන්න ඕනේ තොපිව" අද කාන්තාවන්ගේ දිනයේ උදේම ආපු කොමෙන්ටුවක් මේ. වෙනදා වගේම අදත් ආවා. අදනම් ඒකට දුක හිතුනා.මේ කමෙන්ටුවෙන් මේ "පිරිමියා" කියනවා මං පවු කාරයෙක් කියලා. අනේ පවූ ඉතින් මේ මනුස්සයා. මෙයා දන්නෙ නෑ මං මෙයාට වඩා පිං කරලා තියෙනවා කියලා. කියන්න බලන්න මොන අම්මටද තමාගේ පුතාට සාරියක් අන්දන්න උදවු කරන්න තරම් ගට් එකක් තියෙන්නේ. මං බය නැතුව කියනවා හුගාක් අම්මලට ඒ ගට් එක නෑ. ඒත් මගේ අම්මට ඒක තියෙනවා. එහෙම පෙරටුගාමි, බුද්ධිමත් මවක් ලබන එකම පිනක් නෙමෙයිද සහෝදර සහෝදරියනි. ඔයාලා දකින්න ඇතිනේ මගේ නංගි මගේ ෆෝන් එක කැඩුනාම එයාගේ වෙඩිමට එකතු කරපු සල්ලි වලින් මට iphone එකක් අරං දුන්නා. ඒක මගේ පින නෙමෙයිද සහෝදර සහෝදරියනී... මට බොක්ක උනත් දෙන යාලුවෝ ඉන්නවා. ඔයාලා දන්නවද මගේ හොදම යාලුවෙක් එයාගේ කොල්ලා එක්ක break up උනා ඌ මට පො --- කියලා. මගේ එක යාලුවෙක් එයාගෙ ගෙදර ලයිට් බිලේ සල්ලි දීලා තියෙනවා මගේ විඩියෝ එකක් කරන්න. එහෙම යාලුවෝ හම්බෙන්නෙ පෙර පිනකට නෙමෙයිද සහෝදර සහෝදරියනී.... මට යන යන තැන ෆෑන්ස්ලා මට දක්වන ගෞරවය සහ ආදරය මට මුදල් වලටත් වඩා වටිනවා. ඒ ආදරය තමයි මං මානසිකව වැටිලා ඉන්න අවස්තාවල මාව motivate කරන්නේ. ඒකම පිනක් නෙමෙයිද සහෝදර සහෝදරියනී..... ඔච්චර පිරිමි පිංවත් නම් බලන්නකෝ අපේ රට. පාලනේ කරන්නේ සියට අනූ අනමයක්ම පිරිමි නෙමෙයිද?? කෝ පින. උන් අපේ පිනෙන් එලිය බලනවද කොහෙද..."

Eshan Dias FB PageEshan Dias FB Page

මගේ නංගි මගේ ෆෝන් එක කැඩුනාම එයාගේ වෙඩිමට එකතු කරපු සල්ලි වලින් මට iphone එකක් අරං දුන්නා. Eshan Dias FB Page

මිනිස්සු ඒශාන්ව 'බදාගෙන ඉඹිනවා' වෙනුවට ඒශාන්ව තව තවත් මේ 'මඩ ගොහොරුව' ඇතුළේ ගිල්ලුවා.

ඒශාන්ට නොතේරෙන්න ඒශාන්ගේ ඇතුළේ හිටපු 'ගැහැනිය' එළියට ආවා වුණත්, ඒ 'ගැහැනිය'ට හුඟක් උන් කැමති වුණේ නැහැ.

"ඇත්ත....මං පවු කරලා ඇති. ඒකයි හැමදාම මගේ පව පින හාරවුස්සන, ලිං මැඩි මානසිකත්වයක් තියෙන දූපතක ඉපදුනේ. මං දියුනු රටක ඉපදුනානම් මං කරන ඇක්ටින් සහ make up වැඩ එක්ක මට අංක එකේ YouTuber කෙනෙක් වෙන්න තිබ්බා. මන්දිරයක් වගේ ගෙයක් ගහන්න තිබ්බා. යාන වාහන ගන්න තිබ්බා. අපේ අම්මව රැජිනක් වගේ බලාගන්න තිබ්බා. ඒත් මම ඉපදුනේ මෙහේ. කමක් නෑ...මඩේනේ නෙලුම් මලුත් පිපෙන්නේ. බලන්නකෝ මේ "****"පිපෙන්නැද්ද කියලා.."

Eshan Dias FB PageEshan Dias FB Page

මම ඉපදුනේ මෙහේ. කමක් නෑ...මඩේනේ නෙලුම් මලුත් පිපෙන්නේ. Eshan Dias FB Page

ඒශාන් ට මම තාමත් කැමති 'ඒශාන්' මේ සියලු කෙනෙහිලිකම් මැද්දෙ වුණත් නොහෙල්වී ඉන්න එකට. අඳින 'සාරි ආයිතම්' හෝ වෙනස් නොකර ඉන්න එකට. ඒශාන්ට මේ 'සිස්ටම්' එක නොගැළපුණා වුණත් ඒශාන් උත්සහා කරනවා අමාරුවෙන් හරි ඒක ගළපගන්න.

තාමත් ඉස්සර වගේ බොහෝම සාමාන්‍ය විදිහට ඉන්න 'ඒශාන් කෙනෙක්' මට තාමත් පේනවා. (වෙලාවකට ටිකක් උස් මුදුන් වලට යනවා වුණත්!!)

ඒශාන් කියන්නෙ තමන් දිහාවට ආපු 'ගල් බොරලු' වලින් මාළිඟාවක් හදපු එකෙක්. වැඩියෙන්ම 'දෝශාරෝපණයට ලක්වුණු එකා' වුණත්, තව උන් කියනවා වගේ 'පවුකාරයෙක්' වුණත් ඇත්තටම ඒශාන් කියන්නෙ, එහෙම එකෙක් නෙවෙයි.

මනුස්සයා ඒකයි තාමත් මිනිස්සුන්ව හිනස්සවන්නේ !! (ඌ එක දිගටම කරයි !!)

Eshan Dias FB PageEshan Dias FB Page

තාමත් ඉස්සර වගේ බොහෝම සාමාන්‍ය විදිහට ඉන්න 'ඒශාන් කෙනෙක්' මට තාමත් පේනවා. Eshan Dias FB Page