'මට තාමත් බැරිවුණා ඈ ඉල්ලන දේවල් අරන් දෙන්න! බෙදාගන්න බැරි ආදරේ නිසා රණ්ඩු කරපු අයටත් පින්!!': දමිත් අසංක 'පුද්ගලික ජීවිතේ' ලොකු රහසක් පළමුවරට එළියට දමයි! 'අදින් පස්සෙ කියන් නෑ!!'

MonaraMonara

'මට තාමත් බැරිවුණා ඈ ඉල්ලන දේවල් අරන් දෙන්න! බෙදාගන්න බැරි ආදරේ නිසා රණ්ඩු කරපු අයටත් පින්!!' දමිත් අසංක

'දමිත් අසංක'ට තිබුණේ ඔහුට ම 'අනන්‍ය හඬක්'. (ඒක වේරලියද්දට 'සම' හඬක් හෝ 'කිට්ටු' හඬක්ම නෙවෙයි...)

'සිතේ පෙම් පුරා' කියලා පටන් අරන් 'වැහි දාට දේදුන්න' වෙනකන්. (ඒ ඉවරවෙලා 'හිතවතිය' වෙනකන්, දමිත් ඔහුගේ 'හඬේ ගැඹුර' මනාවට කියා පෑවා....)

සංවේදීකමක් නැති 'හිස් මිනිස් පුළුටක්' වුණත් දැහැන්ගත කරවන්න හෝ 'අඬවන්න' දමිත්ගේ ගැඹුරු හඬට පුළුවන්කම ලැබුණා.

facebookfacebook

ඇය බොහෝ තැන් ඉවසුවා මට මේ තැනට එන්න. facebook

'කාලායා' මොන 'හිතුවක්කාරකම' කළා වුණත් දමිත් ඔහුට අනන්‍ය ඔහුගේ 'හඬ' එක්ක ප්‍රේක්ෂකයින්ගේ 'සදාතනික සිහිවටනය' බවට පත්වුණා.

ඊයේ දමිත්ගේ උපන්දිනය. ගොඩක් වෙලාවට 'දමිත්' කියන්නෙ තමන්ගේ 'පුද්ගලික ජීවිතේ' බොහෝම අඩුවෙන් බෙදා හදාගන්න කෙනෙක්.

facebookfacebook

අදින් පසු කියන්නෑ මගේ පෞද්ගලික තොරතුරු ඔයාලට වරදක් උනා නම් සමාවෙන්න facebook

ඒ වුණත් ඊයේ ඔහුට 'විශේෂ' වුණු දවසේ 'දමිත්' ලොකු කතාන්දරයක් සමාජ මාධ්‍යයේ ලියා තිබුණා.

'අදින් පසු කියන් නෑ පෞද්ගලික තොරතුරු' කියා ඔහු ලියූ කතාවයි මේ...

facebookfacebook

මම උත්සහ කරනවා පුළුවන් තරම් ඇයව සතුටින් තියන්න. facebook

'ඇය බොහෝ වෙහෙසුනා මාව මේ තැනට ගේන්න. ඇය බොහෝ තැන් ඉවසුවා මට මේ තැනට එන්න. මට තාමත් බැරි උනා ඇය ඉල්ලන දේවල් අරන් දෙන්න. ඒත් මම උත්සහ කරනවා පුළුවන් තරම් ඇයව සතුටින් තියන්න. අපිට උදව් කල හැමෝටම පිං දෙනවා. බෙදාගන්න බැරි ආදරේ නිසා රණ්ඩු කළ අයටත් පිං දෙනවා. ඒ තමයි ලෝක ස්වබාවය. අදින් පසු කියන්නෑ මගේ පෞද්ගලික තොරතුරු ඔයාලට වරදක් උනා නම් සමාවෙන්න'