'එයා (මගේ කම්මුල ඉඹිමින්) මම ඔයාට ආදරෙයි! (නිළියෝ-ගැහැනු කය නැත්නම් ඩිරෙක්ටර්ලා කරයි --ම්තේ ෆිල්ම්!): අනෝමා ජනාදරී, සිය හිටපු සැමියාගේ (හඳගම) රෙදිපිළි ප්‍රසිද්ධියේ ගළවයි!

MonaraMonara

'එයා (මගේ කම්මුල ඉඹිමින්) මම ඔයාට ආදරෙයි! (නිළියෝ-ගැහැනු කය නැත්නම් ඩිරෙක්ටර්ලා කරයි --ම්තේ ෆිල්ම්!' Anoma Janadare

'තනි තටුවෙන් පියාඹන්න' හි 'පූර්ණ නිරුවත' පෙන්වූ 'සිංහල සිනමාවේ' විප්ලවකාරිය වූයේ ඇය යි. (ඒත් ඈ සිනමාවට විතරක් ඒ 'විප්ලවය' සීමා කළේ නෑ...)

'සිනමා'වෙන් නොනැවතී 'පුද්ගලික කෝන්තර' ඇතුළතත් 'විප්ලව' කරන්නට යෙදුණු 'ජනාදරී', අවසානයේ තම 'ගැහැනු ශරීරය' විකුණන් කෑ බැව් කියමින් 'අශෝක හඳගම' අධ්‍යක්ෂවරයා (තනි තටුවේ කතා අයිතිකාරුවා) හා 'විවාහය'ට ද 'නැවතීමේ තිත' තැබුවා.

Anoma Janadare FB PageAnoma Janadare FB Page

අහ්හ් මේ අපගේ නැහැයට ලං වන්නේ ඔහුගේ නිර්මාණ භාවිතාවේ ශ්‍රී දුර් ගන්ධයක්මැයි Anoma Janadare FB Page

සිය 'පුනරුක්ති' වැනි කෘති හරහාත් 'හඳගම'ට හා පවුලේ උදවියට දෙවරක් නොහිතා 'පහර දෙන්නත්' ඇය ක්‍රියා කරලා තිබුණා. (ඒවට ඈ ට පිළිතුරත් නොලැබුණා නෙවෙයි...)

සිය 'පුද්ගලික කෝන්තර' ප්‍රසිද්ධියේ ලියන අනෝමා මෑතක 'ශලනි තාරකාගේ' විවාහය ගැනත්, ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණා. (ඈ කියන විදිහට ශලනි 'පැරෂුට්කාරියක' මිසක රංගනය යන්තම් හෝ හැදැරූ ශිල්පිනියක් නොවේ...)

Anoma Janadare FB PageAnoma Janadare FB Page

ඔය වගේ වහල් නින්දිත වැඩ කරන්න එපා යකුනේ...වඩා දක්ෂයින්ට තැන දීපල්ලා. Anoma Janadare FB Page

මේ සටහන ලියන්නට 'අලුත්ම හේතුව' වූයේ ඇය නැවත වතාවක් 'හඳගම'ට ප්‍රහාර දියත් කොට තිබීමයි.

සිය මුහුණූ පොත හරහා සටහනක් පළ කරමින්, 'හඳගම' විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු 'ඇල්බොරාදා' චිත්‍රපටයට 'ජනාදරීය' මෙසේ ප්‍රහාර දියත් කොට තිබුණා.

Anoma Janadare FB PageAnoma Janadare FB Page

අවසානයේ අගැයුම් ලද සහය නිළිය වෙතට එළඹෙමින් මම ඇයට සුරත දිගු කළෙමි.. Anoma Janadare FB Page

'ඇල් බොර දිය කියන්නේ නොබෙල් සම්මාන දිනපු කවියෙක්ව ස්ත්‍රී දුෂිතයෙක් බවට පත් කරන්න පජාති උත්සාහයක් ගත්තු චිත්‍රපටයක්!

නෙරුදාට කළ ඒ අවමනට සිනමාකරුවාට වන්දි ගෙවන්න සිද්ධ වුණේ ජීවිතයෙන්...සිනමා කරුවාගේ අධෝ මුඛයෙන් පිටවන වේරම්භ වාතයට ඉව අල්ලන අවිචාර බුද්ධි විහීන විනිසුරුවන් පිරිසක්

"...අහ්හ් මේ අපගේ නැහැයට ලං වන්නේ ඔහුගේ නිර්මාණ භාවිතාවේ ශ්‍රී දුර් ගන්ධයක්මැයි - එයම වේ අපගේ නිර්මාණකරණයේ ආභාසය...සුගන්ධය..." කියමින් ඔහුගේ කෘතියට අන් කෘති පහතට හෙළා ප්‍රශස්ථ ලකුණු දුන් අතර විකෘතකර හේතු පාඨයක් කියවූ තැනැත්තියක් මෙවර සම්මානය 'සොරකම් නොකරණ අධ්‍යක්ෂකවරයෙකුටයි...' කියමින් පාරම් බෑවාය.අනතුරුව ඇය සිනමාකරුවාගේ දෙපා අභියසටම ගොස් සම්මාන ප්‍රදානය කළාය ....(ඇත්තටම ඇය කී පරිදි අන් සිනමා කරුවන් සියල්ල සොරකමේ යන සිනමා කරුවන් ද...?)

මේ අතර සම්මාන ප්‍රදානයේ වැඩ සිටියවුන් මා දෙස නෙත් කොණින් බලා සිටියේ මම කුමක් හඟිනවා දැයි විමසමින් ය...

අවසානයේ අගැයුම් ලද සහය නිළිය වෙතට එළඹෙමින් මම ඇයට සුරත දිගු කළෙමි..

මම : සුභ පැතුම්..!

ඇය : (මගේ කම්මුල ඉඹිමින් ) මම ඔයාට කැමැතියි..මම ඔයාට ආදරෙයි...

(නිළියෝ-ගැහැණු කය නැත්නම් ඩිරෙක්ටර්ලා කරයි හු** ෆිල්ම්...)

ප.ලි. මල හෝන්තුවක් මැදින් ගියා පින්තුරය කැත වුණා.' (අනෝමා ජනාදරීගේ මුහුණු පොතේ පළ වූ සටහනක්...)

Anoma Janadare FB PageAnoma Janadare FB Page

විරල සිදුවීමක් නිසා මම මේ නළුවා රඟපෑ 'ප්‍රාණ' චිත්‍රපටය බලන්න පෙළඹුණා. Anoma Janadare FB Page

මේ සටහනින් අනතුරුව ඇගේ තවත් සටහනක් 'ඇහැ' ගැටුණා. (ඒ සටහනත් 'ඇල්බොරාදා' ගැනමයි!)

'Trae Hicks ; Best Actor - විරල සිදුවීමක් නිසා මම මේ නළුවා රඟපෑ 'ප්‍රාණ' චිත්‍රපටය බලන්න පෙළඹුණා. මුළින්ම මම මේ නළුවාටත් රඟපෑමටත් සුභ පතනවා.

ඔබත් මේ චිත්‍රපටය නරම්බන්නම ඕනේ..ඉන් පසුව ඔබ සංසන්දනාත්මකව 'අලබොරදා'නරඹන්න ඕනේ....ඔබ තීරණය කරාවි වඩාත් ප්‍රශස්ථ චිත්‍රපටය හරියටම මොකක් ද කියලා...

විනිසුරු මඬුල්ල 'අලබොරාදා'වහල්ලු ටිකක් නිසා කූට උපක්‍රමයක් මෙහි දී පාවිච්චි කරනවා. ඒ තමයි අවශේෂ සම්මාන 5ක් 'ප්‍රාණ'චිත්‍රපටයේ ඇඟේ ගහලා ප්‍රධාන ධාරාවේ සම්මාන වහල් හිමියාට පිරි නමන්න නිර්දේශ කරනවා.

මේ වහල්ලු කැමැති නම් මම කැමැති මේ දුෂිතයින් එක්කලා පසු විපරම් විචාරයකට එළඹෙන්න.

ඔය වගේ වහල් නින්දිත වැඩ කරන්න එපා යකුනේ...වඩා දක්ෂයින්ට තැන දීපල්ලා.තොපි කරණ තක්කඩි වැඩ කවදා හරි තොපිටම කැරකිලා එන බව මතක තියා ගනිල්ලා.

(සංජය නිර්මාල්,ඔබට ඇත්තේ හිත හදා ගැනීමට පමණයි !)' (අනෝමා ජනාදරීගේ ෆේස්බුක් සටහනක්...)

මින් ඉහත 'චිත්‍රපට කතාව' ගැන බොහෝමයක් 'සටහන් කෙරුවා' වුණත්... ජනාදරීගේ 'සැර මඩ ප්‍රහාර'වලට 'හඳගම' නැවත වතාවක් පිළිතුරු ලියාවී කියලා හිතන්න අමාරුයි. (ඒත් ඔහු නොකර ඉන්න එකකුත් නෑ සමහර විට...)