'මොන ---ක්ද? එහෙම පුළුවන් ද අඩෝ කාර්වලින් පනින්න?','මල්ලි මම කාර් එක ගත්තෙ උඹේ සල්ලිවලින් නෙවි!': විශ්ව ලංකාට පහරදීමක්? යතුරුපැදි වලින් කොල්ලො සෙට් එකක්ම ඇවිත්! 'වාහනේ හරස් කරලා උන් කෑගැහුවා!!'

MonaraMonara

'මොන ---ක්ද? එහෙම පුළුවන් ද අඩෝ කාර්වලින් පනින්න?','මල්ලි මම කාර් එක ගත්තෙ උඹේ සල්ලිවලින් නෙවි!' Wishwa Lanka

'විශ්ව ලංකා' කියන්නෙ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස 'දැන අඳුනගන්නවා' වුණත්, ඔහු එයිනුත් නොනැවතී 'නිවේදන ශිල්පියෙක්' ලෙසත් ප්‍රේක්ෂක ඔබට සමීප වෙනවා.

'විශ්ව' පසුගිය අරගල සමයේ මෙන්ම ඉන් පෙරදිත් සිය 'ෆේස්බුක්' ගිණුමේ 'ලයිව් වීඩියෝ' පළ කරන කෙනෙක් හැටියට ප්‍රසිද්ධයි.

එසේ 'පළ කෙරූ' ඔහුගේ ඇතැම් වීඩියෝ මහත් ආන්දෝලනයට ලක් වූ බැව් ද රහසක් නෙවෙයි.

Wishwa LankaWishwa Lanka

අතේ හෙල්මට් පවා තිබුණා. මම අනුමාන කළා එයාලා යතුරුපැදි වලින් එන්න ඇත්තෙ කියලා. Wishwa Lanka

ඊයේ දිනයේ දී 'විශ්ව ලංකා' ඔහුගේ ෆේස්බුක් ගිණුමට‌ නවතම 'වීඩියෝවක්' එක් කර තිබුණා.

ප්‍රසංගයක් නිමවී යන අතරතුර දී තමන්ට 'පහර දීම' ට පිරිසක් උත්සාහ කළ බැව් ඔහු ඔහු වීඩියෝව හරහා හෙළිදරවු කර තිබුණා.

'හරි අපූරු කතාවක් කියන්න මම මේ වීඩියෝ එක කරන්නෙ. ඊයේ මම සංගීත ප්‍රසංගයකට සහභාගී වුණා. ප්‍රසංගයේ වැඩ කටයුතු අවසන් කරලා මම එන්න පිටත් වෙනකොට සෑහෙන අධික සෙනඟක් හිටියා. මම හිමීට එනකොට මඟ හරස් කරන් හිටියා කොල්ලො සෙට් එකක්. අතේ හෙල්මට් පවා තිබුණා. මම අනුමාන කළා එයාලා යතුරුපැදි වලින් එන්න ඇත්තෙ කියලා.'

Wishwa Lanka FBWishwa Lanka FB

අපේ රටේ සෑහෙන පිරිසක් ඉන්නවා, කෙනෙක්ගේ දියුණුව බලන් ඉන්න බැරි උන්... Wishwa Lanka FB

'මගේ වාහනේ හරස් කළා. මම හෝන් කළා, ඉවත් වුණේ ම නෑ. පස්සෙ කොල්ලො සෙට් එකක් අයින් වුණා. එක කොල්ලෙක් අයින් වුණේ නෑ. ඌ මොන ---ක්ද? එහෙම පුළුවන් ද අඩෝ කාර්වලින් පනින්න ෂෝවලට කියපා, කෑ ගැහුවා. අනිත් අය ඒ කොල්ලව ඇදලා ගත්තා.'

'ඇත්තටම මම මගේ මෝටර් රථය ගත්තෙ ඒ මල්ලිගේ සල්ලිවලින් නෙවෙයි. ඒකට ගහන පෙට්‍රල් මගේ නම් වාහනෙත් මගේ නම් ප්‍රසංගයට සහභාගි වුණු එක වරදක්ද? මචං... කාලකණ්ණි වෙන්න එපා. මම මේ කියන්නෙ සමස්තයට නෙවෙයි. අපේ රටේ සෑහෙන පිරිසක් ඉන්නවා, කෙනෙක්ගේ දියුණුව බලන් ඉන්න බැරි උන්....'