තිස් වසරකට සිපිරි ගෙදරට යන සුපිරි නළුවා: ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට වරදකරු වූ ඩැනී !

MonaraMonara

ඡායාරූප : Myung J. Chun/Los Angeles Times/Getty Images

අමෙරිකානු සුපිරි නළු ඩැනියෙල් පීටර් මාස්ටර්සන් (Danny Masterson) හට වසර 30ක සිර දඬුවමක් නියමව තිබෙනවා.

ඒ ස්ත්‍රී දූෂණ චෝදනාවන්ට වරදකරු බවට පත්වීමෙන්.

මේ වසර මුලදී ලොස් ඇන්ජලීස්හි දී ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වරදකරු වූ ඩැනී මාස්ටර්සන් හට ඊයේ මෙම නියෝගය ලැබී තිබෙනවා. ඒ අනුව ඔහුට වසර 30ක සිර දඬුවමක් නියම වූ බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

47 හැවිරිදි ඩැනී, ස්ත්‍රී දූෂණ චෝදනා තුනකින් දෙකකට මැයි මස අග දී වැරදිකරු වූ අතර පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2017 වසරේ දී ඔහුට මුලින්ම ස්ත්‍රී දූෂණ චෝදනා එල්ලව ඇති අතර, ඔහුට 2001 සහ 2003 යන වසරවල සිය නිවසේ දී කාන්තාවන් තිදෙනෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවා.

ඡායාරූප : Myung J. Chun/Los Angeles Times/Getty Imagesඡායාරූප : Myung J. Chun/Los Angeles Times/Getty Images

ඡායාරූප : Myung J. Chun/Los Angeles Times/Getty Images

ඩැනී මාස්ටර්සන් වඩාත් ප්‍රසිද්ධ වන්නේ 1998 සිට 2006 දක්වා විකාශය වූ “That ’70s Show” හි ස්ටීවන් හයිඩ් ලෙස ඔහුගේ භූමිකාව සඳහා වන අතර මිලා කුනිස්, ඇෂ්ටන් කචර්, ලෝරා ප්‍රෙපොන්, ටෝෆර් ග්‍රේස් සහ විල්මර් වැල්ඩර්රාමා සමඟින් ඔහු රංගනයේ යෙදුණා.

එමෙන්ම ඔහු 2016 දී Netflix හි "The Ranch" හි රඟපෑ නමුත් Netflix සහ නිෂ්පාදකයින් විසින් ස්ත්‍රී දූෂණ චෝදනා මධ්‍යයේ මාස්ටර්සන්ව ඉන් ඉවත් කර තිබෙනවා.