'ජය ශ්‍රී නම දැම්මෙත් මම. 'පියමැන්නෙ' වචනත් මගේ. මම රෝහිතට කෝල් කළා, එයා කිවුව දෙයින් මම ෂොක් වුණා!': අරුණ ලියාන්, 'ජය ශ්‍රී'ලාගේ රහස් සියල්ල එළියට දමයි! 'මට කළකිරුණේ එතනින්..'
'හද සැලෙනා..... රැයේ... හිම සිසිලේ... රහසේ... අහසේ... ඈත ඉමේ...' ඒ ඔහු... අරුණ ලියාන්... අදටත් 'මතක' ගීත බොහෝමක 'හඬ' අයිතිකරු. 'සංගීත' වැඩකරු.
'අරුණ ලියාන්' ගැන නැවත වතාවක් 'සමාජ මාධ්‍ය' ඇතුළේ කතාබහක් ඇතිවෙන්නෙ 'ජය ශ්‍රී' සාමාජීකයින් වන 'රෝහිත සහ රොහාන්'ට එරෙහිව ඔහු පැවරූ 'නඩු කටයුත්තක්' නිසායි.
'නඩු කටයුත්තේ' අවසානය වනතුරු 'ගීත කිහිපයක්' ගායන කිරීමට පවා 'ජය ශ්‍රී' සාමාජීකයින්ට තහනම් වුණා. (මේ නඩු කටයුත්ත තවමත් අවසන් නැහැ....)
කොහොම වුණත් මේ සිදුවීමෙන් අනතුරුව 'අරුණ ලියාන්'ට ජය ශ්‍රී ට හිතවත් 'පාර්ශව' තදබල ලෙස පහර දෙන්නටත් පටන් ගත්තා.
ඒ සියල්ල නිහඬව 'විඳ දරාගත්' අරුණ, තමන් 'කළ කී' සියලු දේ 'සුදත්ත තිලකසිරි' හා සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබුණා.
'ජය ශ්‍රී' ගැයූ ගීත බොහෝමයක (අදටත් ඔවුන්ට නැතුවම බැරි) 'සංගීත හිමිකාරිත්වය' තමන් සතු බැව් අරුණ ලියාන් එහි දී සඳහන් කර තිබුණා.
'ශිලා, සුදු ඇඳුමින්, ආදර ලොවේ... ගීත හැම එකකම මෙලඩිස්, මියුසික් සියල්ලම මගේ... පියමැන්නේ ලිවුවෙත් මම... කොටසක් ප්‍රසන්න ලියනගේ, මගේ බාල මල්ලි ලිවුවේ...'
'ජය ශ්‍රී නම දැම්මෙත් මම. ජය ත්‍රී තමයි එයාලා දාපු නම. මමයි ජය ශ්‍රී යමු කිවුවේ. මට රෝහිතව තමා මුලින්ම හම්බුණේ. අපි මේක පටන් අරන් ඇල්බම් එක දාන්න දවස් තුන හතරකට කලින් කිවුවේ, මල්ලිත් ඇවිත් ඉන්නවා, කමක් නැද්ද ජොයින් කළාට කියලා. මම ඉතින් කමක් නෑ කිවුවා...'
'ස්ටුඩියෝ එකත් මගේ. ගිටාර් ගැහුවෙත්, ඩ්‍රම්ස් ගැහුවෙත් මම. කීබෝර්ඩ් ගැහුවෙත් මම. අඩුම මේ දෙන්නා මට යුරෝ 5ක් වත් දීලා ගහගන්න කිවුවෙවත් නෑ...'
'අපි පොරොන්දු වුණේ හැමදේම තුනට බෙදන්න. සීඩී එකේ පැහැදිලිව ලියලා තියනවා ජය ශ්‍රී කියලා. ජය ශ්‍රී කියන්නෙ, රෝහිත, රොහාන්, අරුණ.... ප්‍රශ්න පටන් ගත්තෙ මේ දෙන්නා කලින් යනවා. ගිහින් වෙනම නඟිනවා ස්ටේජ්... මම දැනගත්තෙ පස්සෙ.. මේක ආරංචි වෙලා මම රෝහිතට කෝල් කළා. මෙයා කිවුවා, 'අරුණ අපි අර ඇල්බම් දෙකේම සෝන්ග්ස් සන්ෆ්ලවර් එක්ක රෙකෝඩ් කළා...' මම අන්දුන් කුන්දුන් වුණා. සන්ෆ්ලවර් එක්ක කිසිම තරහාක් නෑ. එයාලා දන් නෑනේ මගේ කතාන්දරේ.. ඒ ඇල්බම් එකේ ගායනය කියලා මගේ 'නම' දාලා තියනවා. නමුත් මගේ කටහඬවත් නෑ, මේකේ සතයක්වත් හම්බවුණෙත් නෑ.'
'මේක තමයි පටන් ගැන්ම. මට කළකිරුණේ එතැනින්. ඊටපස්සෙ මෙයාලා රිංගින් ටෝන්ස් දාලා තිබුණා. පස්සෙ එකට යන්න බැරි තත්ත්වයක් ආවා. මම කිවුවා, මගේ කොටස දෙන්න කියලා. නමුත් දුන්නෙ නැහැ. මට තිබුණු එක ම මාර්ගය නඩු මාර්ගය....'
'දැන් එයාලා කියන්නෙ මම බෑන්ඩ් එකේ හිටපු කෙනෙක් විතරලූ. එතන එක පුද්ගලයෙක් කිසිම දෙයක් නොකර හිටපු කෙනෙක්. (මේ කියන්නෙ රොහාන් ගැන...) එයා බේස් ලයින් එකක්වත් ගහලා නෑ. පස්සෙ මෙයාලා මේ දෙන්නගේ නමින් ජය ශ්‍රී රෙජිස්ටර් කරලා.'
'රංග සිල්වා කියලා කෙනෙක් කියන්න බැරි වචනවලින් මට තර්ජනයක් කරලා තියනවා. මේ බෑන්ඩ් එකේ වැඩිම බර ඇද්දෙ මම. සම්පූර්ණ ස්ටුඩියෝ එක මගේ... එයාලා කළේ සින්ග් කරන එක විතරයි...'