'එයාලා මම දික්කසාද වුණා කිවුවම 'ආ ඇත්තද' ඇහුවා! සමිතා,අමායා මේ ගැන දන්නවා, දැනුත් ආදරයක් තියනවා!': අතුල අධිකාරි, කවමදාවත් නොකියපු, 'දික්කසාද' ජීවිතේ රහස් !

MonaraMonara

'එයාලා මම දික්කසාද වුණා කිවුවම 'ආ ඇත්තද' ඇහුවා! සමිතා,අමායා මේ ගැන දන්නවා, දැනුත් ආදරයක් තියනවා!' Athula Adikari

'තරහින් අහක බලා... ඔබ නොදොඩා යනවා....' (ඒක එකෝමත් එක කතාවක්, අසුන්දර නොවුණු 'සුන්දර' තැන් එහෙමත් තිබුණු.....)

ඒ කතාව අයිති 'අතුල අධිකාරි'ට. අතුල කියන්නෙ 'අතිශය සරාගී' හඬක හිමිකරුවෙක්.

'නිවී හැනහිල්ලේ' අහන් ඉන්න පුළුවන් විදිහේ ආදරණීය හඬක් ඔහු සන්තකව තිබුණා. ඒ 'හඬ' සමිතාගේ 'හඬත්' එක්ක පෑහෙන්න ගන්නකොට වෙනම 'රහක්' ගෙනාවා. (අදටත් අතුල කියන්නෙ 'ඩුවට්' කරන්නෙ සමිතා එක්ක විතරයි කියලයි...)

අතුලගෙත් සමිතාගෙත් 'වෙන්වීම' ගැන නොයෙකුත් විදිහේ කතාන්දර ඒ සමයේ ඇහෙන්න ගත්තා.

Athula Adikari FB PageAthula Adikari FB Page

මගේ පළවැනි තීරණේ මම කැමති කෙනා එක්ක විවාහ වෙනවා. Athula Adikari FB Page

'අනුමාන කිරීම්' එහෙම් පිටින්ම 'හරි වුණත්,' එක්කෝ 'වැරදි වුණත්'.... ඉදහිට 'ප්‍රසංග වේදිකාවක්' ඇතුළේ 'සමීප වෙන' ආදරණීය යුවළකට ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුව ලැබුණා.

'සමිතා'ගෙන් පස්සෙ අතුලගේ සිත් ගත් 'එකිය' වුණේ 'අමායා'... (ඒ වුණත් ඒ විවාහයටත් වැඩි ආයුෂ තිබුණේ නැහැ.)

සමිතාත් දැන් විවාහකයි. අමායාටත් එයාගේ ම වුණු කෙනෙක් ලැබිලා.

ඒත් අතුල..? තවමත් තනිකඩයි.

ඡායාරූප අන්තර්ජාලයෙන්ඡායාරූප අන්තර්ජාලයෙන්

තාත්තයි අම්මයි එක වචනයක් කියලා නෑ සමිතාටවත් අමායටවත්. ඡායාරූප අන්තර්ජාලයෙන්

'දික්කසාදය කියන දේ දිහා වපර ඇහින් බලනවනෙ. විවාහය බලන්නෙත් එහෙමයි. විවාහයට වුණත් කී දෙනෙක්ගේ කැමැත්ත ගන්න ඕනිද? මේ කෙල්ල හරි යන් නෑ. මේ කොල්ලා හරි යන් නෑ කියනවා. මගේ පළවැනි තීරණේ මම කැමති කෙනා එක්ක විවාහ වෙනවා. මගේ අම්මා තාත්තා කිසිම දවසක කිසිම බලපෑමක් කරලා නෑ කිසිම දේකට. හැබැයි අපේ තාත්තලා ඒක මොනිටර් කරනවා. මටත් එහෙමයි නංගිටත් එහෙමයි. විවාහ වුණාට පස්සෙත් මම ඉන්නෙ ඒ නිදහස ඇතුළෙ තමයි. සමාජය මොකද්ද කියන්නෙ කියන එක මට අදාළ නෑ. අම්මා තාත්තා වුනත්, මම දික්කසාද වුණා කිව්වම 'ආ ඇත්තද' ඇහුවා මිසක් කවදාවත් බැනලා නෑ. තාත්තයි අම්මයි එක වචනයක් කියලා නෑ සමිතාටවත් අමායටවත්. ඒ අතින් මම හරි වාසනාවන්ත යි.'

ඡායාරූප අන්තර්ජාලයෙන්ඡායාරූප අන්තර්ජාලයෙන්

ඒ කාලේ සැහෙන ප්‍රැක්ටිස් කළා.. ආවේගෙන් තරහෙන් කළේ. ඡායාරූප අන්තර්ජාලයෙන්

'අතුල' කියන්නෙ මත්ද්‍රව්‍යවලට තදින්ම 'ඇබ්බැහි' වෙච්ච එකෙක් කිවුවා වුණත් අතුල ඒ හැම 'කටකතාවක්'ම ප්‍රතික්ෂේප කරනවා. (ඒ කියන්නෙ අතුල කිසිම ප්‍රශ්නයකට මත්ද්‍රව්‍යවලින් උත්තර හොයපු කෙනෙක් නෙවෙයි...)

'සමිතා අමායා මම ගැන දන්නවා..මගේ පෙනුමින් ගොඩක් අය මාව මනිනවා. මට සාමාන්‍යයෙන් පැයක් දෙකක් විතරයි කට්ටිය එක්ක ඉන්න ඕනෙ. අනිත් පැය ගණන් තනියම ඉන්න ඕනේ. 2016 මම හුදකලා වුණා. ඒක්තරා ප්‍රශ්නයක් උඩ.. සමාන්‍යයෙන් දුකකදි කරන්නෙ මොකද්ද.. මත්පැන්වලට ඇබ්බැහි වෙන එකනේ.. මම ජීවිතේ කිසිම දේකට මත්පැන්වලින් උත්තර හෙව්වේ නෑ. සමහරු අහනවා 'ශොට් එකක් දාමුද' කියලා. මම නෑ කිව්වම 'නැවත්තුවද' අහනවා. මම ඇහුවා, 'මා එක්ක බීලා තියෙනවාද ඔයා' කියලා. මම ආසාධාරණයට කැමති නෑ. ඒ කාලේ සැහෙන ප්‍රැක්ටිස් කළා.. ආවේගෙන් තරහෙන් කළේ. ඒ ආවේගෙන් තමයි මම ඉස්සරහාට ස්ටෙප් එකක් තිබ්බෙ.'

ඡායාරූප අන්තර්ජාලයෙන්ඡායාරූප අන්තර්ජාලයෙන්

සමහර විට මම නැවත වතාවක් පටන් ගන්න ඒ ආදරේ බලපෑමක් වුණා. ඡායාරූප අන්තර්ජාලයෙන්

අතුල දැනුත් තනිකඩව ඉන්නේ. කෙවිලියක් ඇවිත් ඇරයුම් කළොත්?

'මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා. ප්‍රථම ආදරේට වඩා අන්තිම ආදරේ බලවත් වෙන්න පුලුවන්. මට ඇත්තටම ආදරේ දැනිලා තියනවා. ජීවිතේ ඇති කියලා නැවතුණා. සමහර විට මම නැවත වතාවක් පටන් ගන්න ඒ ආදරේ බලපෑමක් වුණා. තමුන්ගේ කරගන්න පුලුවන් වෙයිද දන් නෑ. හැබැයි ආදරයක් තියෙනවා..'