"හොරුන්ට කඩේ යන ඩෑන්" ඩෑන්ට, නූර් අක්කා මූණට ම කියපු එක (වීඩියෝ): "හොරුන්ට කඩේ යන හොරෙක්නේ ඔයා.. ඩෑන් ඩෑන්.. හී..", නතාෂාට පැමිණිලි දාන්න ආපු ඩෑන්ට, නූර් අක්කා මූණට ම කියපු එක (වීඩියෝ)

MonaraMonara

"හොරුන්ට කඩේ යන හොරෙක්නේ ඔයා.. ඩෑන් ඩෑන්.. හී.."

බුදු දහමට අපහාස කළා යැයි චෝදනා ලැබූ නතාෂා එදිරිසූරිය සම්බන්ධ සිදුවීම මේ වන විට සමාජ මාධ්‍ය උණුසුම් කරමින්, කතාබහට ලක්වනවා.

ඇය කොළඹ ප්‍රධාන පාසලක ප්‍රහසන වැඩසටහනක දී මෙසේ අදහස් පළ කර ඇති අතර, ඇගේ එම ප්‍රකාශයට බරපතළ විවේචනයන් ද එල්ල වුණා.

අනතුරුව විවිධ පාර්ශව ඇයට එරෙහිව පැමිණිලි සිදු කර ඇති අතර, ඩෑන් ප්‍රියසාද් ද කලකට පසු කරළියට පැමිණියේ නතාෂාගේ සිදුවීමත් සමඟයි.

ඩෑන් තමන් සිදු කළ පැමිණිල්ලේ පිටපතක් සමාජ මාධ්‍යයේ ද පළ කර තිබුණේ, "පොලිසිය යුතුකම ඉටු කරන තෙක් බලා සිටින" බව සඳහන් කරමිනුයි.

මේ අතර, ඩෑන් ප්‍රියසාද් පොලිස් මූලස්ථානය ඉදිරිපිට එක්තරා කාන්තාවක් සමඟ ගැටුමකට මැදිවන අයුරු දැක්වෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

අදාළ කාන්තාව විසින් ඩෑන් ප්‍රියසාද් ව රූගත කරන අතර, එයට විරෝධය පළ කරමින් ඩෑන් ඒ පිළිබඳව පොලිස් නිලධාරියෙකුට කරුණු දක්වන අයුරු ද වීඩියෝවේ දැක්වෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න...