Angus Cloud ගේ මරණය: 25 හැවිරිදි යොවුන් බටහිර නළුවෙකු හදිසියේ මියයයි

MonaraMonara

Angus Cloud ඡායාරූප සහ මූලාශ්‍රය - www.bbc.com

බටහිර රංගන ශිල්පියෙකු වන Angus Cloud ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අමෙරිකානු රංගන ශිල්පියෙකු ලෙසයි ඔහු සිය වෘත්තීය රංගන ක්ෂේත්‍රඒ කටයුතු කළේ.

කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි දී සිය නිවසේ දි ඔහු අද ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මියයන විට ක්ලවුඩ් 25 හැවිරිදි නා යොවුන් වියෙහි පසුවූවා.

HBO Euphoria ජනප්‍රිය කතා මාලාවට සිය රංගනයෙන් දායකත්වය සැපයූ ක්ලවුඩ් 'Fez' ලෙසිනුයි චරිතයට පණ පෙවුවේ.

එම නාට්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසටයි ක්ලවුඩ් කටයුතු කර ඇත්තේ.

පොලිසිය සඳහන් කරන්නේ ක්ලවුඩ්ගේ මරණය සියදිවි නසා ගැනීමයක් විය හැකි බවයි.

නමුත් මෙතෙක් මරණයට හේතුවක් හෙළිව නැහැ.

ඡායාරූප සහ මූලාශ්‍රය - Angus Cloudගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙන්ඡායාරූප සහ මූලාශ්‍රය - Angus Cloudගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙන්

ක්ලවුඩ්ගේ පියාගේ අභාවය ගැන ඔහු පළ කර තිබූ පින්තූරය ඡායාරූප සහ මූලාශ්‍රය - Angus Cloudගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙන්

ක්ලවුඩ්ගේ පවුලේ හිතවතුන් පැවසුවේ මෙම සිදුවීම තමන්ට මහත් කම්පනයක් බවත්, ක්ලවුඩ් පසුගිය සතියේ සිය පියාගේ අභාවය හේතුවෙන් දැඩි මානසික අවපීඩනයකට ලක්ව හිටි බවයි.

ක්ලවුඩ් ඔහුගේ හොඳම මිතුරා වූ පියා සමග යළිත් දෙව් මව් තුරුලේ එක්ව ඇති බවට විශ්වාස කිරීම ම පමණක් තමන්ට සතුටක් බව ද ඥාතීන් පවසනවා.

ඔහුගේ පියාගේ අභාවය සිදු ව සති දෙකකින් ක්ලවුඩ් ඔහුගේ Instagram හි සටහන් කර ඇත්තේ ' මිස්ඩ් යූ බ්‍රොහ්' යනුවෙන්.

2019 ජූනි මාසයේදී ප්‍රථම වරට Euphoria විකාශනය වීමත් එය ඉක්මනින් ජනප්‍රිය වීමත් සිදු වූ අතර, 2022 වන විට එක්සත් ජනපදයේ දශකයේ වැඩිපුරම ට්වීට් කරන ලද රූපවාහිනී වැඩසටහන ලෙසට ද සම්මාන ලැබුවා.