''හොඳම යාලුවෙක් තෝරගද්දි හොඳට හිතන්න. අවුරුදු 4කට ආසන්න කාලයක් මා නයෙක්ට කිරිපොවා ඇත..'': තමන් සහ පවුලේ උදවිය ගැන ව්‍යාජ කතා පැතිරූ අයෙක් ගැන දමිත්රිගෙන් හෙළිදරව්වක් !
දමිත්‍රි සුබසිංහ...
ක්ෂේත්රයේ නිහඬ ගමනක් යන කාගෙත් ආකර්ෂණය දිනූ තාරකාවකි ඇය.
රංගනයටත් වඩා දමිත්‍රි කියන නම ජනප්‍රිය ඇගේ නර්තන හැකියාවන් එක්ක.
එවන් දැවැන්ත ජනප්‍රියත්වයක් දිනාගෙන ඉන්න ඇය, සිය ෆේස්බුක් ගිණුමට තරමක වෙනස් විදියෙ සටහනක් එකතු කරලා තිබුණා.
කියවලාම බලන්නකො ඇය මේ කවුරු ගැනද කියන්නෙ කියලා..
''පළමුව මෙවන් පෝස්ට් එකක් මාගෙ සමාජ මාධ්‍යවල සටහන් කිරීමට සිදුවීම ගැන මාගේ ආදරණීය ප්රේක්ෂකයන්ගෙන් සමාව අයැද සිටිනවා!
කිමද මාගේ සමාජ මාධ්‍ය තුල මෙවන් පෝස්ට් මා සමාජගත කරන්නේ නෑ යන තීරණයේ මා සිටි නිසාවෙන්.
නමුත් මෙම සිදුවීම සම්බන්ධව දිගින් දිගටම මාගේ කලා ක්ශ්‍රෙත්‍රයේ මෙන්ම මට ආදරය කරන පිරිසගෙන් පැමිණි ආරංචි මත මා තවදුරටත් මෙය සමාජට මුදානොහැර සිටීම මාගේ මෝඩකම වියහැකිය.
මා හා ඉතා සමීපව අවුරුදු 4කට ආසන්න කාලයක් ඇසුරුකල, කෙටියෙන්ම කිව්වොත් දමිත්‍රිගේ bestfriend යන නම දිනාගත්, Law+yer කෙනෙක් ලෙස හදුන්වා දෙන මෙම අදාල තරුණියව, හේතු සමුදායක් නිසාවෙන් මා ඇතුලු මාගේ පවුල ඇතුලු, ඇයවටා සිටි බහුතර පිරිසක් අපගේ ජීවිතවලින් ඈත්කරන ලදී!
ඒ සැමටම ඇයගෙන් සිදුවූ සිද්ධි සමුදායක් හේතුවෙන් එවැනි තීරණයක් ගැනීමට සිදුවිනි.
මාගේ ජීවිතයෙන් මා විසින්ම ඇයව ඈත්කරන ලද්දේ, මාගේ ලගින්ම හිද අවුරුදු ගනනාව පුරාවටම මාගේ සහ මාගේ පවුලේ නමට දැඩිලෙස අපහසවන ලෙස, කැලලක් ඇති කිරීමේ දැඩි චේතනාවෙන්, අප නොදැනුවත්වම ක්ශ්‍රෙත්‍රයේ සමහර දෙනා අතර මෙන්ම තවත් අය අතර මා සහ මාගේ පවුල පිලිබදව සාවද්‍ය විකෘති තොරතුරු හුවමාරු කිරීම සාක්ෂි සහිතව ඔප්පුවීම, මාගේ ලගින්ම සිටි නිසා මා ඇයව දැඩිලෙස විශ්වාසකර ඇය සමග බෙදාගත් සමහර තොරතුරු ඉතා විකෘතිසහගත අපහාසාත්මක ලෙස සමාජයට මුදා හැරීම, ඇතුලු තවත් හේතුකාරනා කීපයක් හේතුවෙන්,
සහ අවුරුදු 4ට ආසන්න කාලයක් මා නයෙක්ට කිරිපොවා ඇති බව ඔප්පු වූ නිසාවෙනි!
ඇය විසින් ඇය හොදයි කියා ඔප්පු කරගැනීම උදෙසා සහ, මා ඇතුලු අප සියලු දෙනාව "ඇය විසින්" අතහැරියා කියා සාවද්‍ය රගපෑමක් සමාජයට මුදාහැරීම උදෙසා ඇය කිහිපවරක් උත්සහය කලත්, ඒ ගැන මා ඇතුලු අප සැම තැකීමක් නොකර සිටියේ එක අතකට එය අපට විහිලුවක් වූ නිසා සහ අපට ඇයගේ විහිලුවලට පිලිතුරු සැපයීමට වැඩිය සිදුකරන්න තව වැඩකටයුතු තුබූ නිසාවෙනි!
නමුත් enough is enough කියා කියමනක් ඇති අතර, ඇය විසින් තවමත් මාගේ නම සම්බන්ධ කරමින් ක්ශේත්‍රය තුළ පවා නොයෙකුත් අපහාසාත්මක පණිවුඩ හුවමාරු කරමින් සිටින බවට නැවතත් තහවුරු වී ඇත.
ඒ පිලිබදව මා දැනුවත් කල ක්ශ්‍රෙත්‍රයේ ප්රවීනයන්ට මෙන්ම සැමට පලමුව ස්තූතියි! "දමිත්‍රි" විසින් කලා යැයි යම් ප්‍රකාශයක් මෙම තරුණියගෙන් ඇසීමට ලැබුණි නම් එය පිළිබඳව මා සමඟ සෘජුව සාකච්චා කල හැක.
එම ආරංචිය අගට ගිහින් සොයාබලන්න එහි අග ඇත්තේ ඇයමය! එය මා හුදෙක් අත්දැකීමෙන් කියමි!
නැවතත් මා ඉල්ලා සිටින්නේ ක්ශ්රෙත්රය තුල ඔබට යම් කිසි විකෘති තොරතුරක් හෝ එවැනි අපහාසාත්මක ප්‍රකාශයක් ඇසීමට ලැබී ඇති නම්, කරුණාකර මා දැනුවත් කරන්න.
කාගේ හෝ හිත් අමනාප වන යමක් හෝ ඔබ අපහසුතාවයට පත්වන අකාරයේ යමක් පෙර සඳහන් කළ තරුණිය විසින් ප්‍රකාශ කර ඇත්නම්, සෘජුවම එය දැනුවත් කර අපගේ ඉදිරි පියවර සඳහා සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු
දිගින් දිගටම නොනවත්වා කෙරෙන අපහාසය නිසාත් "දමිත්‍රි සුභසිංහ" යන මාගේ මහන්සියෙන් ගොඩනගාගත් චරිතයට සිදුවන හානිය වලක්වා ගැනීම වෙනුවෙනුත් මෙම පෝස්ටුව තබන බවත්, මෙය මේ පිලිබදව මා පලකරන අවසාන පෝස්ට් එක බවත් ඔබට අවධාරණය කරන්නෙමු.
මෙම පෝස්ට් එක නිසාවෙන් මාගේ ප්‍රේක්ෂකයන් වන ඔබ කිසියම් හෝ අපහසුතාවකට ලක්වූවානම් මා එයට සමාවඅයැද සිටිමි
මේ වන විට අප විසින් ගත හැකි සියලු ක්‍රියාමාර්ග රැගෙන ඇති බැවින්, ඔබ ඇයව පෞද්ගලිකව දන්නේ නම් ඇයගේ චරිතයට හානි වන අන්දමින් කිසිදු පියවරක් නොගන්නා ලෙසද ආදරණීයව අපි ඉල්ලා සිටිමු. සහ මෙය මාගේ එකම හොදම මිතුරිය වන "මල්කි" සම්බන්ධව නොවන බව කරුණාවෙන් සලකන්න!
අවසාන වශයෙන් මේකත් කියවන්න! ඔබේ ජීවිතයටත් මෙය ප්රයේජන වේවි!
පලමු කාරණාව ජීවිතයට හොදම යාලුවෙක් කියලා කෙනෙක් තෝරගද්දි ගොඩක් හොදට හිතන්න, ඒ වගේම පරිස්සම් වෙන්න.
පිටට පේන්න පන දුන්නට ඇතුලේ ඉන්නේ තමන්ගේ ජීවිතේ ලොකුම හතුරා විය හැකියි!
බුදුහාමුදුරුවොන්ටත් දෙව්දත් හිටියනම් අපිට මොන කතාද?
දෙවැන්න,
මේකත් කියවන්න, ලස්සන කතාවක්. ඔයාලා මේ කතාව දන්නවත් ඇති!
ඔන්න එක ලොකු වනයක ඊරියෙක් හිටියා. ඒ ඊරි ඒ කැලේ රජා ඒ කියන්නෙ සිංහයගෙ යාලුවෙක් උනා කැලේ තිබ්බ එක්තරා උත්සවයකදී.. සිංහයත් ඉතින් අනේ පවු අහිංසක ඊරියක්නෙ කියල සිංහය යන එන තැන්වල සිංහයගෙ යාලුවන් එහෙම අදුන්නල දුන්න. ටික දවසක් යනකොට ඔන්න ඔය අතරේ අර ඊරි සිංහය ලග ඉන්නකොට සිංහයට අනිත් කැලේ උන් සලකනකොට ගරු කරනකොට හිතුව සිංහයගෙන් වැටිච්ච සිංහ තේජස තමන්ටත් තියෙනව කියල කැලේ හැමතැනම රජා වගේ යන්න ගත්තා,මං තමා සිංහයගේ හොදම මිතුරා මං සිංහයගෙ සහෝදර සහෝදරියන්ගෙන් කෙනෙක් කියල, ටික ටික අර සිංහ තේජසට තිබ්බ ආසාවට සිංහයගැන විකෘති කතා කැලේ වටේ කියාගෙන යනකොට සිංහයට ආරංචි වෙලා සිංහය තිබ්බ සම්බදකම් ඔක්කොම අයින් කරා, ඒත් සිංහයා ඒක කැලේ අයට පෙන්නන ගියේ නෑ. පවු කැලේ අය මේ ඊරිව මරාගෙන කයිනෙ කියල..ඉතින් ඕක ටිකක් තෙරුන සමහර කැලේ සත්තු මේ ඊරිව ව ගනන් ගන්නෙ නැති වෙන්න ගත්තම මේ ඊරිට බලගෙන ඉන්න බැරුව ඇග ඇතුලෙන් පිච්චෙන්න ගත්තා.. ඉතින් මොකද දන්නවද මේ ඊරී කරේ, කැලේ ඉන්න සත්තු අතර සිංහය ගැන විකෘති කටකතා මඩ කතා පතුරවන්න අරන්, එයාම හිතගත්තා හැමෝම මේව පිලිගත්තා දැන් හැමෝම මගෙ පැත්තෙ කියලා, සිංහයට challenge කරා මම තමා මේ වනේ රජා ඔයා නෙමෙයි, එන්න මාත් එක්ක සටනට කියලා.. ඉතින් සිංහයා වැඩිය ඕක ගනන් ගත්තේ නෑ සිංහය හිතුවා අනේ අසරන ඊරි කියලා.. ඒත් මේ ඊරි පස්සෙන්ම පන්නන්න ගත්තන සිංහය කිව්ව "හා හරි අපි සටන් කරමු" කියල දවසක් දාගෙන සටනට ආව..
දන්නවද උන වැඩේ.. ඊරි ඉතින් පුරුද්දට මඩ වලක බැහැල කුනු ජරාව කාල ශක්තිය අරන් ජරාව ඇගේ ගාගෙන මඩවල ඉදලා මඩ නාලා තමයි සටනට ආවෙ.. මේ ජරා ගොඩක් වගේ එන ඊරීව දැක්ක සිංහයට පුදුම විදියට පිලිකුලක් දැනුන "මං මොකටද නිකන් මේ ජරාව ඇගේ ගාගන්නෙ" කියල හිතල සිංහය කිව්වා
"අනේ ඊරියෙ ඔයා හිතනවන්ම් ඔයා මේ කැලේ රජා කියල කමක් නෑ ඔයා තමා රජා.. මට බෑ ඔයත් එක්ක සටන් කරල නිකන් ඔය ජරාවයි මඩයි ගාගන්න, ඔයා හිතනවනම් ඔයා රජා කියලා කැලේ රජා විදියට ඉන්න, මං මගේ පාඩුවෙ මගෙ වැඩ කරගන්නම්,කැලේ සත්තු රජාව තෝරගනී" කියල එතනින් යන්න ගියාලු..
ඉතින් හරිම සතුටක් ආපු ඊරි මම තමා රජා දැන් කියල කැලේ වටේම දුවන්න ගත්තට කැලේ එක සතෙක්වත් ඊරිව ගනන් ගන්නෙ නැතුව හිනා වෙලා කැලේ හරි රජා වෙන සිංහය ගිය පැත්තට යන්න ගියාලු.
ඔය අතරේ අර කුනු ජරාවා මඩ නාගෙන කැලේ දුවන ඊරිගෙ මඩ කැලේ හැම තැනම වැටෙන්න ගත්තම ඊරිගෙ හිටපු යාලු සත්තුන්ටත් මේක අප්පිරිය වෙලා මේ ඊරිව කැලෙන් ගහල පන්නල දැම්මලු මේ ඊරිට "pshyco" කියල!
ඉතින් එහනම් මම මේක මෙතනින් නවත්තන්නම්
මොකද ඇත්තටම අපිට ඉස්සරහට කරන්න වැඩ ගොඩක් තියෙන නිසා ඒව රසවිඳින්න ඔයාලත් ආදරෙන් සූදානම් වෙන්න!