'මල්ලි !! මම දැන් උපාධිධාරියෙක් මල්ලි....', රන්ජන්ට 'සන්තෝසය' පිණිස මේ හොඳටෝම ඇති.: (එයා සිස්ටම් එක 'කුඩුපට්ටම්' නොකෙරුවත්!)
'මම දැන් උපාධිධාරියෙක් මල්ලි....', (ඒක එයාගේ කතාව... 'රන්ජන් රාමනායක'ගේ කතාව....)
'රන්ජන්' කියන්නෙ ලංකාවේ 'හොඳම' නළුවා නෙවෙයි. ඒත් රන්ජන් 'ජනතාවගේ නළුවා' කියන එක බොරුවක් නෙවෙයි. (අදටත් මිනිස්සු ආදරේ රන්ජන්ගේ ඇතුළේ ඉන්න ඒ කියන 'සුපර් ස්ටාර්'ට...)
'රන්ජන්'ට තිබ්බ හීනේ 'නීතිය' හදාරන එක. ඒත් රන්ජන් ඒකට 'කෙටියි' කියන මාර්ග හෝ 'සුවපහසුයි' කියන 'ක්‍රමවිධි' භාවිතා නොකර 'පුංචි උන්' එක්කලාම ඒ 'ඩෙස් පුටුවල'ම ඉඳගත්තූ එක හැම එකාම දැක්කා. (උන් සතුටු වුණා!)
"මේක මගේ ඩොක්ටර් නවරියන් චිත්‍රපටයෙ කතාව වගේ. ඒකේ තිබුණේ වයසක කෙනෙක් දොස්තර වෙන හැටි හැබැයි දැන් මගේ කතාව නීතිවේදියෙක් වෙන එක ගැන. එක ම වෙනස චිත්‍රපටයේ දොස්තර වෙන්නේ හොර කරලා නමුත් සැබෑ ජීවිතයේ මම ඒක හරියට ඉගෙනගෙන ම කරනවා," (රන්ජන් බීබීසී සිංහල සේවයට කියූ කතාව)
රන්ජන්ගේ 'උසස් පෙළ' ප්‍රතිඵල එනකන් හැම එකාම ඇහැ ගහගෙන හිටියා. ඒ වගේම රන්ජන් උසස් පෙළ 'එක විෂයක්' අසමත් වීම උන්ට 'බර ආයුධයක්' වුණා රන්ජන්ට පහර දෙන්න.
දේශපාලන විද්‍යාව, ජනමාධ්‍ය සහ කිතු ධර්මය ඔහු 'උසස්පෙළ' සඳහා තෝරාගත් විෂයන් වූ අතර, ඒ අතරින් ඔහු 'කිතු ධර්මය'ට ලබාගෙන තිබුණේ 'F' සාමාර්ථයක්.
පසු කලෙක රන්ජන් ටෙනිසන් කුරේගේ අවමඟුල් උත්සවයේ දී සිය උසස් පෙළ විභාගය ගැන මතක අවදි කර තිබුණා.
'ටෙනිගේ දුව තමයි මට කතෝලික ඉගැන්නුවේ. ටෙනිමයි මට එන්න කිවුවේ... හැබැයි කවදාවත් මට ඉගෙන ගන්න හම්බුණේ නෑ. ඇයි ඉතින්.. ටෙනී මට ඉගෙන ගන්න දුන් නෑ... විහිලු කරනවා ඉවරයක් නෑ..... මම ෆේල් වුණේ ටෙනී හින්දා......' (මේ එදා ඒරන්ජන් සංවේදීව කියූ කතාව)
සිරගත වුණා වුණත්, රන්ජන් 'පොත පත' ඈත් නොකර 'අධ්‍යාපන' කටයුතුවල දිගින් දිගටම යෙදුණා. කවුරු කොහොම කිවුවා වුණත් 'පාර්ලිමේන්තුව' ඇතුළේ ඉන්න හැම එකාටම වඩා ඉහළ තැනක 'රන්ජා' ඉන්න හේතු තියනවා. (අද රන්ජා පාර්ලිමේන්තුව ඇතුළේ නැතිම වුණත්!)
රන්ජන් දැන් උපාධිධාරියෙක්.
ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන්, තරුණ හා ප්‍රජා සංවර්ධනය පිළිබඳව 'උපාධිය' හදාරා එය 'සාර්ථකව' අවසන් කර තිබුණා.
රන්ජන් මේ 'සතුටු හිතෙන' ප්‍රවෘත්තිය ඔහුගේ ෆේස්බුක් ගිණුමෙත් පළ කර තිබුණා.
'රන්ජන්' මේ වෙනුවෙන් හුඟක් සටන් කරලා තිබුණා. ඒක 'උපාධියක්' විතරක්ම නොවෙන්නෙ ඒකයි....
රන්ජන් කියන්නෙ මේ 'සිස්ටම්' එක වෙනස් කරන්න උත්සාහ ගත්ත එකෙක්. (රන්ජන්ට ඒක කරන්න බැරිවුණත්) කොයි තරම් 'හිරිහැර' වුණා වුණත්, අපහාස වුණා වුණත්, දිගින් දිගටම තමන්වම අත්නෑර හිටපු 'ශක්තිවන්තයෙක්' ඔහු.
අද එදාට වඩා රසික ආදරය උපරිමයෙන් විඳින්න ගන්න 'රන්ජන්' කියූ හුඟක් කතා අද හැබෑ වෙලා තියනවා. (ඒ හැමෝම යාලුවෝ මල්ලි, කියන්නෙ ඒ අතරින් එකක් විතරයි!) ඉන් එහා රන්ජන් 'තනිඅතකින්' කරපු 'හටන්' හැම එකක්ම ජයගන්න රන්ජන්ට බැරිවුණා. ඒත් රන්ජන් වෙනුවෙන් මිනිස්සු 'අත්පුඩි' ගැහුවා. රන්ජන් ළඟ 'හිටගත්තෙ' නැති වුණත් උන් ඈත තියාම රන්ජන්ගේ කරට අත දාගත්තා. රන්ජන්ට 'සන්තෝසය' පිණිස ඒ ඇති. (එයා සිස්ටම් එක 'කුඩුපට්ටම්' නොකෙරුවත්!)
ඉතින් රන්ජන් මෙතනින් නවතින එකක් නෑ.............. එනිවේ!! සුබ පැතුම් රන්ජන්!