'අමල් ගැන ගොඩක් ගෑනූ මට මේ කතාව කියලා තියනවා, ගෑනුන්ට ඉන්නම බෑ! මේ ළඟදිත් අමල් කෝල් කරලා මට බැන්නා!': අමල් පෙරේරාට සැර වැඩි ප්‍රහාරයක්? ඒක ලොකු එනර්ජි එකක්!
'අමල් පෙරේරා'ව ගොඩක් දෙනෙක් දැන අඳුනගන්නෙ 'රියලැටි තරග විනිසුරුවරයෙක්' විදිහට. (ඒ නමුත්... ඒ අද ඊයේ දවසක නෙවෙයි....)
අනිත් අතට... අමල් කියන්නෙ 'මර්වින් පෙරේරා'ගේ 'පුතා' කියන්නත් ගොඩක් අය දන්නෙ නැහැ.
'අමල්' ඉන් එහා 'සෝශල් මීඩියා' ඇතුළේ 'ජනප්‍රියතමයා' නොවුණත් වරින් වර 'මාධ්‍ය' තුළින්ම 'අමල් පෙරේරාව', ජනප්‍රියතම 'අයිතමය' බවට පත් කර තිබුණා.
'කැස්බෑවෙකුගේ' (ඇත්තටම ඒ සුදු කැස්බෑවෙක්) සිදුවීම එහෙම් පිටින්ම 'අමතක' වුණාට පස්සෙ, ආයෙම වතාවක් 'අමල් පෙරේරා'ව ඩුබායිවලදි පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.
අනතුරුව ඒ 'ජනප්‍රියතමයා' සුනු විසුනු කර දමන්නට මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සමාජ මාධ්‍යත් කටයුතු කරන්න ගන්නවා.
නමුත්... අමල් මේ හැම දේකටම 'නෙහෙල්වී' ඉන්න පටන් ගන්නවා. (ඒ කියන්නෙ එයා ඒ දේවල් තඹ සතේකට මායිම් නොකර ඉන්නවා!!) කොයි තරම් 'සැර කුණාටුවක්' වුණත් ඒ දේ තමන්ට 'අයිති' නෑ කියලා අමල් අදහන්න ගන්නවා. ටිකෙන් ටික...... බොහෝම කෙටි කාලයකින්..... අමල් මේ හැමෝම 'අදහන්න ගන්න එකෙක්' වෙනවා. (අර පතුරු හැරි මාධ්‍යයම අමල්ව 'ලක්ෂ ගණනකට' ලංසු තියනවා!!)
අමල්ට තිබුණා 'විශ්මිත' හැකියාවක්. ඉන් එහා ක්ෂේත්‍රය ඇතුළේ වුණත් අමල් බොහෝම 'නිහතමානී එකෙක්' විදිහට පිළිගන්නවා. සංවිධායකතුමන්ලා එහෙමත් 'අමල්'ව තමන්ගේ 'ප්‍රියතම' ලැයිස්තුවේ තියාගෙන ඉන්න හේතු තියනවා.
'අමල්' ගැන අලුත්ම කතාව ලියලා තිබුණේ චින්තා. (චින්තන ධර්මදාස...) පහළින් තියෙන්නෙ ඒ කතාව. (ඒක වරුණාවකට එහා ගිය කතාවක්........................)
'අර ඉමොරිච් එකෙන් අමල් පෙරේරා සහ ලන්ත්‍රා එක්ක කරපු වැඩසටහනේදි ස්ටෙෆනි අමල් ගැන ලස්සන කතාවක් කියනවා. ' මං ඔයත් එක්ක වැඩිය කතා කරලා නෑ. ඒත් අද ඔයා මුනගැහුනම දැනෙනවා ඔයා ගාව පුදුම ඕරා එකක්. හරිම එනර්ජි එකක් ෆීල් වෙනවා ඔයා ළග ඉන්නකොට. ඔයා හරියට බැට්රි එකක් වගේ'
මේ ස්ටෙෆනි කියන්නෙ අමල්ගෙ තියෙන සෙක්ෂුවල් එනර්ජි එක ගැන. අමල් ගැන ගෑණු ගොඩක් මට මේ කතාව කියලා තියෙනවා. මං හිතන්නෙ අමල් පෙරේරා කියන්නෙ ඒ ඇල්ෆා මේල් ස්වභාවික ලිංගික බලයෙන් උතුරා යන කැරැක්ටර් එකක්. අමල් සිංදු කියනවා ඇහෙද්දි ගෑනුන්ට ඉන්න බැරි වෙනවා. ස්‍ටෙෆනි ලංකාවෙ ගොඩක් ගෑනු වගේ හංගන්නෙ නැතුව එයාට දැනෙන දේ විවෘතව කියනවා. ඇත්තටම ඒ වැඩසටහනේ අමල් ඉන්නෙ ලොකු එනර්ජි එකකින් පිරිලා.
මේ ළගදිත් අමලා කෝල් කරලා මට බැන්නා. මගේ පොතක ඌ සිංදු කියනවා හරි නෑ කියලා ලිව්වා කියල. මං උගෙන් සමාව ඉල්ලුවා. ප්‍රබන්ධ ඇතුලෙ මගේ යාලුවො maranna, උන් ගැන කැත කතා ලියන්න මං ආසයි. ඇත්ත ලෝකෙ උන් මගේ යාලුවො වුනාට ප්‍රබන්ධ ලෝකෙ උන් මගේ හතුරො. ඒක ඉතිං අමලාට කියලා තේරුමක් නෑ.
මේ මෑතක ඉඳන් මං ආසාවෙන් බලාගෙන ඉන්න තවත් දෙයක් තමයි වයස්ගත මිනිස්සු ලස්සන තරුණ කෙල්ලො ඉස්සරහ ජීවයෙන් උතුරා යන හැටි. තරුණ කෙල්ලන්ගෙන් වයසක පිරිමින්ට ලොකු එනර්ජි එකක් ගලනවා. නිකං පුටුවක වැටිලා හිටපු නාකි අවදි වෙලා එනවා. ඒ නාකින්ගෙ තරුණ කාලෙ තිබුනු ආලෝකය ආපහු ඇස්වලට එනවා.
මං හිතන්නෙ කිසිම ෆිල්ටර් එකක් නැතුව වයස්ගත වෙද්දි සෙක්ෂුවල් එනර්ජි එක අමුවෙන් අපිට වදිනවා. තරුණ කාලෙදි ගොඩක් ඩිස්ට්‍රැක්ෂන්ස්. තෝරාගැනීම් වැඩියි. වයසත් එක්ක කාලය විසින් තෝරාගැනීම් කොහොමත් අවම කරනවා. තාරුණ්‍යයේ අංශුමාත්‍රයකින් අපිව උතුරා යනවා. ඒක හරිම ලස්සන ජීව සම්බන්ධයක්. මේක ඒ තරුණිය සමග ඍජුව යහන්ගත වීමේ ආශාවක් නොවෙන්න පුළුවන්. ඒත් ඒ තරුණිය අවට ගැවසෙන්න, විහිලුතහලු කරන්න, නිතර එයාගෙ නම කියලා කතා කරන්න ආදී වූ හරිම සරල තැන්වල සිද්දවෙන සුන්දර ශක්ති හුවමාරුවක්. (අනිවාර්යෙන් යහන්ගත වෙන්න තිබුනා නම් ඒ ශක්තියෙන් මේ නාකින් පුපුරා යන්න ඉඩ තියෙනවා)
සෙක්ස් කියන්නෙ එහෙම දෙයක්. ජීවිතේ අන්තිම කාලෙදි අවශ්‍යම නමුත් වැඩියෙන්ම මගහැරෙන දෙයක්.' (චින්තන ධර්මදාසගේ ෆේස්බුක් සටහන..)