'ටීචර් දාගෙන ආවේ කෘතිම පියයුරු, දැම්මේ බොරු කොණ්ඩ.. ලෙඩක් කියලත් කිවුවනෙ?': 'සංක්‍රාන්තික ගුරුවරියක්' කියලා, ලෝකෙම ඇන්දුව 'එයා'ගේ 'ඇත්තම මූණ' එළියට! 'නෑ මේ මං නෙවේ!'
'පියයුරු' සහ 'තට්ටම් විශාල' සංක්‍රාන්තික 'ගුරු උත්තමාවීයක්' ගැන (කොටින්ම කිවුවො.ත් ළමයින්ට ඉගෙන ගන්නවත් හිතෙන්නෙ නැති විදිහේ) පසුගිය සමයේ 'අන්තර්ජාලය' තුළ සැරිසැරූ 'ප්‍රවෘත්තිය' ඔබත් අනිවාර්යෙන්ම දකින්න ඇති.
Kayla Lemieux නම් කැනේඩියානු ගුරුවරිය සිය යෝධ පියයුරු යුගළය ප්‍රසිද්ධියේ පෙන්වමින් 'පාසල තුළ' ඉගැන්වීම් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප ද සිසුන් විසින් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා.
ඇය සැබැවින්ම 'සංක්‍රාන්තික සැත්කමක්' සිදු කළාද, නොකළාද යන්න හෝ තහවුරු කර ගත නොහැකි වූවා සේම ඇය ඇගේ මුහුණත ද 'ආවරණය' කරගෙන සිටීම හේතුවෙන් ඈ කවුද යන්න සොයා ගැනීම පවා 'අතිශය දුෂ්කර' වුණා.
නමුත් කිහිප වතාවක්ම ඇගේ 'සැබෑ පිරිමි පෙනුම' හැබැහින් දුටුවන්, ඒ ගැන අන්යන් දැනුම්වත් කර තිබුණා.
දැන් නැවත වතාවක් Kayla Lemieuxගේ 'නවතම ඡායාරූප' පෙළක් 'ඩේලි මේල්' වෙබ් අඩවිය මඟින් මුදාහැර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් 'සංක්‍රාන්තික' ලෙසින් හඳුන්වා දුන් 'ඇය' සැබැවින්ම 'පිරිමියෙක්' බව තහවුරු වනවා.
තම 'පියයුරු' සැබෑ ඒවාම යයි කියූ 'ගුරුවරියගේ' ප්‍රකාශය 'සාවද්‍ය' බැව් ඡායාරූප බලන ඔබටත් වැටහේවී.
නමුත් Kayla Lemieux මින් පෙර දී කියා තිබුණේ තමන්ට 'පියයුරු වර්ධනය' වීමේ අතිදුර්ලබ රෝගයක් ඇති බවයි. (මෙය හඳුනා ගැනෙන්නෙ Gigantomastia ලෙසයි...)
දෙමව්පියන්ගේ 'විරෝධය' හමුවේ විදුහල්පතිවරයා පවා සඳහන් කර ඇත්තේ Kayla, 'හොඳ තත්ත්වයේ' ගුරුවරියක් වන බවයි. ඇයට එරෙහි එකම 'චෝදනාව' මෙයම පමණක් වුවත්, ඉගැන්වීම් කටයුතු අතින් ඇය බොහෝම 'සාර්ථක තැනක' ඉන්න බව ඔහු කියනවා.
ඩේලිමේල් සහ ද සන් ඇසුරිනි.